පාප්වහන්සේ ඇමෙරිකාවට පෙර කියුබාවට

It’s official!  Pope to Cuba, before America


(2015 අප්‍රේල් 22)
සුදොතුම් ප්‍රැන්සිස්  පාප්වහන්සේ සිය  ඇමෙරිකා එක්සත් ජනපද අපෝස්තලික ගමන, කියුබාව හරහා සිදුකරන බව වතිකානය ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නේය. පාප්වහන්සේ ලබන සැප්තැම්බරයේ ඇමෙරිකාවේ සංචාරයේ යෙදීමට නියමිතයි.  

"කියුබාවේ සිවිල් බලධාරීන් වෙතින් සහ එරට දරදගුරු හිමිවරුන් වෙතින් ලැබුනු ආරාධනය අනුව, ප්‍රැන්සිස් සුදොතුම් පියාණන්, ඇමෙරිකාවට ළඟාවීමට පෙර, කියුබාවේ  නතර වී යාමට තිරණය කර තිබේ," යයි පාප් වහන්සේ ගේ ප්‍රකාශක ෆෙඩරිකෝ ලොම්බාඩි ජේ.නි. පියතුමා වාර්තා කරුවන්ට කියා සිටියේය.

මෙම චාරිකාවේ විස්තර තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. පාප්වහන්සේ කියුබාවේදී එරට බලධාරීන් මුනගැසෙනු ඇති  බව වතිකානය කියයි. එහෙත් උන්වහන්සේ කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ මුණ නොගැසෙනු ඇති බව එම ආරංච මාර්ග සඳහන් කරයි.

මෑතකදී අමෙරිකාවත් කියුබාවත් අතර යලි ඇති වූ සම්බන්ධතා සඳහා 'කපු කම' කරන ලද්දේ වතිකානය විසිනි. පාප් වහන්සේ ගේ අපෝස්තලික  ගමන මගින් එම නව සම්බන්ධතාව තවදුරටත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුජකවරුන් පිලිබඳ වතිකාන පර්ෂදයේ ප්‍රධානී බෙන්යමිනෝ ස්ටෙල්ලා කාදිනල් හිමිපාණන් ඊයේ කියුබාව බලා පිටත්ව ගියේ ය. වතිකානය සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 80 වැනි සංවත්සර උත්සව වලට සහභාගී වීම එතුමන් ගේ සංචාරයේ අරමුනයි. ස්ටේල්ලා කාදිනල් හිමි දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස සැලකේ. 1993-1999 දක්වා කියුබාවේ වතිකාන තානාපතිවරයා ලෙස කටයුතු කල එතුමා 1998 දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ කියුබා  සංචාරය සංවිධාන කිරීමේ කාර්ය භාරය ඉටු කලේ ය. පාප්වහන්සේ නමක් කියුබාවට පැමිණි පළමුවන අවස්තාව එයයි.

හවානා අගනුවර වීදි වල තවමත් දක්නට ලැබෙන්නේ මෙවැනි මෝටර රථ ය

මේ අතර ඉරාකයේ සහ ජෝර්දානයේ හිටපු වතිකාන තානාපති ජියෝජියෝ අගරදගුරුතුමා කියුබාවේ මීළඟ වතිකාන තානාපති ලෙස ඉදිරි දිනවලදී වැඩ භාර ගැනීමට නියමිතය. කියුබා - ඇමෙරිකා  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යලි සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමේ සාකච්චා වලට "පහසුකම් සැපයීම"  එතුමාට පැවරී ඇති එක්  භූමිකාවකි.

(CNA )

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය