නේපාලයේ විපතට පත් ජනතාවගේ සහනයට කතෝලික දයා සේවාත් එක් වෙයි

කත්මන්ඩු නගරයේ එක කොටසක දර්ශනයක්. BBC වෙබ් අඩවියෙනි

(2015 අප්‍රේල් 26)

නේපාලයේ භුමිකම්පාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ යාච්ඥා කරති.

ඉරිදා තුන්කාල ආරාධනාව අවස්ථාවේ පාප්වහන්සේ නේපාලයේ ජනතාව ගැන සිහිපත් කළහ. "මෙම භූ කම්පාවෙන් විපතට පත් නේපාලයේ සහ යාබද රටවල ජනතාව ගේ මේ කනගාටුදායක මොහොතේ දී ඔවුන්ගේ වේදනාවට මම ද හවුල් වෙමියි' යි පාප් වහන්සේ පැවසුහ. "සිද්ධියෙන් මිය ගිය අය වෙනුවෙනුත්, තුවාල ලැබුවන් වෙනුවෙනුත්, මෙම ව්‍යසනයෙන් වේදනා විඳින සියල්ලන් වෙනුවෙනුත් මා යාච්ඥා කරනවා" යි  උන්වහන්සේ ප්‍රකාශ කළහ. ඔවුන්ට සහෝදරත්වයෙන් සියලු ආධාර ලැබෙනු ඇති තමා බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

පසුව ඒ සියල්ල මරිය මෑණියන් ගේ මධ්‍යස්ත කමට භාර කරමින් තමන් සමග "නමෝ මරිය " යැදුම ඔප්පු කරන්නයි උන්වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වනදනා කරුවන්ට ඇරයුම් කලේය.


කත්මන්ඩු නුවර නේපාල කරිටාස් ආයතනයේ සේවය කරන පියුස් පෙරුමාන පියතුමා කියා සිටියේ සහන සේවා කන්ඩායම් තවමත් සුන් බුන් අතර සිර වී ජීවත්වන පුද්ගලයන් සොයමින් සිටින බවයි.  "පාරවල් අවහිර වී තිබුනත් කත්මන්ඩු නගරයට පැමිණෙන්නට පට පුළුවන් වුනා. ඒ අය තවමත් දිවි ගලවා ගත අය සොයමින් සිටිනවා. ඒ අතර තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබා දීමත් සිදු වෙනවා" යැයි පෙරුමාන පියතුමා වතිකාන ගුවන් විදුලියට පැවසීය. කරිටාස් යනු ලොව පුරා රටවල් රැසක ක්‍රියාත්මක වන පාප්වහන්සේ ගේ දයා සේවා ආයතනයයි.

පෙරේදා නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන 2000 කට ආසන්න වී තිබේ. මේ සංඛ්‍යා  තවත් ඉහල යා හැකි බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා පවසයි.

සෙනසුරාදා සිදු වූ  රික්ටා මාපකයේ 7.8ක් ලෙස සටහන් වූ මෙම භුමිකම්පාවෙන් පසු  තවත් ප්‍රබල පසු කම්පන දෙකක් මේ වන විට එම ප්‍රදේශයට දනී තිබේ. ජාතික සහ ඓතිහාසික වශයෙන් වැදගත් ගොඩනැගිලි රැසක් ද භූ කම්පනයෙන් විනාශ වූ දේපල අතර වෙයි. ජනතාව තම ඉරිතැලුනු නිවාස වලට යාමට බියෙන් රාත්‍රිය ගත කරන්නේ ද එළිමහනේ ය. ආහාර, පානීය ජලය , පොරවන, කූඩාරම් වැනි දේ ඔවුනට හදිසියෙන් ම අත්‍යවශ්‍යව ඇති බව සහන සේවා ආරංචි මාර්ග කියයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය