"මිනිසා සහ ගැහැණිය එකිනෙකා සම්පුර්ණ කරයි; වෙනත් විකල්පයක් නැහැ."

“Men and women complete each other – there's no other option”: Pope Francis

(2015 අප්‍රේල් 23)
පවුල වූ කලී  කිතුනුවන් විසින් ආරක්ෂා කිරීමට ආරාධනා ලැබ සිටින කැඳවීමකි. විශේෂයෙන්ම සැමියා සහ බිරිඳ අතර ඇති අනුපූරකභාවය (එනම් එකිනෙකා සම්පුර්ණ කරන බව ) සුරැකීමට කිතුනුවෝ බැඳී සිටිති. බදාදා පැවැති  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සති පතා පොදු හමුවේ සාරාංශය එයයි.
ප්‍රැන්සිස් පාප් වහන්සේ  මේ දිනවල සිය සති පතා පොදු හමුවේ අනුශාසනා වල තේමාව කරගෙන සිටින්නේ   "පවුල" යි.

"මැවිල්ලේ කතාව  කියවන විට , මුලදී  මිනිසා මොහොතක් හුදකලාව සිටින බව පෙනේ. ඔහු සියල්ලේ අධිපතියා වී  නිදහසේ සිටියි. එහෙත් ඔහුට තමාගේ තනිකම, හුදෙකලාබව දැනේ " යි සිය දේශනාව අරඹමින් පාප් වහන්සේ පැවසුහ.

"මේ යථාව යහපත් නොවන බව දෙවියන් වහන්සේ ම හඳුනා ගන්නවා. පුර්නත්වයක් හෝ සහභාගීත්වයක් හෝ එහි නොමැති බව උන්වහන්සේ වටහා ගන්නවා. මේ තත්වය  නිසා ගැහැණිය මවන්නට උන්වහන්සේ තීරණය කරනව. ...... අවසානයේ ගැහැණිය මිනිසා අබිමුවට පත්කරන විට, මිනිසා හඳුනා ගන්නේ මේ නිශ්චිත මැවිල්ල පමණක්, ඇය පමණක් තම කොටස  බවයි. මිනිසා ගැහැණිය හඳුනා ගන්නේ තම අනුරුවක් හෝ තමා ගේ ප්‍රතිබිම්බයක් ලෙසින් නොව,. තමාට අන්‍යොන්‍ය වන , තමා සම්පුර්ණ කරන  කෙනකු ලෙසයි."

එම කරුණ තවදුරටත්  විස්තර කල ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ පැවසුහ: "ගැහැණිය මිනිසාගේ අනුරුවක් නොවේ. ඇය  දෙවියන්වහන්සේ ගේ මැවීමේ ක්‍රියාවේ ඍජු ප්‍රතිඵලයක්. 'ඉල ඇටයේ' චිත්ත රුපයෙන් ප්‍රකාශ වන්නේ පහත් බව හෝ අප්‍රධාන බව  හෝ නොවේ. ඊට ප්‍රති විරුද්ධ ලෙස එයින් පෙන්නුම් කෙරෙන්නේ එකම භාවාර්ථයෙන් සමන්විත ගැහැණිය සහ මිනිසා එකිනෙකා සම්පුර්ණ කර ගන්නා බවයි ."

මිනිසා සහ ගැහැණිය අතර ඇති මේ වෙනස් කල නොහැකි අනුපුරකතාවට අද එල්ල වී ඇති තර්ජන ගැන කතා කල සුදොතුම් පියාණෝ,පිතෘ මුලක සමාජ වල සිදුවන පමණ ඉක්මවූ බලය යෙදවීම් මෙන්ම ලිංගිකත්ව මතවාදී ආකල්ප හේතුවෙන් ද නූතන පවුලට අවුල් සහගත තත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇතැයි කියා සිටියහ. නූතන මාධ්‍ය සංස්කෘතිය තුළ කාන්තා සිරුර වෙළෙඳ භාණ්ඩයක් සහ උපකරණයක් බවට පත්වීම පිළිබඳව උන්වහන්සේ කනස්සල්ල පළ කළහ.

ප්‍රංශයේ බ්‍රිටනි හි නෝත්රේ - දාම්- දූ ත්ර්ත්රේ පල්ලියේ සීලිමේ ඇති ආදම් -ඒව සිත්තම -15 වන සියවස

ආරම්භයේ දී දෙවියන්වහන්සේ ආදම් සහ ඒව තුළ එකිනෙකා කෙරෙහි පුර්ණ විශ්වාසයක් ගොඩනගා තිබුන ද යක්ෂයා දෙවිඳුනට අකීකරු වීමට ඔවුනට කියා දී,සැකයේ බීජ වපුරා එය විනාශ  කල අන්දම පාප් වහන්සේ විස්තර කළහ. ඒ මගින් අඹු-සැමියන් අතර තිබු සංහිඳියාව වැනසී ගියේය.

"අද වන විට විවාහය  අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් ජීවත්වන සුසංයෝගයක් වෙනුවට එය අවිශ්වාසයෙන්, සැකයෙන් හා ඇතැම් විට එදිරිවාදිකමිනුත් කැළැල් වී තිබේ. මෙලෙස සැමියා සහ බිරිඳ අතර සථිර සහ ඵලදායී සුසංයෝගයක් නැති වූ කල එයින් වඩාත්ම වේදනාවට පත්වන්නේ බාලයන් " යයි පාප් වහන්සේ පෙන්වා දුන්හ.

"අප කෙතරම් පව්කාර වුව ද දුර්වල වුඑඅ ද අපගේ කැඳවීම වන්නේ විවාහයේ ගිවිසුම ආරක්ෂා කිරීමයි. විවාහයේ කැඳවීමෙන් සිදුවන්නේ අපි අපගේ ස්වර්ගීය පියාණන්ට  සහයෝගය දීමයි.මන්ද , උන්වහන්සේ නිරන්තරයෙන් මේ උත්තරීතර තෑග්ග රක බලා ගෙන පෝෂණය කරණ නිසයි" යයි පාප් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය