භුමිකම්පාවේ බිහිසුණුකම නේපාල රදගුරු හිමි විස්තර කරයි

“It was frightening”, Nepal Bishop describes the earthquake; “Pray for all those affected,” he pleads

භූකම්පනයෙන් බිඳ වැටුණු ගොර්කා ගම්බද ප්‍රදේශයේ නිවසක් - Credit: BBC 


(2015 අප්‍රේල් 29)
"අවට තීබූ ගෙවල් කාඩ්බෝඩ් මෙන් එක මත එක කඩා වැටෙනු මා දැක්කා. එය බොහෝ බියකරු දර්ශනයක්. මිනිස්සු ජීවිතය බේරා ගන්න හිස්  ලූ  ලූ  අත දුවමින් සිටියා. මටත් මගේ ජීවිතය බේරා ගැනීමට දුවන්නට සිදුවුනා."

නේපාලයේ රදගුරු තුමන් අප්‍රේල් 25 දා සිදු වූ භුමිකම්පාව ගැන කතෝලික දයා සේවාවක් වන  Aid to the Church in Need ආයතනයට ලියු ලිපියක්  ආරම්භ කර තිබුනේ එසේය. නේපාලයේ අපෝස්තලික අනුනායක (Apostolic Vicar) පෝල් සිමික් රදගුරු හිමියන් ලියු එම ලිපියේ, නේපාලයට සිදු වූ භුමි කම්පාවේ බියකරු බව සහ  එයින් සිදු වී ඇති විනාශය ගැන තොරතුරු රැසක් සඳහන් වේ. සිමික් රදගුරු හිමි සිය ලිපියේ මෙසේ ද කියා සිටියේය:

" යලි යලිත් ඇති වන  පසු කම්පන නිසා ජනතාව බියට පත් වී සිටිනවා. (මේ දැනුත් පසු කම්පනයක් ඇති වුනා. මටත් ඒ නිසා පිටතට දුවන්නට සිදුවුනා.) මේ අවදානම් තත්වය නිසා ජනතාව තම නිවෙස් වලින් පිටතට ගොස් පාරවල් හා එළිමහන් තැන්වල කුඩාරම් බැඳගෙනයි ඉන්නෙ ."  දිනෙන් දින සොයා ගන්නා සිරුරු සංඛ්‍යාවත් සමග සිද්ධියෙන් මියගිය අයගේ සංඛ්‍යාව ද වැඩි වෙමින් ඇති බව එතුමා පෙන්වා දෙයි.  තවමත් අවධානය යොමු වී තිබෙන්නේ කත්මන්ඩු නුවරට පමණක් බව පෙන්වා දෙන එතුමා සඳහන් කරන්නේ, ග්‍රාමීය ප්‍රදේශ වල අනතුරු ගැන දන ගැනීමට එම ප්‍රදේශ වලට තවමත් ගොඩ බිමින් ලඟා  විය නොහැකි බවයි. මාර්ග අවහිර වීම, සන්නිවේන මාර්ග බිඳ වැටීම හා  අහිතකර හාලගුණය නිසා ගුවනින් ලඟා විය නොහැකි වීම වැනි කරුණු නිසා ගම්බද ජනතාව සමග සම්බන්ධතා ඇනහිට තිබේ.

නේපාලයේ කතෝලික ජනතාව ගැන ද  පෝල් සිමික් රදගුරු හිමි සිය ලිපියේ තොරතුරු ඇතුලත් කර තිබේ.

නේපාලයේ සිටින්නේ 10,000 ක පමණ ඉතා කුඩා කතෝලික ජනගනයකි. ඔවුන් බොහෝ  දෙනකු ගේ නිවාස පුපුරා හෝ ඉරිතලා ඇති අතර, දේවස්ථාන, පාසල්, පැවිදි ආරාම හා වෙනත් ආයතන වල බිත්ති වල ද බියකරු පිපිරීම් සිදුවී ඇති බව එතුමා පවසයි  නගරයෙන් ඈත දුර බැහැර ඇති මීසමක කතෝලිකයනට සිදුවී ඇති හානි ගැන දන  ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැති බව රදගුරු තුමා කියයි. එම  ගමට පයින් යන්නේ නම් දින තුනක් වත් ගත වේ. ප්‍රදේශයට හෙලිකොප්ටරයක් ගිය නමුත් අයහපත් කාල ගුණය නිසා එය ගොඩ බෑමට නොහැකි විය.

නේපාල රදගුරු හිමි  ලොව පුරා කිතුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය රට වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි.

"මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මේ සිද්ධියෙන් විපතට පත්වූ සියලු පවුල් වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. තම ලබැඳියන්  - පවුලේ සාමාජිකයන්, නෑයන් හා මිත්‍රයන් - අහිමි වූ  හෝ  තවමත් ආ ගිය අතක්  නොමැති හෝ තුවාල ලැබු  හෝ අය ගේ පවුල් හා නෑසියන්  වෙනුවෙන්  දෙවිඳුන් යදින්න" යයි එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

ජේසු නිකායික ඔගස්ටින් පියතුමා සහ පිරිසක් සහන කටයුතු වල නිරත වෙමින් - Credit: Catholic News Agency

පාප් වහන්සේ ගෙන් ඩොලර් ලක්ෂයක් 

නේපාලයේ සහන සේවා සඳහා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.

සිය ආධ්‍යාත්මික සමීපතාව  ප්‍රකාශ කිරීම සඳහාත්, පිතෘක ලබැඳියාවෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව දිරිමත් කිරීම සඳහාත් පාප්වහන්සේ වෙනුවෙන් මෙම ආධාරය පිරිනමන බව පාප් වහන්සේ ගේ " කොර්  ඌනුම් " ආයතනය කියයි.

"කෝර් ඌනුම් " යනු ස්වාභාවික විපත් සහ මානුෂවාදී  අර්බුද වල දී මානුෂික ආධාර සංවිධානය හා සම්බන්ධීකරණය භාර පාප්වහන්සේ ගේ ආයතනයයි.
නේපාලයේ කතෝලික සභාව ඔස්සේ විපතට පත් වුවන් හා අවතැන් වුවන්ට සරණ වීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතයි.

මේ අතර, නේපාලයේ ජේසු නිකායික පියවරුන්  දැනටමත් සිය සහන සේවා ආරම්භ කර තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය