Posts

Showing posts from March, 2021

"ම්‍යන්මාවේ වීදි වල මමත් දණ ගසාගෙන ඉන්නවා" සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබීම වැලැක්වීම සඳහා එරට පාරේ දන ගසාගත් කන්‍යා සොයුරිය සිහිපත් කරමින් සුදොතුම් පියතුමා කියයි; "සාමාන්‍ය වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය එපා!"

Image
Pope Francis : “I too kneel on the streets of Myanmar” (2020 මාර්තු 28) ම්‍යන්මාවේ සාමාන්‍ය ජනතාවට එරෙහිව එල්ල කෙරෙන  ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් අයාචනා කරයි.  "සිය දේශයට යළිත් බලාපොරොත්තුව දැල්වීම සඳහා පෙරමුණ ගෙන සිටින්නන් ගේ, විශේෂයෙන් තරුණයන් ගේ, ජීවිත අහිමි වීමේ ඛෙද ජනක තත්වය කෙරෙහි වහාම අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දැඩි වේදනාවෙන් යුතුව මම යළිත් සිහිපත් කරමි" යි එතුමා ප්‍රකාශ කරයි.  "මම ද ම්‍යන්මාවේ වීදි වල දණ ගසාගෙන මෙසේ කියමි: ප්‍රචණ්ඩත්වය නවත්වන්න! මම ද මගේ දෑත් දිග හැරගෙන මෙසේ කියමි: සංවාදයට ඉඩ දෙන්න!"  ඈන් රෝසා නූ ත්වාන් ඇතුළු කන්‍යා සොයුරියන් ගේ ධෛර්යය  එතුමා මේ ප්‍රකාශය කළේ ම්‍යන්මාවේ කන්‍යා සොහොයුරියන්  තිදෙනෙකු එරට වීදියක දී දැක්වූ  ක්‍රිස්තියානි එඩිතර කම සිහිපත් කරමින් සහ එම කන්‍යා සොහොයුරියනට සිය අනුමැතිය, ධෛර්යය  සහ සමීපත්වය ප්‍රකාශ කරමිනි.  සිද්ධිය සිදු වූයේ පෙබරවාරි 28 වැනිදා එරට කචින් පළාතේ අගනුවර වන ම්යිට්ක්යිනා නගරයේ දී ය. මිලිටරි කුමන්ත්‍රණ ජුන්ටාවට  එරෙහිව සහ යළිත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන ලෙස ඉල්ලා එම

වතිකානයේ කාදිනල් හිමි වරුන් ඇතුළු විධායක ශ්‍රේණි වල වැටුප් 10% දක්වා කපා හැරේ; කෝවිඩ් මුල්‍ය අර්බුදය තුළ හිහි සේවක රැකියා ආරක්ෂා කර ගැනීමේ වෑයමක්

Image
Pope approves pay cuts for Vatican Cardinals and the top Vatican officials; lay employees at lower pay grades exempted from pay cuts  සාන්ත පීතර බැසිලිකාවේ දසුනක්  (2021 මාර්තු 25) වතිකානයේ වියදම් අඩුකර ගැනීම සහ ගිහි සේවක සේවක සේවිකාවන් ගේ රැකියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වතිකානයේ ඉහළ කළමනාකාරීත්වයේ  වැටුප් අඩු කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුමැතිය ලබා දී තිබේ.  එක් අතකින් වතිකානයේ වියදම් වැඩි වෙමින් තිබුණු අතර කෝවිඩ් වසංගතය හේතුවෙන් ඊට විවිධ මාර්ග වලින් ලැබෙන ආදායමද කැපී පෙනෙන ලෙස අඩු වෙමින් තිබේ. මේ හේතුවෙන් වතිකානය මූල්‍ය අභියෝගයකට මුහුණ දී සිටියි. එය අර්බුදයක් වීම වැලැක්වීම සඳහා විවිධ පියවර යෝජනා වී තිබිණ. ඒ අතරින් විශේෂයෙන් වතිකානයේ සේවය කරන ගිහි සේවක සේවිකාවන් ගේ රැකියා අහිමි නොකෙරෙන් ආකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනීමට සුදොතුම් පියතුමා තීරණය කර තිබේ.  ඒ අනුව වතිකානයේ සේවාව කරන කාදිනල් හිමිවරුන් ගේ වැටුප සියයට 10 කින් ද, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගේ සහ ලේකම් වරුන් ගේ වැටුප සියයට 8කින් ද කපා හැරේ. ශුද්ධාසනයේ සේවාව කරන පුදැදුරු වරුන් සහ පැවිදි වරුන් ගේ වැටුප් කපා හැරීම සියයට 3කි.

"වනාන්තර විනාශ කිරීම පාපයක්. පරිසර විනාශය හමුවේ නිහඬව සිටීම ඊටත් වඩා බරපතල පාපයක්. නිවට කමක්." - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා

Image
"Destruction of forests is a sin - cowardice in defending nature is a graver sin” - Pope Francis  ලංකාවේ වැනැසෙන වනබිම්  (2021 මාර්තු 17) වනාන්තර විනාශ කිරීම "පාපයක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලිව කියා සිටියේ ය. එතුමා මේ බව කියා සිටියේ 2014 ජූලි 14 වන දා ඉතාලියේ කැම්පොබස්සෝ හි මොලීස් විශ්ව විද්‍යාලයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාව සහ  ලෝක කම්කරු සහ කර්මාන්ත නියෝජිතයන් සමග පැවතී හමුවක දී ය.  එතුමා එහි දී මෙසේ කීවේ ය.  "භුමිය ආරක්ෂා කිරීම සම්බන්ධයන් දැක්වූ අදහස් සමග මම එකඟ වෙමි. භූමිය සුරාකෑමෙන් තොරව ඵල දරනු සඳහා එය සුරක්ෂිත කළ යුතු ය. අපගේ  යුගයේ අප ඉදිරියේ තිබෙන එක් අභියෝගයක් නම් මෙයයි: එනම් මැවිල්ලට ගරු කරන සංවර්ධන ක්‍රම වේදයක් වෙත යොමු වීමයි. එහෙත් කනගාටුදායක ලෙස මගේ මව් බිම වන ඇමෙරිකාවේ පවා, වනාන්තර කපා දමමින් තිබේ. එයින් පසු ඉතිරි වන භුමිය වගා කළ නොහැකි, ජීවිතය හට නොගන්නා බිමක්  බවට පත් වේ. මෙය පාපයකි. භුමිය සූරා කෑම පාපයකි." වනාන්තර කපා දැමීම එක් පාපයකි. එසේ ම සංවර්ධනයේ නාමයෙන් වනාන්තර හෙළි කරමින් ඒවායේ පරිසර විද්‍යාත්මක තුලනය සහ ජෛව විවිධත්වය වනසනු

"සභාවට සමරිසි සමවායන් ආසිරි ගැන්වීම කළ නොහැකියි" - වතිකානය යළි අවධාරණය කරයි; "එහෙත් සමරිසි නැඹුරුවක් ඇත්තන් කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව කතෝලික සංඝයට උණුසුමින් පිළිගත යුතුයි"

Image
"The Church cannot bless same-sex unions," Vatican reiterates; "Same sex persons must be welcomed with respect, compassion, and sensitivity avoiding all unjust discrimination” it adds (2021 මාර්තු 16) සමරිසි සමවායන් ('විවාහ') ආසිරි ගැන්වීමේ  බලයක් කතෝලික සංඝය සතුව නොමැති බව වතිකානය ඉකුත් දා යළිත් අවධාරණය කළේය. එබැවින් එවැනි යුවල් ආසිරි ගැන්වීම් "නීත්‍යානුකුල බවට නොපිළිගත හැකි බව"  සභා ඉගැන්වීම් පිලිබඳ ඉහළම ආයතනය මාර්තු 15 වන සඳුදා විශේෂ ලියැවිල්ලක් නිකුත් කරමින් කියා සිටියේ ය.  මෙම විශේෂ ලියැවිල්ල නිකුත් කරන ලද්දේ වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදය  විසිනි. එම පර්ෂදයේ ප්‍රධානී ජේසු නිකායික ලුයිස් ලදරියා කාදිනල් හිමි සහ ලේකම් ජියාකොමෝ මොරන්දි අගරදගුරු හිමි ඊට අත්සන් තබා තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම නිර්දේශ පරීක්ෂා කළ අතර එතුමා ඊට සිය අනුමැතිය දානය කල බව ද එම නිවේදනය සඳහන් කරයි.   මෙම පැහැදිලි කිරීම නිකුත් කරන ලද්දේ මෙම සිරිත සම්බන්ධයෙන් විශ්වාස ධර්ම පර්ෂද කාර්යාලය වෙත යොමු කර තිබූ ප්‍රශ්නයකට  ( dubium ) ප්‍රතිචාරයක් ( responsum ) වශයෙන් බව එම

"එක කතෝලිකයෙක් එක ගහක්" - බංගලි දේශ රදගුරු මණ්ඩලය "වේ ප්‍රශංසා" දැක්ම ඔස්සේ පරිසර සංරක්ෂණ මෙහෙයුමක් අරඹයි

Image
Bangladesh Bishops launch a  Laudato si’ drive: “One Catholic One Tree” බංගලි දේශ රදගුරු හිමි වරුන් පැල සිටුවීම අරඹමින්  (2021 මාර්තු 10)  බංගලි දේශ කතෝලික සංඝය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ "ප්‍රශංසා වේ" විශ්ව ලේඛනයට ප්‍රතිචාරයක් ලෙස කතෝලික ප්‍රදේශ පුරා ගස් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. "මැවුම්කරුවාණන්, මැවිල්ල සහ මානව ප්‍රජාව සමග තමන් සතු සම්බන්ධය ශක්තිමත් කිරීම" සඳහා සියලු විශ්වාසිකයන් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව එරට පැට්‍රික් ද රොසාරියෝ කාදිනල් හිමි පවසයි.  ගස් සිටුවීමේ ව්‍යාපාරය සංවිධාන  කරන්නේ බංගලි දේශ කතෝලික රදගුරු සමුළුවයි. ඪකා හි විශ්‍රාමලත් අගරදගුරු ද රොසාරියෝ කාදිනල් හිමි ඊට නායකත්වය දෙයි.  ගස් සිටුවීමේ ව්‍යාපාරය ඪකා අගනුවර පිහිටි රදගුරු සමුළු කේන්ද්‍රයේ භූමි භාගයෙන් ආරම්භ විය. රදගුරු සමුළු සාමාජිකයන් ගේ ද සහභාගීත්වයෙන්  පැල තුනක් එහි සිටුවමින් බංගලි දේශ කාදිනල් හිමි ව්‍යාපාරයට මුල පිරුවේය.  “One Catholic One Tree” හෙවත් "එක කතෝලිකයෙක් එක ගසක්' යන්න පැල සිටුවීමේ ප්‍රයත්නයේ තේමාවයි. මෙහි අරමුණ අවම වශයන් එක කතෝලිකයකු එක පැලයක් වත් සිටුවීමට

සුදොතුම් පියතුමා ආදි පිතුරු ආබ්‍රහමුන් ගේ ගමට; ආබ්‍රහම් ගේ දරුවෝ මුණගැසෙති; එක්ව යදිති."වෛරය සිත් දොරකඩ සිට තට්ටු කරන විට අහස දෙස බලන්න. තාරකා දෙස බලන්න. අපි ඔක්කොම නෑදෑයෝ බව මතක් කර ගන්න" - ජුදෙව්, කිතුනු, මුස්ලිම් ආගමිකයන්ගෙන් ඉල්ලා සිටියි

Image
Holy Father meets with interreligious representatives in Iraq: "Let us not allow the light of heaven to be overshadowed by the clouds of hatred!"  (2021 මාර්තු 7) "දරුණු ම දේව අපහාසය වන්නේ අපගේ සහෝදර සහෝදරියනට වෛර කිරීම මගින් උන්වහන්සේ  ගේ නාමය කෙලෙසීම බව ලෝකයට එකාවන්ව පෙන්වා දෙමු"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආබ්‍රහමික ආගම් තුනේ ජනතාව ගෙන් ඉල්ලා සිටියි."එදිරිවාදිකම, අන්තවාදය සහ හිංසනය ආගමික හදවතකින් උපත  ලබන්නක් නොව  ආගම පාවා දීමක්" බව ද එතුමා අවධාරණය කරයි.  ආදි පිතුරු ආබ්‍රහමුන් සේ 'අහසට නෙත් ඔසවා, ඔහු දුටු  තාරකාම දැක, ඒවායේ රැඳී ඇති පොරොන්දුව දෙසම අවධානය යොමු කරමින්' එක පියෙකුගේ දරු කැල සේ සාමයේ ගමනක් ආරම්භ කරමුයි එතුමා  ආබ්‍රහමික විශ්වාසිකයන් ට අභියෝග කරයි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශසනය කළේ ඉරාකයේ ඉපැරැණි කැල්ඩියානු ඌර් තැන්නේ දී ආබ්‍රහමික ආගම් වල නියෝජිතයන් කණ්ඩායමක්  මුණ ගැසුණු අවස්ථාවේ  දී ය.   ආබ්‍රහමික ආගම් යනු ආදී පිතුරු ආබ්‍රහම් සිය ආදි පියා ලෙස සලකන ජුදෙව්, ක්‍රිස්තියානි  සහ මුස්ලිම් ආගම් අදහන ජනතා ව ය. ශුද්ධ බයිබලය ඊසාක්

සුදොතුම් පියතුමා ඉරාකයේ ඓතිහාසික සංචාරය අරඹයි: "ආගමික, සංස්කෘතික සහ ජනවාර්ගික විවිධත්වය මුලිනුපුටා දැමිය යුතු බාධාවක් නොව ප්‍රයෝජන ගත යුතු නිධානයකි."

Image
Ethnic diversity: a precious resource to be drawn on, not an obstacle to be eliminated - Holy Father begins his Historical Apostolic Visit in Iraq   (2021 මාර්තු  5) "සාමය,සහෝදරත්වය සහ සමගි සන්ධානය සොයා යන වන්දනාකරුවකු" ලෙස ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා සිය ඓතිහාසික ඉරාක අපෝස්තලික චාරිකාව ආරම්භ  කරයි.  සුදොතුම් පියතුමා රැගත් අලිතාලියා ගුවන් යානය බැග්ඩෑඩ්  ගුවන්තොටුපොළට මාර්තු 5 වැනිදා උදාසන ළගාවිය. ඉරාකයේ ක්‍රිස්තියානි ඉතිහාසය ක්‍රි.ව. 1 වැනි සියවස දක්වා දිවෙයි. එහෙත් ප්‍රැන්සිස් සුදතුම් පියතුමා එරටට සැපත් වුයේ ඉරාකයට පැමිණි ප්‍රථම පාප් වහන්සේ ලෙසය.මෙම සිව්  දින අපෝස්තලික චාරිකාව තුළ  එතුමා ඉරාකයේ ඓතිහාසික, කිතුනුවන්ට වැදගත් වන, එසේම ISIS කුරිරු ආක්‍රමණ සමයේ විනාශ කරන ලද නගර 6ක සංචාරය කිරීමට නියමිතයි.  සුදොතුම් පියතුමන් ගමන් ගත්  ගුවන් යානයේ සිට ඉරාකයේ එතුමා යන සෑම  ස්ථානයකම කෝවිඩ්  ආරක්ෂණ ක්‍රම වේද  නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. එතුමා සහ  එතුමා සමග යන කණ්ඩායම මෙන් ම  ජනමාධ්‍ය වේදී   කණ්ඩායමට ද කෝවිඩ් එන්නත ලබාදී ඇත. මුහුණු ආවරණ පැළඳීම  සහ සමාජ පරතර නිර්දේශද අ

සමගි සන්ධානයේ සක්‍රමේන්තුවේ ගැඹුරු ආනන්දය අලුතින් අත්දකිමු: සුදොතුම් පියතුමා මාර්තු මස සසුන් පිය යැදුම් අදහස ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියි

Image
Pope's prayer intention for March: That we may experience the Sacrament of Reconciliation with renewed depth (2021 මාර්තු 3) සමගි සන්ධානයේ සක්‍රමේන්තුව හෙවත් පාපොච්චාරණ දේව ප්‍රසාද නිධානය තුළ අන්තර්ගත ආත්ම නවෝදයේ සෞන්දර්යය යළි සොයා ගන්නැයි සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන සියලු කතෝලික ජනතාව ගෙන් ඉල්ලයි.  එසේ ම, "පියාණන් ගේ දයා කරුණාවේ සාක්ෂි කරුවන් වන්නැ"යි ලොව පුරා සිටින සියලුම කතෝලික පුදැදුරු වරුන්ගෙන් එතුමා ඉල්ලා සිටියි. පාපොච්චාරණ හෙවත් සමගි සන්ධාන ආසනය "හිංසන මැදිරියක්" කර නොගන්නා ලෙස ද එතුමා පුදැදුරු වරුනට යළිත් උපදෙස් දෙයි. සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කරන්නේ මාර්තු මාසය සඳහා සිය යැදුම් අදහස් ඇතුළත් 'සසුන් පිය වීඩියෝව' නිකුත් කරමිනි. එතුමන් ගේ මාසික යැදුම් අදහස අන්තර්ගත සසුන් පිය වීඩියෝව සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසින් ඉකුත් දා නිකුත් කෙරිණි.  2021 මාර්තු මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම්  අදහස "සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය නැවුම් ගැඹුරකින් අත්දකින ලෙසත්, දෙවියන් වහන්සේ ගේ අනන්ත වූ දයාව සහ සමාව රස බලන  ලෙසත් යාච්ඥා කර