"මිහිතලය ගෞරවයෙන් රැක බලා ගැනීම කිතුනුවන් සතු යුතුකමක් හා වගකීමක්" - ශුද්ධාත්ම දිනයේ දී යළි සිහිපත් කෙරේ

"Respect Creation: This is a must for each and every Christian" - Pope says at Pentecost Mass



(2015 මැයි 25)
මිහිතලය ගෞරවයෙන් රැක බලා ගැනීමට කිතුනුවන් සතුව යුතු කමක් හා වගකීමක් ඇති බව පාප් වහන්සේ යළි සිහිපත් කරති. ශුද්ධාත්මයානන් වහන්සේ ගේ ආගමන මංගල්‍යය වූ ඉකුත් ඉරිදා (මැයි 24) සිය ධර්ම දේශනාවේදී  පාප් වහන්සේ මෙම වගකීම අවධාරණය කළහ.

"ක්‍රිස්තුන් වහන්සේ සිය පියාණන් වෙතින් එවන ලද ශුද්ධාත්මයානන් වහන්සේත්, සියල්ලට ජීවය දානය කරන මැවුම්කාර ආත්මයානෝත් එකම තැනැන්වහන්සේ ම යැ" යි   ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ. "එබැවින් මැවිල්ලට ගෞරව කිරීම අපගේ විශ්වාසයේ අත්‍යවශ්‍ය අංගයකි. අප ජීවත් වන මිහිතලය නම් මෙම උද්‍යානය අප වෙත භාර කරන ලද්දේ එය දුෂ්‍ය කොට සුරාකෑමට නොව, එය අස්වද්දා ගෞරවයෙන් රැක බලා ගැනීමටය."

පාප් වහන්සේ සිය  ශුද්ධාත්ම මංගල්‍ය  දිව්‍ය පුජාව ඔප්පු කලේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී ය.

අපගේ ආදි පියා වන ආදම් සාදන ලද්දේ පොළොවෙන් බව පාප් වහන්සේ සිහිපත් කළහ. "එහෙත් පොළොවට මානවයා තුළ ගෞරවයක් ඇතිවන්නේ ශුද්ධාත්මයානන් වහන්සේ ගෙන් නව ජීවයක් ලබා, නව ආදම් වන ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රතිරූපයට, පියාණන් විසින් පිළිසකර කරනු ලැබූ විටය. උන්වහන්සේගෙන් ලබන මෙම නව ජීවනය තුළ අපි මැවිල්ල සමග සුසංයෝගී වෙමු," යැයි එතුමා සඳහන් කළේය.

පාප් වහන්සේ ගේ මෙම වදන්, උන්වහන්සේ විසින් නිකුත් කිරීමට නියමිත පරිසර විශ්ව ලේඛනයට හැඳින්වීමක් විය හැකි බව වතිකාන නිරීක්ෂකයෝ පවසති. මෙම විශ්ව ලේඛනය එතුමන් විසින් දැනටමත් ලියා අවසන් කොට තිබේ. මේ දිනවල එය ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඥ්ඥ වැනි ප්‍රධාන භාෂා වලට පරිවර්තනය කෙරෙමින් පවතියි. පරිසර විශ්ව ලේඛනය ජුනි මස මැද හෝ අවසානයේ දී නිකුත් කෙරෙනු ඇතැයි  අපේක්ෂා කෙරේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය