"බොදුනු-කිතුනු අපි මිහි මව විනාශයෙන් මුදා ගන්නට අත්වැල් බැඳ ගනිමු" සුදොතුම් පියතුමා ගේ වෙසක් සුබපැතුම් පණිවිඩය

"Let us join hands to liberate humanity from the suffering brought about by climate change" 

(2016 මැයි 19)
"ශාන්තිදායක බුදුන්  වහන්සේගේ ජීවිතයේ තෙමඟුල වන වෙසක් උත්සවය පවත්වන ඔබේ හදවත් තුළත් ඔබගේ පවුල් හා රට තුළත් සාමය, ශාන්තිය හා ප්‍රීතිය වර්ධනය වේවා!" යි ලොව පුරා බෞද්ධ ජනතාව වෙත වෙසක් සුභ ප්‍රාර්ථනා කරමින් වතිකානය ප්‍රකාශ කරයි.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මෙම වෙසක් සුබ පැතුම නිකුත් කර තිබෙන්නේ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. එහි සභාපති ජාන් ලුයි ටෝරන් කාදිනල් හිමිපාණන් සහ ලේකම් මිගෙල් ආන්ජෙල් අයුසෝ ගියුක්සෝ රදගුරු හිමිපාණන් සුදොතුම් පියතුමන් වෙනුවෙන් එම සුබ පැතුමට අත්සන් තබා ඇත.

බොදු දහමේත් කිතු දහමේත් ඉගැන්වීමක් වන සොබා දහම හා මිහිතලය ආරක්ෂා කරගැනීම කෙරෙහි මෙවර වෙසක් සුබ පැතුම මගින් වතිකානය අවධානය යොමු කර තිබේ. ඉකුත් වසරේ පාප් වහන්සේ  විසින් නිකුත් කරන ලද "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනය මෙන්ම ලෝක බෞද්ධ නායකයන් විසින් නිකුත් කරන ලද "ක්‍රියාත්මක වීමට කාලයයි: කාලගුණ විපර්යාස පිලිබඳ බෞද්ධ ප්‍රකාශනය" ද උපුටා දක්වන මෙම පණිවිඩය, අප හැමගේ පොදු නිවස වන මිහිතලය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම එක වෙමුයි ආරාධනයක් කරයි.

"ලොව පුරා භෞතික කාන්තාර ප්‍රමාණය වර්ධනය වන්නේ මානවයාගේ ඇතුළාන්ත කාන්තාරවල විශාලත්වය වැඩි වෙමින් පවතින නිසාය. මේ නිසා පරිසර අර්බුදය විසඳීම මිනිසා ගේ ගැඹුරු ඇතුළාන්ත පරිවර්තනයක් ඇතිකරගැනීමට ද කෙරෙන ආරාධනයක් " යයි සුදොතුම් පියතුමා "වේ ප්‍රශංසා" පරිසර විශ්ව ලේඛනයේ පෙන්වා දෙන බව මෙම වෙසක්  පණිවිඩයේ සඳහන් වෙයි. මානව පුද්ගලයන්, ජීවිතය, සමාජය සහ සොබා දහම සමග අපගේ සමීප සම්බන්ධය පිලිබඳ නැවුම් චින්තනයක් වර්ධනය කරගන්නා තෙක් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට අප ලබා දෙන අධ්‍යාපනය සාර්ථක වන්නේ නැත. ...පරාර්ථකාමී පාරිසරික කැපවීම් කිරීමට ජනතාව පෙළඹෙන්නේ යහපත් ධර්මගුන ප්‍රවර්ධනය කරගන්නා තරමට පමණි. ...පාසල්, පවුල් ජනමාධ්‍ය සහ ධර්මෝපදේශය යන විවිධ ස්ථාන මගින් පරිසර අධ්‍යාපනය ලබා දිය හැකිය" යනුවන් ද සුදොතුම් පියතුමා පෙන්වා දී තිබේ.

"අදරැති බොදුනු මිත්‍රවරුනි, 'ක්‍රියාකරන්නට කාලය පැමිණ තිබේ: දේශගුණ විපර්යාස පිලිබඳ  බෞද්ධ ප්‍රකාශනය සහ ලෝක නායකයන්ට කෙරෙන ඉල්ලීම' නමැති ප්‍රකාශනය මගින් පරිසර හානිය ගැන ඔබ ද සැලකිල්ල ප්‍රකාශ කර තිබේ. මෙයින් ගම්‍ය වන්නේ පරිසර අර්බුදය යනු මමංකාර අර්බුදයක්ය යන පොදු පිළිගැනීමයි," යයි වතිකාන වෙසක් පණිවිඩය පෙන්වා දෙයි. "මානව තෘෂ්ණාව, කාංසාව, අධිමානය සහ මොහඳුර මගින් මෙම මමංකාර අර්බුදය ප්‍රකාශිත වේ. එබැවින් අපගේ අවට පරිසරය විනාශවීම වැලැක්වීම සඳහා අපි අපගේ ජීවිත ශෛලිය වෙනස් කරගත යුත්තෙමු. 'ප්‍රඥාවේ සහ අනුකම්පාවෙ විදර්ශනාව වඩවා ගැනීමෙන්, බියෙන් නොව මෛත්‍රියෙන් අපට අපගේ ග්‍රහ ලෝකය රැක  ගත හැකිය... එසේ නැති වුවහොත් මිහිතලය රෝගී වුවහොත් අපි දු රෝගී වන්නෙමු. මන්ද අප මිහිතලයේ කොටසක් වන නිසා ය.' ('ක්‍රියා කරන්නට කාලයයි' ප්‍රකාශනයෙන්)

"දේශගුණික විපර්යාස ඇති වී තිබෙන්නේ මානව ක්‍රියාකාරීත්වය නිසා බැවින්, අපි, බොදුනුවන් හා කිතුනුවන්, ඊට මුහුණ දීම සඳහා පාරිසරික ආධ්‍යාත්මිකත්වකින් ක්‍රියා කරමු" යැයි වතිකාන වෙසක් පණිවිඩය ආරාධනා කරයි. "ගෝලීය පාරිසරික පරිහානිය වර්ධනය වීම, සමයාන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අප සියල්ලන් කැඳවයි. සියලු ආගමික අනුගාමිකයන් සිය සීමාවලින් ඔබ්බට ගොස් පොදු වටිනාකම් මත පදනම් වූ පාරිසරික වගකීමෙන් යුත් සමාජ රටාවක් ගොඩනගා ගැනීමට අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාවක් උද්ගත වී තිබේ. බොදුනුවන් සහ කිතුනුවන් එකට ජීවත්වන රටවල අපට පාරිසරික දැනුම්වත් භාවය වර්ධනය කිරීමේ ඒකාබද්ධ අධ්‍යාපනික වැඩසටහන් සහ පරිසරය රැකීමේ පොදු ක්‍රියාමාර්ග ආරම්භ කිරීම මගින් මිහිතලයේ සුවසෙත හා තිරසරබව සඳහා කටයුතු කල හැකිය."

"හිතවත් බොදුනු මිත්‍රවරුනි, දේශගුණික විපර්යාස නිසා ඇතිවී තිබෙන දුක් කරදර වලින් මානව වර්ගයාට විමුක්තිය ගෙන ඒමට අපි සහයෝගයෙන් කටයුතු කරමු. අපගේ පොදු නිවස වන මිහිතලය රැකබලා ගනිමු. මේ අරුතින් යළිත් වරක් අපි ඔබට සාමකාමී හා ප්‍රීතිමත් වෛශාඛ්‍ය මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය