"යුක්තිය ඉටු නොවන තැන සාමයක් නැත" - පාප් වහන්සේ අවධාරණය කරති (වීඩියෝ)

"where there is no justice, there is no peace.”

ළමයින්:ලෝකයේ සාම කලාප


(2015 මැයි 20)
"ලෝකයේ බොහෝ බලවතුන්ට සාමය අවශ්‍ය නැත්තේ ඇයි ?"
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විමසති.
"මන්ද, ඒ අය ජීවත් වන්නේ යුද්ධයෙන් නිසා," උන්වහන්සේ ම පිළිතුරු දෙති.

පාප් වහන්සේ මේ බැරෑරුම් ප්‍රශ්නය නැගුවේ ඉකුත් මැයි 11 වන දා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පැවැති "සාම කම්හල" පදනමේ ළමා හමුවේ දී ය. "සාම කම්හලේ" ළමයින් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු හත් දහසක පමණ පිරිසක් සහභාගීවූ මෙම හමුවේ දී පාප් වහන්සේ ළමයින් උන්වහන්සේ ගෙන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දුන්හ. මෙහිදී පවුලේ ජීවිතය, සාමය, සමාව දීම වැනි ප්‍රශ්න වලට උන්වහන්සේ ගුරුවරයකු සේත්, ඇතැම් විට දැනමිතිකම් දෙන සීයා කෙනකු සේත්, ළමයිනට කරුණු පහදා දුන්හ. එහෙත් එක ඊජිප්තු දරුවෙකු  ඇසු ප්‍රශ්නයෙන් උන්වහන්සේ තරමක් කල්පනාවට බර වුවා සේ පෙනුනේය. එම ඊජිප්තු දරුවා ඇසුවේ "බලවත් අය පාසල් වලට උදව් නොකරන්නේ ඇයි ?" කියාය. පාප් වහන්සේ මඳක් නිහඬව කල්පනා කළහ.

"ලෝකයේ බොහෝ බලවතුන්ට සාමය අවශ්‍ය නැත්තේ ඇයි ?" අනතුරුව උන්වහන්සේ ඊට පිළිතුරු දෙමින් විමසුහ."මන්ද, ඒ අය ජීවත් වන්නේ යුද්ධයෙන් නිසා," උන්වහන්සේ ම ඊට පිළිතුරු දුන්හ. මෙම බලවතුන් ජීවත් වන්නේ ආයුධ විකිණීමෙන් බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේ එය හැඳින්වුයේ "මරණයේ කර්මාන්තය" ලෙසය. මෙම "මරණයේ කර්මාන්තය " තුළින් වැඩි වැඩියෙන් මුදල් හම්බකර ගැනීමට ඇති "කෑදරකම" නිසා ලෝකය තුළ දිනෙන් දින නපුර හා අයහපත වර්ධනය වෙමින් තිබෙන ආකාරය පාප් වහන්සේ විස්තර කළහ.

"ලෝකයේ හුඟ දෙනෙකුට සාමය ඕනෑ නැත්තේ මේ නිසයි: ඔවුන් යුද්ධයෙන් වාසි ලබන නිසයි"

මෙය සුදොතුම්ප්‍රැන්සිස් පාප් වහන්සේ යුද්ධයත් ලෝක බලවතුන් යුද්ධයට ආධාර කිරීමත් විවේචනය කල පළමු අවස්ථාව නොවේ. සිය දෑවුරුදු දුර සාමය තුල කිහිප වතාවක් ම උන්වහන්සේ යුද්ධයේ නපුර විවේචනය කළහ.

ඉන්පසුව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ සමානාත්මතාව හා යුක්තියත් සාමයත් අතර ඇති සම්බන්ධතාව පහදා දුන්හ.

"අපි සියළු දෙනාම එක සමානයි; සෑම කෙනෙක් ම-සෑම කෙනෙක් ම, එක සමානයි" උන්වහන්සේ අවධාරණය කළහ. "මේ නිසා අපි  සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් තිබෙනවා. එහෙත් මේ සමානාත්මතාවය, මේ සමාන අයිතිවාසිකම් තිබෙන බව නොපිළිගන්නා අයත් ඉන්නවා." පාප් වහන්සේ පැවසුහ.
"මේ සමානාත්මතාවය, මේ සමාන අයිතිවාසිකම් තිබෙන බව නොපිළිගන්නා සමාජය අයුක්තිසහගත, අසාධාරණ සමාජයක්. යුක්තිය නොමැති තැන සාමයක් නැහැ. යුක්තිය නොමැති තැන සාමයක් නැහැ." යයි කී පාප් වහන්සේ එය හඬ නගා කිහිප වරක් කියන්නැයි එහි සිටි ළමයින්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියහ.

එම අවස්ථාව මෙම වීඩියෝවෙන් බලන්න.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය