"න්‍යෂ්ටික අවි තහනම් කරන්න" ශුද්ධාසනය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි

"Abolish nuclear weapons" - Holy see tells UN 



(2015 ඔක්තෝබර 31)
ලෝකයෙන් යුද්ධය තුරන් කරන්නැයි ද සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කරන්නයි ද ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජාතීන් ගේ සංවිධානය අමතා කල ඉල්ලීම සිහිපත් කරන ශුද්ධාසනය (වතිකාන රාජ්‍යය), ලෝකයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීමට පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නියෝජිත අති උතුම් බර්නාඩිටෝ ඖසා අගරදගුරු හිමිපාණන් ඉකුත් ඔක්තෝබර 16 වන දා ජගත් සංවිධානය අමතමින් මෙම ප්‍රබල ඉල්ලීම කළේය.

"යුද්ධය ගැටුම් නිරාකරණය නොකරන බවත්, යුද්ධයට ගැටුම් නිරාකරණය කල නොහැකි බවත් විසි එක්වන සියවස දිග හැරෙමින් තිබිය දී අපට වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ" යි වතිකාන තානාපතිවරයා සිය ප්‍රකාශය ආරම්භ කරමින් කියා සිටියේ ය. යුද්ධ හා ගැටුම් නිරාකරණය කල හැකි විකල්ප මාර්ග රැසක් ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය. ගැටුම් වැළක්වීමේ මාර්ග හා ක්‍රමවේද, සාම සාධනය හා සාමය ගොඩනැගීම මෙලෙස භාවිත කිරීම සඳහා අප සතුව ඇති විශිෂ්ටම උපකරණ කිහිපයකි. ඒවා අප දැනට භාවිත කරනවාට වඩා වැඩියෙන් හා පූර්ණ වශයෙන් යොදා ගත යුතුව තිබේ. "

යුදායුධ නිසා මරණයට පත්වන සිවිල් වැසියන් ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් ඇතැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දේශනය සිහිපත් කරමින් අගරදගුරු ඖසා හිමි කියා සිටියේ ය. තහනම් කර ඇති ආයධ නමුත් පොකුරු බෝම්බ සහ රසායනික අවි භාවිතය ද වැඩිවෙමින් තිබේ. මේ නිසා නූතන යුද ගැටුම වල බියකරු බව ගැන කනස්සල්ල වර්ධනය වෙමින් ඇති බව එතුමා පැවසුවේ ය.

යුද්ධයේ බරපතලකම ගැන ප්‍රබල නූතන යථාර්ථයන් ගෙනහැර දක්වමින් අගරදගුරු තුමා විස්තර කලේ ය. "වත්මන් යතාර්ථය වන්නේ භූදර්ශන කැළැල් කරමින්, ජනයා සිය ගෙවල් වලින් පලවා හැර ඔවුන් අනතුරුදායක කාන්තාර, මුහුදු පමණක් නොව සුසාන භූමි වලට පවා  ගෙන යාම වර්ධනය වෙමින් පවත්නා බවයි. මෙම කනගාටුදායක යතාර්ථය සාක්ෂි දරන්නේ ජනතාවගේ සාමකාමී සවර්ධනයට බාධාවක් ව පවත්නා තුවක්කු සංස්කෘතිය මුලිනුපුටා දැමිය හැකි දේශපාලන අධිෂ්ඨානයක් ලෝක ප්‍රජාව තුල තවමත් නොමැති බවයි."
 ගැටුම් හා යුද්ධ වැලැක්වීම සඳහා පුර්ණ කැපවීමෙන් කරයුතු කරන්නැයි වතිකාන නියෝජිතයා එක්සත් ජාතීනට අභියෝග කලේ ය. යුද අවි සහ යුද හමුදා සඳහා ලෝකය  ආයෝජනය මුදල, සාමය ගොඩනැගීම සහ ස්ථාවරභාවය සඳහා එක්සත් ජාතීන් වෙන් කරන අරමුදලට වඩා බරින් වැඩි බව එතුමා පෙන්වා දුන්නේ ය.

න්‍යෂ්ටික අවි පිලිබඳ සාකච්ඡා අද පවතින්නේ අතිශයින් අනතුරුදායක තත්වයක බව ඖසා අගරදගුරු හිමි කියා සිටියේ ය. න්‍යෂ්ටික අවි හරණයට එල්ල වන බාධා කිරීම් කල්පවත්නා සහ සැබෑ සාමයක් ඇති කිරීමට බාධාවක් වී ඇති බව එතුමා පෙන්වා  දුන්නේ ය.

 පාප් වහන්සේ ජගත් සංවිධානය අමතන අවස්ථාවේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් කල ප්‍රකාශය වතිකාන නියෝජිතයා සිහිපත් කලේ ය. න්‍යෂ්ටික අවි අවී වලින් තොර ලෝකයක් ඇති කිරීමේ අවශ්‍යතාව පාප්වහන්සේ එහිදී අවධාරණය බව එතුමා කීවේය. " මෙම ක්‍රියාවලියේ අවසන්  ඉලක්කය විය යුත්තේ න්‍යෂ්ටික අවි සම්පුර්ණයෙන් තහනම් කිරීම " යයි සුදොතුම් පියතුමා  ජගත් සංවිධානයට අවධාරණය කළහ.

"එබැවින් ආයුධ නිෂ්පාදනයට වඩා වධානය යොමු කල යුත්තේ ජාතීන්  අතර විශ්වාසය ගොඩ නැගීම කෙරෙහි ය. සටන්වලට වඩා සංවාදය, සාකච්ඡා ව දිරිමත් කිරීම වඩා යෝග්‍යය" එතුමා සඳහන් කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය