"සාමයේ දේව දුතයෙක් වෙන්න" - පලස්තීන නායකයාට පාප්වහන්සේගෙන් ඇරයුමක්

"Be a Prince of Peace" Holy Father tells Palestinian President 



(2015 මැයි 18)
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා ඉකුත් සෙනසුරාදා (මැයි 16) වතිකානයේ දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ හමු විය. පලස්තීනයටත් වතිකානයටත් වැදගත් අවස්ථා සහ උත්සව කිහිපයකට එක වීම සඳහා ඔහු වතිකානයට පැමිණ සිටියේ ය.

ඒ අතර ප්‍රධානම කරුණ වූයේ වතිකාන සහ පලස්තීනය අතර අවසන් එකඟතාවට පත්ව ඇති ගිවිසුම ගැන සාකච්ඡා කිරීමයි. මෙම සම්මුතියේ, වතිකානය විසින් ප්‍රථම වරට පලස්තීනය, "පලස්තීන රාජ්‍යය" ලෙස නිල වශයෙන් හඳුන්වා තිබේ. මෙම නව ප්‍රවනතාව ලොව වටා ජගත් පුවත් විමර්ශකයන් ගේ දැඩි අවධානයටත් ප්‍රශංසාවටත් ලක් වී තිබේ. කෙසේ නමුදු වතිකානය පවසන්නේ මෙය අලුත් දෙයක් නොවන බවයි. තමන් 2013 සිටම "වතිකාන රාජ්‍යය " යන යෙදුම යොදාගන්නා බව වතිකානය කියයි.

ශුද්ධෝත්තම පියතුමා ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පිළිගත්තේ උණුසුම් වැළඳ ගැනීමකිනි. පසුව, පාප්වහන්සේ ගේ පුස්තකාල ශාලාවේ දී දෙදෙනා අතර පැවැති පෞද්ගලික සාකච්ඡාව විනාඩි 20ක පමණ කාලයක් පැවැති බව වතිකාන පුවත් සේවය පවසයි. පලස්තීනය හා වතිකානය අතර එකඟතාවකට පැමිණි ගිවිසුම පිළිබඳව පාප් වහන්සේ මෙහිදී සිය සතුට පල කළහ. පලස්තීනය තුළ කතෝලික සභාවේ ජීවිතය සහ වැඩ කටයුතු වලට අදාළ වැදහත් අංශ ගනනාවක් සම්බන්ධයෙන්, මෙම ගිවිසුම මගින්, දෙපාර්ශවය එකඟත්වයකට පැමිණ ඇත. ඉදිරි දිනවලදී ඊට අත්සන් තැබීමට නියමිතයි. ඊශ්‍රායෙල්-පලස්තීන සාකච්ඡාවල වත්මන් තත්වය ගැන ද ඔව්හු සාකච්ඡා කලහ.  අර්බුදයට කල් පවත්නා විසඳුමක් ලබා ගැනීම සඳහා දෙපාර්ශවය අතර සංවාදය ඉතා ඉකමනින් ආරම්භ  වනු ඇතැයි පාප් වහන්සේ බලාපොරොත්තු පල කළහ.

සාකච්චා අවසානයේ නායකයන් දෙදෙනා තිලිණ හුවමාරු කරගත්හ.

අබ්බාස් මහතා පාප් වහන්සේට පිරිනැමුවේ ජපමාලයකි. මෙම ජපමාලයේ විශේෂත්වය නම් ඔලිව් දැවයෙන් සහ (ඉරිදා දිව්‍ය පුජාවෙදී සාන්තුවරයට ඔසවන ලද ) පලස්තීන නව සාන්තුවරියන් දෙදෙනා ගේ ශ්‍රී ධාතූන් ගෙන් එහි ගුලිකා (ඇට ) සාදා තිබීමයි.

ප්‍රැන්සිස් පාප් වහන්සේ අබ්බාස් ජනාධිපතිවරයාට පදක්කමක් තිලිණ කළහ. එහි අදහස උන්වහන්සේ මෙසේ විස්තර කළහ:
" මේ පදක්කමේ කැටයම් කර තිබෙන්නේ සාමයේ දේව දුතයා ගේ රූපයයි. සාමයේ දේව දුතයා යුද්ධයේ දුෂ්ට ආත්මයන් විනාශ කරනවා. මම ඔබ ගැන හිතුවා. ඔබත් සාමයේ දේව දුතයෙක් වෙන්න" යැයි උන්වහන්සේ ප්‍රර්ථනා කළහ.

ඉරිදා පෙරවරුවේ මහමුද් අබ්බාස් මහතා පලස්තීන කතෝලික පැවිදිවරියන්  දෙදෙනකු සාන්තුවරයට එසැවීමේ දිව්‍ය පුජාවට ද සහභාගී විය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය