මුහුද මැද අතරමං වූ සාංක්‍රමණිකයනට සරණ වන්න - පාප් වහන්සේ ගෙන් ආයාචනයක්

Pope appeals international community to help migrants stranded in the sea 


(2015 මැයි 27)
සිය රටවල මහ ජාතියේ වද හිංසාවලින් ගැලවීම සඳහා  පලායන දහස් සංඛ්‍යාත සරණාගත පිරිසක් මේ දිනවල මහ සයුර මැද අතරමංව සිටිති. කිසිදු රටක් ඔවුන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් කුසගින්නේ, හාමතේ, පිපාසයෙන්, අධික වෙහෙසටත් මානසික පීඩාවටත් පත්ව ජාවාරම් කරුවන් විසින් තමන්ව රැගෙන ආ බෝට්ටු තුළ කොටු වී සිටිති. ඔවුන් අතරමංව සිටින්නේ බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුදේ ය.

"බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුදේ අතරමංව සිටින විවිධ සාංක්‍රමනිකයන් පිලිබඳ කනගාටුදායක පුවත් කෙරෙහි මම නොකඩවා අවධානයෙන් පසු වන්නෙමි. ඒවා ඇසීමෙන් මම මහත් වේදනාවට පත්ව සිටිමි" යි මැයි 24 ඉරිදා තුන්කාල ආරාධනා යැදුමට සාන්ත පීතර චතුරශ්‍රයට රැස්  වූ වන්දනා කරුවන් අමතමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ.

"මෙම සංක්‍රමණික පිරිස් මුහුද මැද දරුණු දුක් වේදනා වලටත් භයානක අනතුරු වලටත් මුහුණ පා සිටිති. ඔවුන් පලිගැනීමට මේ වන විට කැමැත්ත පල කර ඇති රටවලට මම බොහෝ සේ ප්‍රශංසා කරමි" යි උන්වහන්සේ කියා සිටියහ. "ඔවුන්ට අවශ්‍ය මානුෂික ආධාර ලබා දෙන ලෙස ද මම ජාත්‍යන්තර ප්‍රජාවට ආයාචනා කරමි" යි එතුමා සඳහා කෙළේ ය.

උදව් කිරීමේ මුවාවෙන් මෙම ජනතාව බෝට්ටුවලින් රැගෙන යන නීති විරෝධී මානව පරිවාහක ජාවාරම් කරුවෝ,  මුහුද මැදඔවුන් අත හැර පලා යති. සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන් ගේ මහ කොමසාරිස් පවසන අන්දමට බෙන්ගාල බොක්කේ ඇති එවැනි බෝට්ටු වල සරණාගතයන් 2000ක් පමණ සිටිති. අන්දමන් මුහුදේ මෙසේ අතරමංව සිටින පිරිස 1500 ක් පමණ වේ. මේ අතරින් අඩක්ම බංගලා දේශ වැසියන් වන අතර සෙසු පිරිස ම්යන්මාවේ (බුරුමයේ) රෝහින්ගා මුස්ලිම් වරු ය. 

සරණාගතයන්ගෙන් 7000ක් පමණ භාර ගැනීමට තමන් සුදනම් බව ඉන්දුනීසියාව හා මැලේසියාව ඉකුත් දා ප්‍රකාශ කළේය. 

එ .ජා  වාර්තා වලට අනුව ඉකුත් වර තුන ඇතුලත රෝහින්ග්‍යා මුස්ලිම් වරුන් 120,000ක් පමණ ම්‍යන්මාවෙන් (බුරුමයෙන්) පලා ගොස් තිබේ. එරට බහුතර බුරුම ජනවර්ගය, රොහින්ග්‍යාවන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය