"ආත්ම පරිත්‍යාගය ආත්ම කොටගත් විවාහයේ සොඳුරු රටාව": සුදොතුම් පියාණන් ගේ බදාදා පොදු හමුව

"Marriage has been inscribed in creation’s design by God” : General Audience 



(2015 මැයි 7)
විවාහ මංගල උත්සව අත්‍යාලංකාරයෙන් සමරන යුගයකි, මේ. එකිනෙකා පරයමින් තරගයට මෙන් නව අංග එකතු කරමින්, ව්සිතුරු ඇඳුම් පැලැඳුම් පලඳිමින්, නිසල රූ - සල රූ ගනිමින් , මධු විතෙන් ද මධුර වූ රස බොජුන් ආදියෙන් සමන් විතව, (ඇතැම් විට අලි ඇතුන් පමණ නොව හෙලිකොප්ටර පවා යොදාගනිමින්)  අධික මුදලක් වියදම් කරමින් මඟුල් ගෙවල් මහා ඉහලින් ගනු ලැබේ. එසේ කරද්දී විවාහ මංගල්‍යයේ ආධ්‍යාත්මිකත්වය ගැනත් මොහොතක් සිතුවා ද?

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මැයි 6 වැනි බදාදා පොදු හමුවේ දී සිය ධර්මෝපදේශ අනුශාසනය කෙළේ මේ පිළිබඳව යි.

"විවාහය යනු මංගලෝත්සවයෙන් ඔබ්බට ගිය ජීවිතයක්," සිය ධර්මෝපදේශය  ආරම්භ කරමින් උන්වහන්සේ පැවසුහ. "ඇඳුම් පැලැඳුම්, ඡායාරූප, කෑම බීම, මේවයින් ඔබ්බට ගිය එකක්. ඇත්තෙන්ම, විවාහය  සභාවේ දුත මෙහෙවර හා සම්බන්ධ වීමක්. මෙම මාහැඟි නිධානය අපගේ මානව වර්ගයේ  'භෞමික බඳුන්' "වල රැගෙන යන්නට එඩිතරව ඉදිරිපත් වන කාන්තාවන් සහ පිරිමින්, සභාවටත් සමස්ත ලෝකයටත් මහාර්ඝ සම්පතක්," යයි පාප් වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ ආශීර්වාදකාර බන්ධන දේව ප්‍රසාද නිධානයේ සෞන්දර්යය විදහා දක්වන සෑම විවාහයක් ම සභාවේ ජීවිතය සාරවත් කරන බවයි. එසේම, විවාහය විරූප කරන ඕනෑම කරුණකින් සභාවේ ජීවිතය දිළිඳුභාවයට පත් වන බව ද එතුමා පෙන්වා දුන්නේය.

මෙම පොදු හමුවේ ධර්මොපදේශයට පාප් වහන්සේ පාදක කරගත්තේ ශු. පාවුළු තුමන් එපේසි වරුන්ට ලියන ලද ලිපියේ ක්‍රිස්තුන් වහන්සේ තුළ නව ජීවිතය පිළිබඳව දෙන උපදේශයයි. "ක්‍රිස්තුන් ජේසුන් වහන්සේ සභාවට ප්‍රේම කළ සේ ඔබ ද එකිනෙකාට ප්‍රේම කරන්නැ"යි ශු. පාවුළු තුමා කියයි. එසේ ම සැමියා සහ බිරිඳ ද තමාව මුලුමනින්ම අනෙකාට පවරා දීම ක්‍රිස්තු ප්‍රේමයට සමාන වීමක් යැයි පාප්වහන්සේ කියා සිටියේ හ." ජේසු සමිඳුන් ගේ ප්‍රේමය හා අඹු සැමි  ප්‍රේමය අතර ඇති මේ සාම්‍යය බෙහෙවින් විප්ලවවාදීයි; එහෙත් ඉතා සරලයි " යි එතුමා සඳහන් කෙළේ ය.



"ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කර තමාවම ඇයට පවරා දුන්නා සේ සැමියන් ද භාර්යාවන්ට තම සියොළඟින් ම ප්‍රේම කල යුතු බව ශු. පාවුළු තුමා කියනවා. ක්‍රිස්තුන් වහන්සේ ගේ ආදර්ශය මත පදනම් වෙමින්, ගැහැණිය ගේ ප්‍රේමය හා ගෞරවය වෙනුවෙන්, පිරිමියාගෙන් බලාපොරොත්තු වන රැඩිකල් ආත්ම පරිත්‍යාගයේ බලපෑම, කිතුනු ජන පවුල තුළ පවා අති විශාලයි. කිරා මැන නොබලා,ක්‍රිස්තුන්වහන්සේ ගේ වරප්‍රසාදයෙන්, තමා වෙත කිසිවක් තබා නොගෙන, ප්‍රේම කිරීම සඳහා ඇති කැඳවීම, විවාහය පදනම් වී ඇති නිදහස් කැමැත්තයි.කිතුනු අඹු සැමියන් තමන් වෙනුවෙන් නොව සියළු ජනතාව වෙනුවෙන් ජීවත් වෙන තාක් ඔවුන් සභාවේ දුත මෙහෙරට සම්බන්ධ වෙනවා " යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ.


එතුමා අවධාරණය කලේ අඩු පාඩුකම් හා පාප නොතකා අඹු සැමියන්ට සිය විවාහ ජීවිතය ගත කල හැකි බවයි. ඊට හේතුව දෙවියන් වහන්සේ විසින් මැවිල්ලේ රටාවෙහි එය කොට තිබෙන නිසා යයි පාප්වහන්සේ අවධාරණය කළහ.

"සෑම විවාහයක්ම ක්‍රිස්තුන් වහන්සේ සිය සභාවට ඇති ප්‍රේමයේ මාර්ගය අනුගමනය කරන්නේය යන වගකීම බරපතල ලෙස බාර ගැනීමට ඔබ කැමති ද?" යැයි ප්‍රැන්සිස් පාවහන්සේ සිය ධර්මොපදෙශය අවසන් කරමින් කියා සිටියහ.

(Vatican News Service)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය