"ත්‍රස්තවාදය ලෝකයට ම තර්ජනයක්. ඉස්ලාම් දහමේ අපගමනයක්. එය තුරන් කිරීමට අත්වැල් බැඳ ගනිමු" ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා වතිකානයේ සිට කියයි

"Let's join hands to end terrorism" Grand Imam of al-Azhar appeals at the Vatican 

වතිකාන රේඩියෝවේ සම්මුඛ සාකච්චාව 
(2016 මැයි 24)
ත්‍රස්තවාදය සැබෑ ඉස්ලාම් දහමේ "අපගමනයක්" (පිට පනින ලද්දක්) බව සුන්නි මුස්ලිම් ශ්‍රෙෂ්ඨ ඉමාම්තුමා කියයි. එය බටහිරට සේ ම පෙරදිගට ද තර්ජනයකි. එබැවින් ත්‍රස්තවාදය තුරන් කිරීමට ගෝලීයව එක් වන්නැයි. එතුමා ලෝක ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරති.

ඊජිප්තුවේ අල්-අෂර් මහ පල්ලියේ  හා විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වන අහමඩ් අල් ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමා ඊයේ (මැයි 23 දා ) වත්කානයේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීමෙන් පසුව මේ ඉල්ලීම කළේය.  එතුමා මේ කරුණු  ප්‍රකාශ කලේ වතිකාන ගුවන් විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

"මම මැද  පෙරදිග කෙනෙකි. එහි  ගලායන රුධිර ගංගා සහ ඉතිරි වන මල සිරුරු රාශිය නිසා දුක් විඳින සෙසු ජනතාව ද සමග මම ද මේ කලාපයේ ජීවත් වෙමින් දුක් විඳිමි. අප දිවා රෑ මුහුණ දෙන මෙම ව්‍යසනයට කිසිදු තාර්කික හේතුවක් නැත" යැයි වතිකාන රේඩියෝවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේ ය.

ත්‍රස්තවාදයක් පවත්නා බව ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමා පිළිගත්තේ ය. "එහෙත්, මේ ත්‍රස්තවාදයත් ඉස්ලාම් දහමත් අතර කිසි සම්බන්ධයක් නැහැ. මෙය උලමා මුස්ලිම් වරුන්ටත්, ක්‍රිස්තියානීන්ටත්  මැද පෙරදිග මුස්ලිම් වරුනටත් අදාලයි" එතුමා අවධාරණය කළේය. මුස්ලිම් ජනතාව ඝාතනය කරන කණ්ඩායම්, ඒ වගේ ම කිතුනුවන් ඝාතනය කරන කණ්ඩායම් ඉස්ලාම් දහමේ ශුද්ධ ලියවිලි තේරුම් ගෙන නැහැ; එක්කෝ හිතා මතාම නැතිනම් නොසැලකිල්ල නිසා තේරුම් ගෙන නැහැ."

ත්‍රස්තවාදයේ අභියෝගයට මුහුණ දී එය තුරන් කිරීම සඳහා වෙනස්කම් නොතකා අත්වැල් බැඳ ගන්නැයි අල් ටයෙබ් ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා සමස්ත ලෝක  ප්‍රජාවගෙන්  ඉල්ලීමක් කළේය. "දරුණු වෙමින් ඇති ත්‍රස්තවාදී ප්‍රශ්නය නොසලකා හැරියහොත් එහි වන්දිය ගෙවන්නට වන්නේ පෙරදිගට පමණක් නොවේ. එහෙත්, අප දැනටමත් දැක ඇති ආකාරයට, මේ නිසා පෙරදිගත් බටහිරත් යන දෙකොට්ඨාසයට ම එකට ඊට වන්දි ගෙවන්නට සිදු වනු ඇතැ"යි එතුමා පෙන්වා දුන්නේ ය.

වතිකාන රේඩියෝවේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඉමාම් තුමා කියා සිටියේ, මැද  පෙරදිග ත්‍රස්තවාදය, හුදෙක් කිතුනුවන්ට එරෙහිව එල්ල වන හිංසනයක් ලෙස පමණක් පෙන්වා දිය නොහැකි බවයි. "ඇත්තෙන් ම කිතුනුවන්ට වඩා විශාල සංඛ්‍යාවක් මුස්ලිම් වරුන්  ත්‍රස්තවාදයට ගොදුරු වෙනවා. අප දෙපාර්ශවය ම එකටයි මෙම ත්‍රස්තවාදයේ ආදීනව භුක්ති විඳින්නේ" එතුමා කිවේ ය.

" ඒ නිසා ලෝකයටත් ලෝකයේ නිදහස් මිනිසුන්ටත් මා කරන ආයාචනය මෙයයි: මෙම ලේ ගංගා අවසන් කිරීම සඳහා වහාම සම්මුතියකට එළඹී මැදිහත් වන්න" එතුමා ඉල්ලා සිටියේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය