"ජේසු ගේ දුක් ප්‍රාප්තියේ කුරිරු බව අපගේ හදවත් වල කුරිරු කමේ කැඩපතයි" - මානව හිංසනයන් ගැන පාප්වහන්සේ ගේ කනස්සල්ල

Good Friday shrouded in grief over persecuted Christians

(2015 අප්‍රේල් 3)
මහ  සිකුරාදා සුදොතුම් පියාණන් සහභාගී වූ මෙහෙයයන් දෙකම - එනම් බැසිලිකාවේ පැවැති දේව මෙහෙය සහ කොලොසියමේ පැවැති  කුරුසියේ පාදනමස්කාරය - ලෝකයේ රටවල් රැසක වධ හිංසා වලට ලක්වන කිතුනුවන් ගේ වේදනාවේ දෝංකාරයන් වී තිබුණා.

විවිධ ජනකොටස් සහ අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි අතින් අමානුෂික ලෙස ඝාතනයටත් හිංසාවටත් ලක්වන කිතුවන් ගේ වේදනාව ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සිත්තැවුලට හේතු වී තිබුණු බව දක්නට ලැබුනා.




මීට ආසන්නම හේතුව වී තිබුණේ අප්‍රේල් 2 වන දා මහ බ්‍රහස්පතින්දා  අන්තවාදී කල්ලියක් විසින් කෙන්යාවේ විශ්වවිද්‍යාලයක ක්‍රිස්තියානි සිසුන් පිරිසක් ඝාතනය කිරීමයි.ඊශාන දිග කෙන්යාවේ ගරිස්සා සරසවියට කඩා වැදුණු දැඩි ලෙස සන්නද්ධ වූ අල් ෂබාබ් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් එහි සිටි කිතුනු සිසුන් සෙස අයගෙන් වෙන් කොට ඔවුනට වෙඩි තබා ඝාතනය කළා. මෙම සිද්ධියෙන් සිසුන් 145 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

එම කිතුනුවන් හා හදවතින් සම්බන්ධ වෙමින් කොලෝසියමේ පැවැති කුරුසියේ පාද නමස්කාරයෙන් පසුව ප්‍රැන්සිස් පාප් වහන්සේ කෙටි යැදුමක් ඔප්පු කළා: "දිව්‍ය ප්‍රේමයෙනි , අපි අද යළිත් ඔබ තුළින් අපගේ හිංසනයට ලක්වූ සොයුරන් දකිමු. ඔබට ඇති ප්‍රේමය නිසා හිස ගසා  දැමීමෙන්, වෙඩි තැබීමට ලක්වීමෙන් ඔවුහු කුරුසපත් වෙති. අපි ඊට අන්ධව සිටිමු. නැතිනම් පව්කාර නිශ්ශබ්දතාවයෙන් ඊට සහාය සහය දක්වමු" යයි එම යාච්ඥාවෙන් උන්වහන්සේ කියා සිටියා.


ඊට කලින්, ඊයේ උදාසන කෙන්යාවේ රදගුරු මන්ඩලයටශෝක  පණිවිඩයක්  යවමින් පාප්වහන්සේ කියා සිටියේ මෙය සිදුකළ අපරාධකරුවන් ගේ සිත් හැරෙන ලෙස තමන් යාච්ඥා කරන බවයි. රට තුළ යුක්තිය සහ සාමය ප්‍රවර්ධනය කරමින්  මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත්වීමට රටේ බලධාරීන්ට හැකියාව ලැබේවායි ද උන්වහන්සේ ප්‍රර්ථනා කළා.

සාම්ප්‍රදායිකව මහ සිකුරාදා දුක්ප්‍රාප්ති මෙහෙයේ දේශනය කල ප්‍රන්සිස්කාන නිකායික රැනියේරෝ කැන්ටලමෙස්සා පියතුමා ද කෙන්යාවේ සහ තවත් ස්ථාන රැසක කිතුනුවන්ට සිදුවන පීඩා ගැන සඳහන් කළා.

"ඔබ වහන්සේ ගේ දුක් ප්‍රාප්තියේ කුරිරු බව  තුල අප දකින්නේ අපගේ හදවත් වල සහ ක්‍රියාවල කුරිරු කමයි. කුරුරුසියේ සිටි විජයග්‍රාහී ක්‍රිස්තු සමිඳුනි, ඔබ වහන්සේ ගේ කුරුසියේ ගමන යනු ඔබගේ ජීවිතයේ සංකලනයයි.ඔබවහන්සේ  පියාණන්ට දක්වන ප්‍රේමයේ සංකේතයි.එසේම පව්කාරයන් වන අපට ඔබ දක්වන ප්‍රේමයේ කැඩපතයි," යැයි  පාප්වහන්සේ කල යැදුමේ සඳහන් වුනා.

මෙවැනි හිංසනයන් හා අසාධාරණයන් ඉදිරියේ කිතුවන් අලසව සිටීම ගැන ද ප්‍රැන්සිස් පාප්වහන්සේ විවේචනාත්මකව කතා කළා."සිය දුක්ප්‍රාප්තියේදී ජේසු සමිඳාණන් තනි වුණා. අත්හැරදමනු ලැබුවා. මුහුණ විකෘති වුනා. එසේ ම අදත් අපගේ නොසැලකිල්ල හා උදාසීන බව නිසා බොහෝ දෙනෙක් තනිවෙනවා. අත් හැර දමනු ලබනවා. විරූපී වෙනවා."


සටහන 

කතෝලික සමාජ ධර්මයේ සඳහන් අන්දමට අයුක්ති සහගත ලෙස, අසාධාරණ ලෙස මානව පුද්ගලයකු හිංසාවට, පීඩාවට  පත්වීම දේව මැවිල්ලක් වන මානව පුද්ගලයා තුළ ඇති මානව ගෞරවය කෙලෙසන්නකි. පුද්ගලයකු ඝාතනය කිරීම දේව මැවිල්ලට එරෙහි හිංසනයකි.
අද සමාජයේ සිදුවන හෝ සිදුවූ  මෙවැනි හිංසාවන්, පීඩනයන්, අයුක්ති -අසාධාරනකම්, පැහැරගැනීම, අතුරුදන්වීම් , මනුෂ්‍ය ඝාතන හමුවේ කිතුනු අපගේ ප්‍රතිචාරය කුමක් ද? කුමක් වුයේ ද? අපි ඒවාට උදාසීන ද?
අයුක්තිය, අසාධාරණය, සෙසු අයගේ දුක කඳුල  දුටු විට අපේ හදවත් උණු නොවන්නේ ද? එසේ නම් එය කිතුනු හදවතක් විය හැකිද?
ඈත දුර රටක හෝ කිතුනු සොයුරකුට (කතෝලිකයන් පමණක් නොවේ- කිතුනුවන් - ක්‍රිස්තු අනුගාමිකයන්) හිංසාවක් පීඩාවක් සිදුවූ විට අවම වශයෙන් ඔවුන් වෙනුවෙන් අපේ පල්ලිවල යාච්ඥාවක් වත් ඔප්පු කෙරෙනවාද?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය