සාන්තුවරයකු ගේ රහස මෙයයි.......

Pope Shares the Secret o the Saints 

අලුත් ම සාන්තුවරු සිව්දෙනා



(2015 මැයි 17)
කතෝලික සභාවේ අලුත්ම සාන්තුවරියන් සිව් දෙනා කිතුනු ජීවිතවලට අභියෝග කරන "දීප්තිමත් ආදර්ශයන්"  යැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

ඊයේ (මැයි  17 ඉරිදා ) වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවිදිවරියන් සිව් දෙනෙකු සාන්තුවරයට එසවීමේ දිව්‍ය පුජාවේ දී උන්වහන්සේ මේ බව කියා සිටියහ. ප්‍රංශයේ ජීන් එමිලී ද විලනුඒවා පැවිදි සොයුරිය (1811-1854), ඉතාලියේ මරියා ක්‍රිස්ටිනා බ්‍රැන්ඩෝ පැවිදි සොයුරිය (1856-1906), පලස්තීනයේ මාරියම් බවොවාදී පැවිදි සොයුරිය (1848-1878) සහ මාරි අල්පොන්සින් දනිල් ඝට්ටාස් පැවිදි සොයුරිය (1843-1927) මෙම අලුත් ම සාන්තුවරු වෙති.

"සාන්තුවරයකු ගේ රහස කුමක් ද?" පාප් වහන්සේ සිය දේශනයේ දී විමසූහ."සාන්තුවරයකු ගේ රහස නම් ජේසු සමිඳාණන් සමග බද්ධ වීමයි; මිදි අතු, මිදි වලට යාව තිබෙනා සේ උන්වහන්සේට යාවී ජීවත් වීමයි. දෙවියන් වහන්සේ සහ උන්වහන්සේ ගේ ප්‍රේමය හා  බද්ධව සිටින්නේ කෙසේදැයි මෙම සාන්තුවරුන් සිය ජීවිතයෙන් පෙන්නුම් කළා.ඒ මගින් ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානය ප්‍රකාශ කිරීමත්, සියල්ලන් වෙත දයාව දක්වමින් එකිනෙකා සමග එකමුතුව ජීවත් වන්නේ කෙසේද යන්නත් ඔවුන් ජීවිතයෙන් ගෙනහැර දැක්වූවා" යයි ඊට පිළිතුර විස්තර කරමින් සුදුතුම් පියාණෝ විස්තර කළහ.

මෙම සාන්තුවරියන් ආදර්ශයට ගනිමින් අප අපෙන් ද ප්‍රශ්න කිහිපයක් නිතරම ඇසිය යුතු බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. "උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් මට සාක්ෂි දැරිය හැක්කේ කෙසේ ද? මා උන්වහන්සේ සමග යා වන්නේ කෙසේද? මට උන්වහන්සේ ගේ ප්‍රේමයේ පැවැතිය හැක්කේ කෙසේද? ශුද්ධවූ ත්‍රිත්වයේ ජීවිතය අප සමග බෙදා ගැනීම මගින් ක්‍රිස්තුන් වහන්සේ අප තුළ තැන්පත් කළ එකමුතුකමේ බීජ, අපගේ පවුල, අපගේ වැඩපොළ  හා අපගේ සමාජය තුළ වැපිරීමට අපට පුළුවන් ද? යනු ඒ ප්‍රශ්නයි" යැයි උන්වහන්සේ සඳහන් කළහ.

(VIS)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය