"සියලු කතෝලිකයිනට වෘතශුද්ධිය නිර්දේශ කරන්න" - සමලිංගික කතෝලිකයෝ සිනොඩ් කතිකාවෙන් ඉල්ලා සිටිති

Gay Catholics ask Synod to promote Chastity - for EVERYONE



(2015 ඔක්තෝබර 4)
වෘතශුද්ධිය පිලිබඳ කතෝලික ඉගැන්වීම වෙනුවෙන් පෙනී සිටින්නැයි කලක් සමලිංගික ආකර්ෂණය සහිතව සිට පසුව ජීවිත මාරුවක ඇතිකරගත් කිතුනු තරුණ තරුණියෝ සිනොඩ් කතිකාවේ පියවරුන් ගෙන් ඉල්ලා සිටිති. සම ලිංගිකයනට සේම දිකසාද වුවනට හා යලි විවාහ වුවනට පමණක් නොව, විවාහ ජීවිත ගත කරන්නන්ට පවා වෘතශුද්ධියේ ජීවිත ගත කිරීම නිර්දේශ කලයුතු බව ඔවුහු පෙන්වා දෙති.

කතෝලික ගිහි-පැවිදි උපදේශකයන්ගේ මග පෙන්වීම මත ලැබූ සිත්  මාරුවකින් පසු නව ජීවිතයක් අත්දකින මෙම තරුණ තරුණියන් මේ බව කියා සිටියේ ඉකුත් සිකුරාදා (ඔක්තොබර 3) වතිකානයේ දී පැවැති සම්මන්ත්‍රනයක දී ය.

සම්මන්ත්‍රණයේ අරමුණ වූයේ සමලිංගික ආකර්ෂණය සහිත වුවන් ගේ හඬ සභා පියවරුන්ට ඇසෙන ලෙස හඬ නගා කීමයි  ඒ මගින් සමලිංගික ආකර්ෂණය සහිත කාන්තාවන් හා පිරිමින් ගේ අත්දැකීම්වලට දහම් සේවා ප්‍රතිචාර සොයන ආකාරය සොයා බැලීමට සිනොඩ් කතිකාව යොමු කිරීම ඔවුන් ගේ ඉලක්කය විය.2014  පැවැති අතිවිශේෂ රදගුරු කතිකාවේ දී සමලිංගික ආකර්ෂණය සහිත වුවන් පිලිබඳ මාතෘකාව ඊට එක්වූ සභා පියවරුන් ගේ අවධානයට ලක් නොවූ බව ඒ පිලිබඳ සැලකිල්ලක් දක්වන්නන්ගේ මතයයි. එහෙත් එය මේ වනවිට නුතන පවුල මුහුණ දෙන අභියෝගාත්මක ගැටළුවක් බවට පත්ව ඇති බැවින් ඊට දහම් සේවා ප්‍රතිචාර සෙවීම අවශ්‍ය වී තිබේ.

"පසුගිය වසරේ සිනඩ් කතිකාවේ දී අපට නෑසුණු හඬක් තිබිණැ"යි "දිරිය අපෝස්තලික මෙහෙවරේ" අධ්‍යක්ෂ පෝල් චෙක් පියතුමා පවසයි."එනම් සමලිංගිකත්වය සිය ජීවිත කතාව හා අත්දැකීම් බවට පත් ජනතාව" යයි එතුමා පෙන්වා දෙයි. 'දිරිය අපෝස්තලික මෙහෙවර' සමලිංගික ආකර්ෂණයක් සහිතවුවන්ගේ දහම් සේවාව  වෙනුවෙන් කැපවූ ආයතනයකි.

සමලිංගිකත්වය සම්බන්ධයෙන් කතෝලික සභා ධර්මෝපදේශයේ ස්ථාවරය ඍජු හා නිශ්චිත එකක් බව " පියතුමා පවසයි.. මෙම සමුළුවේ අරමුණ එම ඉගැන්වීම තවත් පියවරක් ඉදිරියට ගෙනයාම බව එතුමා කියයි.

"අපට අවශ්‍ය වන්නේ මෙම පුද්ගලයා ගේ ජීවිත අත්දැකීමට සභා ඉගැන්වීමේ මුහුණුවර ලබා දීමයි" චෙක් පියතුමා පවසයි. "ඔවුන් ගේ කතාවට කලක් සමලිංගික ජීවිත පිළිවෙතක සිට පසුව සිත් මාරුවක් ඇතිකර ගැනීම ද ඇතුලත් වෙනවා..."

"ඔවුන් ගේ සමලිංගික ආකර්ෂණය කිසිසේත් යටපත් වන්නේ නැහැ. එහෙත් ඔවුන් එය නව ආලෝකයකින් දකින්නට උත්සාහ කරනවා," යි එතුමා විස්තර කරයි."සභාව උගන්වන දේ සත්‍යයක් කියා ඔවුන් විශ්වාස කරනවා. එය ජීවත් කිරීම අපහසු වුවත්, එය ඔවුන් පුර්ණත්වයට පත් කරනවා."

සම්මන්ත්‍රණය පැවැත්වුනේ රෝමයේ කීර්තිමත් අන්ජෙලිකුම් විශ්ව විද්‍යාලයේදී ය.

ගිය වසරේ සිනඩ් කතිකාවේදී වෘතශුද්ධිය පිලිබඳ නිසි හඬක් නැගුනේ නැතැයි දිරිය අපෝස්තලික සේවාවේ රිලෙනේ සිම්සන් කීවාය. "අප කතා කරන්නේ සියල්ලන් වෙනුවෙන් වූ වෘත ශුද්ධිය ගැනයි. විවාහකයන් ද ඇතුල්ව සියල්ලන් වෙනුවෙන් එය නිර්දේශ කල යුතු යි. වෘත ශුද්ධිය අතිශයින් සුන්දර ගුනධර්මයක්.එය දෙවියන් වහන්සේ ගෙන් ලබන වරප්‍රසාදයක්" ඇය සඳහන් කාලය.

රිලෙනේ සිම්සන් කලක් සමලිංගික හවුලක සිටි තරුණියකි. ඇගේ කතාව2011 දී  "Desire for Everlasting Hills " නම් වාර්තා චිත්‍රපටයකට නිර්මාණය කර තිබිණ.

"මා  සිනොඩ් පියවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සත්‍යය දකින්න; අසත්‍යය මිල දී නොගන්න කියායි " යයි වෛද්‍ය ඩේවිඩ් ප්රෝසෙන් කියා සිටියේය. කලක් සමලිංගික ආකර්ෂණයෙන් සිටි ඔහු ද සිය ජීවිත අත්දැකීම මෙම සම්මන්ත්‍රණයේ දී බෙදා ගත්තේ ය. වෘතශුද්ධිය පිලිබඳ සභා ඉගැන්වීම වැළඳගන්නට  පෙර ඔහු ද සමලිංගික නැඹුරුවක් ඇත්තෙක් වුයේ ය. ඔහුට සහකරුවෙක් ද සිටියේ ය. එහෙත් තම සැබෑ අනන්‍යතාව හඳුනාගත් පසු කතෝලික ඉගැන්වීමට හැරී ඇවිත් වෘත ශුද්ධිය වැළඳගත් බව හෙතෙම සඳහන් කළේය.

මෙවැනි අත්දැකීම් සහිත තවත් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්වුහ






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය