ජුවාම් පාවුළු සුදොතුම් පිය මතකය

(2015 අප්‍රේල් 2)
සුදොතුම් දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ සග සැපත් වුයේ වසර 10 කට පෙර අදයි (අප්‍රේල් 2).




ඊයේ වතිකාන චතුරශ්‍රයේ පැවැති පොදු හමුවට එක්වූ දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් අමතමින් ජුවාම් පාවුළු සසුන් පිය මතකය අවදි කල ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ කියා සිටියා:
"අප ශු. ජුවාම් පාවුළු පාප්වහන්සේ සමරන්නේ  ජේසු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තියේ සාක්ෂිකරුවකු ලෙසයි.එතුමන් සිහිපත් කරන අපි  අප වෙනුවෙනුත්, අපගේ පවුල් වෙනුවෙනුත් සභාව වෙනුවෙනුත් ජේසු සමිඳුන් ඉදිරියේ මැදහත් වන ලෙස යාච්ඥා කරමු. උත්ථානයේ ආලෝකය අප ජීවිතවල සෑම අඳුරු මුල්ලකටම වැටී අප ප්‍රීතියෙන් හා සාමයෙන් පුරවන ලෙස අප වෙනුවෙන් යදින්නැයි එතුමන්ගෙන් ඉල්ලා සිටිමු.එතුමන් ගේ සාක්ෂියත් ආදර්ශයත් තවමත් අප අතරේ ජීවමානයි. ඉතින් උන්වහන්සේ ඉගැන්වුවා සේ, යෞවනයිනි, ජීවිතය උද්යෝගයෙන් හා දැඩි ලැදියාවෙන් ගත කිරීමට ඉගෙන ගන්න; රෝගී වූ සහොදරවරුනි, වේදනාවේ කුරුසිය ප්‍රීතියෙන් දරා ගන්න. අලුතින් විවාහ වූ අඹු සමියනි , සෑමවිටම ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පවුලේ කේන්ද්‍රය කර ගන්න."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය