ආගමික සංවේදීතාවයේ ගින්නට පිදුරු නොදමන්න! වතිකාන පුවත්පතෙන් අවවාදයක්

Do not pour 'gasoline on the fire':  Vatican newspaper warns 



(2015 මැයි 8)
ශුද්ධ වූ මහම්මත් නබි නායක තුමා කේන්ද්‍ර කර ගනිමින් ඉකුත් ඉරිදා (මැයි 3 වන දා) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති කාටූන් තරගය වතිකාන පුවත්පතක් තරයේ හෙලා දකියි. ල'ඔසවතොරේ රොමානෝ පුවත්පත විසින් එම සිදුවීම හඳුන්වා දී තිබුනේ "දේව අපහාසයක්" ලෙසයි.

ඉරිදා ටෙක්සාස්හි ගාලන්ඩ් නගරයේ පැවැති මෙම තරගය හා ප්‍රදර්ශනය සංවිධාන කර තිබුනේ ඇමෙරිකානු නිදහස් ආරක්ෂණ මූලිකත්වය නමැති සංවිධානයක් විසිනි. ප්‍රදර්ශනයට කඩාවැදුණු තුවක්කු කරුවන් දෙදෙනකු එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් එක්  අයෙක් තුවාල ලැබීය. එහි පැමිණි පොලිසිය තුවක්කුකරුවනට වෙඩි තැබූ අතර ඔව්හු දෙදෙනාම මිය ගියහ.

ල'ඔසවතොරේ රොමානෝ පුවත්පත ඉතා තද වචන භාවිත කරමින් පළකර ඇති  මුල් පිටුවේ කතුවැකියෙන් පවසන්නේ, මෙම ප්‍රදර්ශනය, දැනටමත් ඉතා සියුම් තත්වයට පත්ව ඇති ආගමික සංවේදීතාවයේ "ගින්නට පිදුරු දැමීමක්" ලෙසයි.  "ටෙක්සාස් සිද්ධිය ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ සිද්ධියට සමානකම් දක්වන්නේ ඉතා ඈතිනි. එය චාලි හෙබ්ඩෝ සිද්ධිය හා සංසන්දනය කල හැක්කේ එහි සංවිධායකයන් තුල වූ ගින්නට පිදුරු දමන්නා බඳු කුපිත කිරීමේ අදහස නිසා ය. එහෙත් ගාලන්ඩ් නගරය පැරිසිය නොවන බව" ද පුවත් පත අවධාරණය කරයි.

(පැරිසියේ සතිපතා පලවන උපහාසාත්මක පුවත් පතක් වන චාලි හෙබ්ඩෝ පුවත්පතට ඉකුත් ජනවාරියේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය. උපහාසය දනවන කතා වලට නිදහසේ ඉඩ සපයන මෙම පුවත් පත ද ශුද්ධ වූ නබි නායක තුමන් සම්බන්ධයෙන් පල කල කාටූන් වලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර තිබිණ. මෙම සිද්ධියෙන් එහි සිටි 12 දෙනෙක් මිය ගියහ. එම අවස්ථාවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දුටහ. "එසේම, ඔබ කිසිවකු කුපිත  නොකළ යුතු ය. ඔබට වෙනත් අයගේ ඇදහිලිවලට අවමන් කල නොහැකිය. ඔබට සෙසු අයගේ විශ්වාසයන් උපහාසයට ලක් කල නොහැකියැ"යි උන්වහන්සේ අවධාරණය කළහ.)

ජනතාවගේ විශ්වාසයන්ට ගෞරව කරන්නැයි  ල'ඔස්සවතොරේ රොමානෝ පුවත්පත සියල්ලන්ගෙන් ඉල්ලීමක් කරයි. "තවත් කෙනෙකු ගේ ආගමික අත්දැකීමට ප්‍රවේශ වීමට අත්‍යවශ්‍යම ආකල්පය ඊට ගෞරව කිරීමයි' යනුවෙන් එම පුවත් පතේ වැඩි දුරටත් සඳහන් වේ.

තත්වය කුමක් වුව ද ත්‍රස්තවාදී ප්‍රහාර අනුමත කල නොහැකි බව ද පුවත්පත අවධාරණය කරයි. අන්තවාදීන් ගේ මෙවැනි '"උමතු සහ ලේ පිපාසිත ක්‍රියා" හෙලා දැකිය යුතු බව කතුවැකිය පෙන්වා දෙයි.

 ල'ඔස්සවතොරේ රොමානෝ පුවත්පත හැඳින්වෙන්නේ වතිකානයේ අර්ධ නිල පුවත්පත වශයෙනි. එය වතිකාන පාලනයෙන් ස්වාධීනව කටයුතු කරයි. කෙසේ නමුදු එම පුවත් පත අදහස් පල කිරීමේදී වතිකානයේ අදහස් වලට විරුද්ධව මත පල නොකරන බව රෝම ආරංචි මාර්ග කියයි.

(NCR)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය