සුදොතුම් පියතුමන් ගේ පාස්කු දින තුනෙන්....

From the Holy Father’s Easter Tridium Liturgy  


සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ත්‍රිත්ව දිනට ඇතුලත්  ආධ්‍යාත්මික සෞන්දර්යයෙන් පිරිපුන්  ජන වන්දනා මෙහෙය පෙළ ආරම්භ කලේ මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැවැත්  වූ ශුද්ධවූ තෛලය ආශීර්වාද කෙරෙන දිව්‍ය පුජාවෙන්. රෝමයේ රදගුරු තුමන් ලෙස රෝම පදවියේ පියතුමන්ලා සමග උන්වහන්සේ මෙම දිව්‍ය පුජාව පැවැත්වුවා. නිරතුරු පුජාප්‍රසාදී වරුනට ඔවා දෙන උන්වහන්සේ මේ පුජාවෙදී පියතුමන්ලාට කියා සිටියේ "පූජක ජීවිතයේ දැනෙන වෙහෙස"  ගැනයි. මෙම වෙහෙස නිවා ගැනීමට ලෞකික සැප සම්පත් වල පිහිට නොපතා "ශුද්ධාත්මයානන් තුළ ජේසු සමිඳුන් සමග විවේක ගන්නැයි" පාප්වහන්සේ පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම පුජාවෙන් පසු පාප්වහන්සේ රෝම පදවියේ පුජකවරුන් සමග දිවා කෑමට එක්වුණා. මෙය ප්‍රැන්සිස් පාප්වහන්සේම ආරම්භ කළ සම්ප්‍රදායක්. මෙය  "දයාබර තාත්තා කෙනකු දරුවන් සමග " ගතකරන ඉතා ප්‍රීතිමත්, ලබැඳි කාලයක් වූ බවයි ඊට එක්වූ පියනමක් කතෝලික ප්‍රවෘත්ති ඒජන්න්සියට පවසා තිබුනේ.

මේ ඒ සොඳුරු හමුවේ අවස්ථාවක් .





මහ බ්‍රහස්පතින්දා ජේසු සමිඳුන් දිව්‍ය සත්ප්‍රසාදය හා පූජාත්වරය යන සක්‍රමේන්තු පිහිටුවීමත් පාද දෝවනයත් ඇතුලත් සමිඳුන් ගේ අන්තිම රාත්‍රි භෝජන සැමැරුම්  (Celebration of the Lord’s Last Supper) යාගය පාප්වහන්සේ විසින් පවත්වන ලද්දේ රෝමයේ රෙබීබියා සිරගෙදරයි. එම සිරගෙදරත් ඊට ආසන්න රක්ෂිත බන්ධනාගාරයේත් රැඳවියන් 12 දෙනකු පාද දෝවන චාරිත්‍රයට සහභාගී වුනා. "මෙම චාරිත්‍රය සිදු කරද්දී මා ඔබ 12 දෙනා ගේ පමණ නොව ඔබ සමග බන්ධනාගාර ජීවිතය ගතකරන රැඳවියන් සියල්ලන්ගේම මා පාද දෝවනය කරනවා" යි න්වහන්සේ කියා සිටියා.


මහ සිකුරාදා ජේසු ගේ දුක්ප්‍රාප්ති සැමරුම් මෙහෙය උන්වහන්සේ සිදුකලේ සාන්ත පීතර බැසිලිකාව තුළයි . මේ එම මෙහෙය ආරම්භ කල මොහොතයි:



ඉන් පසු ඊයේ රාත්‍රියේ කොලොසියමේ පැවැති කුරුසියේ පාද නමස්කාරය ට ද උන්වහන්සේ එක වුණා.

මේ අවස්ථාවලදී පාප්වහන්සේ කළ සාරගර්භ, අභියෝගාත්මක  දේශනා ඇතුලත්  සවිස්තර වාර්තා ඉදිරි දිනවල බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය