ගිහියා, පවුල සහ ජීවිතය වෙනුවෙන් නව වතිකාන දෙපාර්තමේන්තුවක්

A new Vatican office created, combining laity, family and life issues 


(2015 ඔක්තෝබර 23) 
ගිහියා, පවුල සහ ජීවිතය වෙනුවෙන් නව වතිකාන කාර්යාලයක් පිහිටුවීමට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. මෙම කාර්යාලයට රෝම ක්‍යුරියාව තුළ පවතින දෙපාර්තමේන්තුවක (Dicastery ) බලතල හිමිවනු ඇත. ඔක්තෝබර 22 වන බ්‍රහස්පතින්දා රදගුරු සිනොඩ් කතිකා සැසිය ආරම්භයේ පාප් වහන්සේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ.

"ගිහියා, පවුල සහ ජීවිතය යන කරුණු සඳහා නීත්‍යනුකුල බලය සහිත  දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට මා තීරණය කර තිබෙනවා. මේ නව දෙපාර්තමේන්තුව මගින් දැනට පවතින ගිහියා සඳහා වූ ශුද්ධාසන මන්ත්‍රණ සභාව සහ පවුල සඳහා වූ ශුද්ධාසන මන්ත්‍රණ සභාව ප්‍රතිස්ථාපනය කරනු ඇති" යි සුදොතුම් පියතුමා දැනුම් දුන්නේ ය. මීට අමතරව දැනට පවතින ජීවිතය පිලිබඳ පාප් වහන්සේ ගේ ආයතනය ද නව දෙපාර්තමේන්තුවේ කොටසක් බවට පත් වනු ඇත.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම තීරණය ගෙන ඇත්තේ වතිකාන පරිපාලන ව්‍යූහය වන රෝම ක්‍යුරියාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එතුමන් විසින් පත් කරන ලද සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත කාදිනල් මණ්ඩලයේ නිර්දේශය අනුවය. බොහෝ පරිපාලන හා ධර්ම සේවා ගැටළු මතු කරන වර්තමාන රෝම ක්‍යුරියාව ප්‍රතිසංස්කරණයට ලක් කල යුතු ය යන්න ප්‍රැන්සිස් පාප් වහන්සේ තෝරාගනු ගනු ලැබූ පාප් වරණ දැහැනට පෙර පැවැති කාදිනල් හ්මිවරුන් ගේ සාකච්ඡා වලදී ඉස්මතු වූ කරුණකි. ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම නව පුද්ගල කාදිනල් මණ්ඩලය පත් කලේ එම ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහායි. මෙම කාදිනල් මණ්ඩලයේ උපදෙස් අනුව  ජන සන්නිවේදනය සඳහා වූ දෙපාර්තමේන්තුවක් ද දැනටමත් පිහිටුවා තිබේ.

ගිහියා, පවුල සහ ජීවිතය සඳහා වූ නව දෙපාර්තමේන්තුවේ බලතල පිළිබඳව සභා නීති අනුකුල ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තමන් විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර ඇති බව ද සුදොතුම් පියතුමා නිවේදනය කලේ ය. එම ව්‍යවස්ථා කෙටුම් පත ලබන දෙසැම්බර මාසයේ රැස් වන කාදිනල් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද එතුමා සඳහන් කලේ ය.

වතිකාන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙය අතිශය වැදගත් ඉදිරි පියවරක් බවයි. මේ මගින් වතිකාන කාර්යාල තුනක් එක්  පරිපාලන ව්‍යුහයක් යටතට පත් කෙරේ. ඒ සමගම, ගිහියා පිළිබඳවත් පවුල් පිළිබඳවත් වඩා වැඩි අවධානයකින් හා සැලකිල්ලකින් යුතුව සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය