මීළඟ යොවුන් දිනය 2019 පැනමාවේ දී

Next WYD in Panama in 2019 


(2016 ජූලි 31)
2019ට යෙදෙන මීළඟ ජගත් යොවුන් දිනය පැවැත්වෙන්නේ දී පැනමාවේ දී ය. මේ බව යොවුන් දින මංගල්‍ය දිව්‍යපූජාවෙන් අනතුරුව පැවැති තුන්කාල ආරාධනා යැදුමට පෙර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිවේදනය කළේය.

"පදවි මට්ටමින් පැවැත්වෙන යොවුන් දින දෙකෙන් පසුව, මීළඟ ජගත් යොවුන් දිනය පැනමාවේදී පැවැත්වෙන බව මා ඉතා සතුටින් දැනුම් දෙනවා " සුදොතුම් පියතුමා  කියා සිටියේ ය. මේ මොහොතේ "දයා කරුණා කඳවුරේ" සිටි පැනමා තරුණ නියෝජිත කණ්ඩායම ප්‍රීතියෙන් ඉපිලී යනු දක්නට ලැබිණි. පැනමාවේ ජනාධිපති හුවාන් කාර්ලොස් වරේයා මහතා ද තරුණ රැලියේ ඉදිරියේම සිට දිව්‍ය පූජාවට සහභාගිවෙමින් සිටියේ ය. එවෙලේ ම පෝලන්ත ජනාධිපතිවරයා පැනමා ජනපති වැළඳගෙන සුබ පතනු දක්නට ලැබිණ. සාමාන්‍යයෙන් මීළඟ ජගත් තරුණ දිනය පැවැත්වෙන ස්ථානය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. එතෙක් එය රහසක් ලෙස තබා ගැනීමට එහි සංවිධායකත්වය භාරව සිටින සියලු අංශ සැලකිලිමත් වෙති. මීළඟ යොවුන් දිනය අප්‍රිකාවේ හෝ ආසියාවේ පැවැත්වෙනු ඇති බවට කටකතා පැතිර යමින් තිබිණි. මේ නිසා එය පැනමාවේ පැවැත්වීමට තීරණය කිරීම සියල්ලන් මවිතයට පත්කළ කරුණක් වූයේය.

"දයාබර තරුණ තරුණියනි, මේ දින කිහිපයේ ඔබ ඔබගේ ඇදහිල්ලේ බෝවෙන උද්යෝගයෙන් ක්‌රැකෝව පිරී ඉතිරී යන්නට සැලැස්සුවා. ශානත දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ස්වර්ගයේ සිට ප්‍රීති සන්තෝෂ වී සිටිනවා. සුබ අස්න සෑම තැනෙකම පතුරුවන්නට එතුමා ඔබට උදව් වනවා ඇති."

"දින කිහිපයක් යැදුමෙන් සහ සහෝදරත්වයෙන් ගත කිරීමෙන් පසුව  ආධ්‍යාත්මික වාතය ආශ්වාස කිරීමට යොවුන් ඔබට හැකිවේ තිබෙනවා. ඔබ ඔබගේ රටවලටත්,  මීසම්වලටත් ගියවිට දයා කරුණාවේ ජීවිත ජීවත් කරවීමට මේ නැවුම් සුළඟ ඔබට උදව් වනු ඇත."

මේ මොහොතේ පුදසුන අසල තබා තිබු දේවමාතා වහන්සේ ගේ සිතුවම සුදොතුම් පියතුමා යෞවනයන්ට පෙන්නුවේය. ක්‌රැකොවේ කල්වාරිය සිද්ධස්ථානයේ වැඩම කරවා තිබූ මේ සිතුවම ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ යාච්ඥා කිරීමට පුරුදු වී සිටි සිතුවමකි. එය දැක්වූ සුදොතුම් පියතුමා, "ඔබගේ මේ දිනවල අත්දැකීම ඵලදායි කරගන්නා අන්දම එතුමිය ඔබට පෙන්වාවි. එතුමිය අපට කියන්නේ එතුමිය කල දේ ම කරන්න කියායි. එනම්, ඔබට ලැබුණු තිළිණය නාස්ති නොකර, ශුද්ධාත්මයානන් ගේ වරමින් වර්ධනය වී ඵල දරන පිණිස  එය ඔබගේ 'හදවතේ නිදන් කරගන්නා' ලෙසයි" යයි ඔවදන් දුන්නේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය