"මෘදු සිතැති වියත් එඬේරා ගේ" අභාවය ගැන සසුන් පිය ශෝකය



ඇමෙරිකානු කතෝලික ජනතාවගේත් රදගුරු හිමිවරුන්ගේත් මහත් ආදරයටත් ගෞරවයටත් ලක්ව සිටි චිකාගෝ හි විශ්‍රාමලත් අගරදගුරු නිමල මරිය නිකායික ප්‍රැන්සිස් ඊ. ජෝර්ජ් කාදිනල් හිමි ඉකුත් දා ස්වර්ගස්ථ විය. දර්ශනවේදය සහ දේවධර්ම වේදය යන විෂයයන්හි වියතකු සේම දයාබර එඬේරකු ලෙස ද ජනාදරයට පත්ව සිටි එතුමා වසර 10ක පමණ කාලයක් පිළිකා රෝගයත් සමග සටන් වදිමින් සිටියේය. පුජක විනය පිලිබඳ කරුණු වලදී දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීම සබන්ධයෙන්ද කාදිනල් හිමි ප්‍රසාදයට පත්ව සිටියේය. විශ්‍රාම ලබා රෝග පීඩා මැද  සිටිය ද විශ්වාසය සහ ශීල ධර්මය වැනි කරුණුවල දී ජනතාව එතුමන් ගේ උපදෙස් පතා ගියහ.  මේ නිසා  එතුමන් ගේ අභාවය ඇමෙරිකානු කතෝලිකයන්ගේ මහත් සංවේගයට හේතු වී තිබේ.

ප්‍රැන්සිස් ජෝර්ජ් කාදිනල් හිමිපාණන් ගේ අභාවය නිසා ශෝකවන සියලු ජනතාව වෙත ස්වකීය අපෝස්තලික ආශීර්වාදය පිරිනමන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ. චිකාගෝ අගරදගුරු බ්ලේස් කුපිච් හිමිපාණන් වෙත ශෝක පණිවිඩයක් යවමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ. "පැනසර වූ ද මෘදු සෙනහසින් යුතු වූ ද මෙම එඬේරානන් අපගේ ස්වර්ගීය පියාණන් වන දෙවියන් වහන්සේ ගේ කරුණාබර ප්‍රේමයට භාර කිරීමට මම ඔබ හා එක්වන්නෙමි" යි එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

මිය යන විට ජෝර්ජ් කාදිනල් හිමි 78 වන වියේ පසුවිය.

මෙම කෙටි වීඩියෝව එතුමන් ගැන කතෝලික ප්‍රවෘත්ති ආයතනය සම්පාදනය කල එකකි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය