බලාගෙනයි. සල්ලි ඔලුවට ගැහැව්වොත් ඔලුව නැති වෙයි - පාප් වහන්සේ ගෙන් අනතුරු ඇඟවීමක්

“Danger:  wealth takes people  away from God"


(2015 මැයි 29)
"කෙනකු ජේසු සමිඳුන් ගෙන් ඈත් කරන තුන් දෙයක් - එනම් පියවර තුනක් - තිබෙනවා. එනම්, ධනය,මානය, සහ අහංකාරයයි." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් 26 වැනි අඟහරුවාදා සාන්ත මාර්තා නිවහනේ උදෑසන දිව්‍ය පුජාවේ ධර්ම දේශනාව ආරම්භ කලේ එසේය. "ධනය සහ වත් පොහොසත්කම් භෝ අනතුරුදායකයි. මන්ද ඒවා කෙනකු තුළ මාන්නයක් ඇතිකරනවා. මා භෝ වැදගත් කෙනෙක් යන සිතිවිල්ල කෙනකු තුල ඇති කරනවා.එසේ සිතන කෙනකු තම හිස උදුම්මා ගන්නට පටන් ගන්නවා. හිස උදුම්මා ගත් සැනින් කෙනෙකුට හිස අහිමි වෙනවා."

ගැඹුරු දේව ධාර්මික හෝ දාර්ශනික විග්‍රයන්හි  යෙදෙනු වෙනුවට,  ජේසු නිකායික දේශනාවාදී පියවරුන්ට සුපුරුදු ලෙස, ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම් එදිනෙදා ජීවිතයට ගලපා ඉදිරිපත් කරන ප්‍රැන්සිස් පාප් වහන්සේ, මෙදින සිය ධර්ම දේශනය සඳහා පාදක කර ගත්තේ මාක් සුබ අස්නේ 10 වන පරිච්ඡේදයේ ධනවත් තරුණයා හා ජේසුන් වහන්සේ අතර දෙබස හා ඉන් අනතුරුව පේදුරු තුමන් හා උන්වහන්සේ අතර දෙබසයි.(මාක් 10: 17 සිට ).

සැකෙවින් එම සිද්ධිය දිගහැරෙන්නේ මෙසේය: සදාතන ජීවිතය දිනා ගැනීමට තමා කුමක් කල යුතු දැයි එක් ධනවත් තරුණයෙක් ක්‍රිස්තුන් වහන්සේගෙන් විමසයි.ඔහු සතු සියල්ල විකුණා එම මුදල් දුප්පතුනට දී, පැමිණ තමන් අනුගාමී වන්නැයි ක්‍රිස්තුන් වහන්සේ එම තරුණයාට අනුශාසනා කරති.  එබසින් දොම්නසට පත් මහත් වස්තු සම්භාරයක් තිබූ තරුණයා එතැනින් යන්නට ගියේ ය. ඉන් පසුව (ජේසු සමිඳුන් ගේ අග්‍ර ශ්‍රාවක)  පේදුරු තුමා උන්වහන්සේ ගෙන් විමසන්නේ උන්වහන්සේ වෙනුවෙන් "සියල්ල අත හැර පැමිණි අපට " කුමක් ලැබේද යන්නයි. ඊට පිලිතුරු ලෙස ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ට ලැබෙන පීඩා සහ සිය කුරුසියේ මරණය ගැන කතා කරති.

"වස්තුව ගැන කතා කරනු වෙනුවට සමිඳුන් පේදුරු තුමන්ට පවසන්නේ ඔවුන් ස්වර්ග රාජ්‍යය දිනා ගන්නා නමුත් ඔවූන් ගේ මාර්ගය දුක් පීඩා සහ කුරුසිය ඔස්සේ වැටී ඇති බවයි"යැයි පාප් වහන්සේ පැවසුහ. කිතුනුවකු ලෞකික දේවලට ඇලුම් වූ කල ඔහු ලොවට ලබා දෙන්නේ ස්වර්ගයත් ලෝකයත් යන දෙකම දිනා ගැනීමට උත්සාහ කරන කිතුනුවකු ගේ අයහපත් ආදර්ශයකි. ඊට පිළියම තමන් ත්‍යාජ කිරීමේ (කුරුස) මාර්ගයයි"

"ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම දෙස මානව දෘෂ්ටියෙන් බැලු විට, උන්වහන්සේ අනුගමනය කිරීම කිසි සේත් "ලාබ දායී ගනු දෙනුවක්" නොවේ.මන්ද එහි අදහස සෙසු අයට සේවය කිරීමයි. ඔවුන් ගේ ප්‍රධානියා වීම නොවේ. සමිඳාණන් ඔබට ප්‍රථමයා වීමේ අවස්ථාව ලබා දුනහොත් ඔබ කල යුතු වන්නේ අන්තිමයා ගේ තැන ගැනීමයි.ධනය සහ වස්තුව ගැනද තත්වය එයමයි," යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියහ.

ජේසු සමිඳුන් සහ ලෝකය සමගත්, දුප්පත්කම සහ ධනය සමගත් යන යථාවන් දෙක සමගම ජීවත් වීමට උත්සාහ කරන කිතුනුවන් 'අර්ධ' කිතුවන් බව උන්වහන්සේ සිහිපත් කළහ.

කතෝලික සභාවේ නායකත්වය තුළ ද මේ ලෞකිකත්වයේ ආකල්පය මුල් බැසගෙන ඇතැයි පාප් වහන්සේ පැවසුහ. "ඇතැම් කිතුනු ගිහියන්, පුජකවරුන් සහ රදගුරු හිමිවරුන් තුල ද ලෞකිකත්වයේ තෘෂ්ණා පවතින බව බලා සිටින්නේ මහත් කනගාටුවෙන් බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.ඔව්හු ලෞකික දේ ද ස්වර්ගීය දේ ද එකවර ලබා ගනීමට උත්සහ දරමින් සිටිති.එය අයහපත් ආදර්ශයක් සේ ම ඒ නිසා ක්‍රිස්තු වහන්සේ ලෝකය ලබා දෙන ආදර්ශය ඒ මගින් ලුහු විය හැකිය.  මේ නිසා "සේවය කිරීමේ විද්‍යාවෙන් ඔවුන් ආලෝකවත් කරන්නයි යාච්ඥා කරන මෙන් ද ප්‍රැන්සිස් පාප් වහන්සේ වන්දනා කරුවන් ගෙන් ඉල්ලා සිටියහ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය