"තාත්තා ඈත ඉඳං මග බලං ඉන්නවා. ගෙදර එන්න"

“Father's overflowing and unconditional  mercy......" 


(2016 මැයි 17)
දේව දරුවන් ලෙස අප සතු ගරුත්වය කිසිවෙකුට  හෝ කිසිවකට හෝ  පැහැර ගත නොහැකිය. නාස්තිකාර පුත්‍රයා නොහොත් කරුණාවන්ත පියාණෝ උපමාවෙන් ජේසු සමිඳුන් අපට උගන්වන්නේ මෙයයි. අපගේ පාප නිසා අපට අහිමි වන දේව දරුකම අපට යළි ලැබෙන්නේ අපගේ යහපත්කම හෝ පුණ්‍යවන්ත බව හෝ නිසා නොවේ. පියාණන් වහන්සේ ගේ අසීමිත ආදරය හා දයා කරුණාව නිසා ම ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති බදාදා පොදු හමුවේ දී ය. මෙම පොදු හමුවේ ධර්මෝපදේශය සඳහා එතුමා මෙවර තෝරාගෙන තිබුනේ නාස්තිකාර පුත්‍රයා උපමාවේ එන කරුණාවන්ත තාත්තා, තමා වෙත ආපසු හැරී එන අකීකරු බාල පුතා ඈත සිට දැක, ඔහු එන පෙර මගට දුව ගොස් ඔහු උණුසුමින් තරයේ වැළඳගෙන, ඔහු යළිත් සිය දරවා ලෙස බාරගැනීමේ ජවනිකාවයි.

"මෙම කරුණාවන්ත තාත්තා සිය අකීකරු බාල පුතා ආපසු එන අයුරු ඈත සිට මෘදු නෙතින් දුටුවේය යන කියමනෙන් අදහස් කරන්නේ, එම තාත්තා ඔහුගේ පැමිණීම ස්ථිරසාරව, නිරන්තරයෙන් ඈත සිට බලාපොරොත්තුව සිටි බවයි," යැයි සුදොතුම් පියතුමා විස්තර කලේ ය. "මෙම තාත්තා ගේ දයා කරුණාව උතුරා යයි; කොන්දේසි විරහිත වූ එම දයාව පුතා කතා කරන්නටත් පෙර ප්‍රදර්ශනය වෙයි. පුතා සිය වැරදි පිළිගෙන ඒ ගැන සමාව ඉල්ලා සිටියත්, එය කියවෙන්නටත් පෙර පියාගේ සමාව ඉදිරියේ  ඒවා දිය වී යයි."

දේව දරුවන් ලෙස අප සතු ගරුත්වය කිසිවෙකුට  හෝ කිසිවකට හෝ  පැහැර ගත නොහැකිය. නාස්තිකාර පුත්‍රයා නොහොත් කරුණාවන්ත පියාණෝ උපමාවෙන් ජේසු සමිඳුන් අපට උගන්වන්නේ මෙයයි. අපගේ පාප නිසා අපට අහිමි වන දේව දරුකම අපට යළි ලැබෙන්නේ අපගේ යහපත්කම හෝ පුණ්‍යවන්ත බව හෝ නිසා නොවේ. පියාණන් වහන්සේ ගේ අසීමිත ආදරය හා දයා කරුණාව නිසා ම ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති බදාදා පොදු හමුවේ දී ය. මෙම පොදු හමුවේ ධර්මෝපදේශය සඳහා එතුමා මෙවර තෝරාගෙන තිබුනේ නාස්තිකාර පුත්‍රයා උපමාවේ එන කරුණාවන්ත තාත්තා, තමා වෙත ආපසු හැරී එන අකීකරු බාල පුතා ඈත සිට දැක, ඔහු එන පෙර මගට දුව ගොස් ඔහු උණුසුමින් තරයේ වැළඳගෙන, ඔහු යළිත් සිය දරුවා  ලෙස බාරගැනීමේ ජවනිකාවයි.

"මෙම කරුණාවන්ත තාත්තා සිය අකීකරු බාල පුතා ආපස එන අයුරු ඈත සිට මෘදු නෙතින් දුටුවේය යන කියමනෙන් අදහස් කරන්නේ, එම තාත්තා ඔහුගේ පැමිණීම ස්ථිරසාරව, නිරන්තරයෙන් ඈත සිට බලාපොරොත්තුව සිටි බවයි," යැයි සුදොතුම් පියතුමා විස්තර කලේ ය. "මෙම තාත්තා ගේ දයා කරුණාව උතුරා යයි; කොන්දේසි විරහිත වූ එම දයාව පුතා කතා කරන්නටත් පෙර ප්‍රදර්ශනය වෙයි. පුතා සිය වැරදි පිළිගෙන ඒ ගැන සමාව ඉල්ලා සිටියත්, එය කියවෙන්නටත් පෙර පියාගේ සමාව ඉදිරියේ  ඒවා දිය වී යයි."


"අපගේ දේව දරුකම  වූ කලී, පියාණන් ගේ හදවතින් හටගන්නා ප්‍රේමයේ ඵලයකි. එය අපගේ ක්‍රියා, සුදුසුකම් හෝ පින්වත්කම මත රඳා පවතින්නේ නැත. මේ නිසා එය කිසිවෙකුටත්, කිසිවකටත් පැහැර ගත නොහැකි ය. මෙම  ගෞරවය අපගෙන් ඉවත් කරන්නට කිසිවෙකුටවත් නොහැකිය. යක්ෂයාටවත් නොහැකිය,"යි එතුමා අවධාරණය කළේය.

"පෙරැළා ගෙදර පැමිණි බාල පුතා සිය තාත්තා තමන් වැළඳගනිද්දී කියා සිටියේ 'මා ඔබේ පුතා කියන්නටවත් වටින්නේ නැත' කියායි. මෙය දයාවන්ත තාත්තා ගේ හදවතට දරා ගත නොහැකි ප්‍රකාශයක් විය. මේ නිසා පුතා ගේ කතාවට බාධා කරන තාත්තා 'පුතා ගේ ගෞරවයේ සලකුණු ඔහුට යලි ලබා දීමට වහාම කටයුතු කරයි. එනම්, ඔහුට අගනා සළු පළඳවා, අතට රන් මුද්දක් දමා, දෙපා වලට පාවහන් පළඳන ලෙස සේවකයන් ට උපදෙස් දෙයි"

"මෙම කතාවේ එන තාත්තාට කේන්ති ගිය බවක් හෝ ඔහු පුතා ගේ ක්‍රියාවෙන් සිත්තැවුලට පත් වූ බවක් හෝ ජේසු සමිඳුන් ඉඟි කරන්නේ නැත. 'මගේ ධනය නාස්ති කළා නම් වන්දි ගෙවපන්' කියා කියන්නේ නැත," යි සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම උපමාව ගැන තවදුරත් කතා කරමින් කියා සිටියේ ය. "එහෙත් ඊට වඩා තාත්තාට වැදගත් වන්නේ පුතා ගේ ආරක්ෂාව හා සුවසෙතයි."

"ජීවිතය කවර තත්වයක් ගෙන ආවත්, මා දේව දරුවකු වීම නවතින්නේ නැති බවත් මට ආදරය කරන මා එන තෙක් බලාසිටින පියාණන් කෙනෙකු සිටින බවත් අප අමතක නොකළ යුතුයි. ජීවිතයේ අප පාපයට වැටෙන අති දරුණු තත්ත්වවලදී පවා, අප වැළඳ ගැනීමේ බලාපොරොත්තුවෙන් උන්වහන්සේ බලා සිටින සේක."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය