"ඔවුන් ගේ රුධිරය මානව හර්ද සාක්ෂියට මොරගසයි" : දිවි දුන් ඉතියෝපියානු කිතුවන් ගැන පාප් වහන්සේ ගේ කම්පාව

Pope on ISIS killings: Blood of Ethiopian Christians 'cries out to be heard'

(2015 අප්‍රේල් 20)
ඉතියෝපියානු කිතුනුවන් කණ්ඩායමක් ලිබියාවේ දී   දී සමූහ ඝාතනය කිරීමේ පුවත ඇසීමෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ දැඩි කම්පාවටත් සංවේගයටත් පත්ව සිටිති. ඔවුන්ගේ ඝාතයන් නොසලකා නොහරිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉතියෝපියාවේ ඕතොඩොක්ස් කතෝලික සභාවේ නායක පේත්‍රියාක් තුමන් වෙත හදිසි පණිවිඩයක් යමින් උන්වහන්සේ පවසති.

ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය,  ඔවුන්  විසින් කරන ලද ඝාතනයක බිහිසුණු දර්ශන  ඇතුලත් තවත්   වීඩියෝ පටයක් ඊයේ නිකුත් කර තිබිණි. ISIS  ත්‍රස්තවාදීන් පවසන්නේ මෙලෙස තමන් විසින් ඝාතනය  කරන ලද්දේ  ඉතියෝපියානු කිතුනුවන් පිරිසක් බවයි  පිරිමින් එක් කණ්ඩායමක් ලිබියාවේ  මුහුදු  වෙරළක දී බෙල්ල කපා මරා දමන ආකාරයත් තවත් පිරිසක් කාන්තාරයේ දී වෙඩි තබා ඝාතනය කරන අයුරුත් මෙම වීඩියෝ දර්ශන වල දැක්වෙන බව  BBC ඇතුළු ජාත්‍යන්තර ජන මාධ්‍ය වාර්තා කරයි. 30 දෙනකු පමණ මෙම ඝාතය කන ලද පිරිසට ඇතුලත් බව වාර්තා වේ.   ඔවුන් ඝාතනය කෙරෙන අතර පිස්තෝලයක් අතැති මුහුණ ආවරණය කරගත් ත්‍රස්තවාදියකු පවසන්නේ ක්‍රිස්තියානින් ඉස්ලාම් දහම වැළඳ ගත යුතු බව අතර එසේ නැතහොත් ශුද්ධ කුරානය පනවා ඇති බද්ද ගෙවිය යුතු බවයි. එසේ නොමැති කිතුනුවන් මරණය තෝරා ගත යුතු බවට ඔහු තර්ජනය කරයි.



"අපගේ කිතුනු සහෝදර සහෝදරියන්ගේ රුධිරය, යහපත සහ නපුර අතර වෙනස  තවමත් හඳුනා ගත හැකි සෑම කේනෙකුටම මහ හඬින්  මොරගසන සාක්ෂියක් " යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් ලියා  යැවූ ශෝක පණිවිඩයේ සඳහන් වෙයි. "ජනතාව ගේ ඉරණම තමන් අත පවතින සියල්ලන් මේ මොරගැසීමට   සවන්  දෙනු ඇතැයි තමන් බලාපොරත්තු මෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කරති. ඉතියෝපියාවේ ටිවහේඩෝ ඕතොඩොක්ස් සභාවේ නායක අබුනා මතියස් පේත්‍රියාක් තුමන් වෙත මෙම ශෝක පණිවිඩය යවා තිබේ.


ලොව වටා කිතුවන්ට සිදුවන වදහිංසා සහ එල්ල වන ප්‍රහාර වලින් ඉකුත් පාස්කු සමය අඳුරු වී තිබිණි . මහ සිකුරාදා වතිකානයේ සාන්ත පීතර බසිලිකාවේ පවතී දේව මෙහෙයේ දේශනයේ ප්‍රධාන කොටසක් වෙන් වී තිබුනේ ද මෙම වැඩ හිංසා සහ සහ ජේසු සමිඳුන් ගේ දුක් ප්‍රාප්තිය අතර ඇති සම්බන්ධතාවත් ඊට කිතුනු ප්‍රතිචාරයත් ගැන මෙනෙහි කිරීමටයි. එම දේශනය පැවැත්වූ දේශනාවාදී ප්‍රන්සිස්කාන (කපුචින්) නිකායික රනේයිරෝ කන්ටලමෙස්සා පියතුමා මෙසේ  කියා සිටියේය:

 "දිනක ජේසු සමිඳුන්  සිය ශ්‍රාවකයන්ට මෙසේ කීවා: 'ඔබ මරා දමන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවක් ලෙස සිතන කාලයක් පැමිණෙන්නේය' (ජුවාම් 16: 2) ඇතැම් විට අද තරම් මේ වචන පරිපුර්ණ නිරවද්‍යතාවයෙන්  ඉෂ්ට වූ  යුගයක් නොතිබෙන්නට ඇති. "



කන්ටලමෙස්සා පියතුමා මෙසේ ද කීවේය:

"එවිට යම් කෙනෙකුට මෙසේ අසන්නට පුළුවන්: " එසේ නම්, ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කිරීම යනු සෑම විටම යමකුට  අක්‍රීයව පරාජයටත් මරණයටත්  යටත් වීමට සිදු වීම ද?" නැහැ. ඊට ප්‍රති විරුද්ධව දෙයයි නිවැරදි. සිය දුක්ප්‍රාප්තියට පෙර උන්වහන්සේ " ප්‍රීතියෙන් සිටින්න. ලෝකය ජයගැනීම පිණිස  මම ආවෙමි" යැයි  තම ශ්‍රාවකයනට කීවා. ක්‍රිස්තුන් වහන්සේ ලෝකය ජය ගත්තේ ලෝකයේ නපුර පරාජය කරමින්. යුගාන්තයේ දී ප්‍රකාශිත වන නපුර පරදා යහපත ලබන නිශ්චිත ජයග්‍රහණය ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය තුල ස්ථිර ලෙස විද්‍යමාන වී තිබෙනවා. "මේ ලෝකයේ විනිශ්චයේ  මොහොත" යයි (ජුවාම් 12:31) උන්වහන්සේ කීවා. ඒ දවසේ සිට නපුර පරාජය වෙමින් තිබෙනවා. නපුර, අයහපත ජයග්‍රහණය කරන බව පෙනෙන ප්‍රමාණයට වඩා එය පරාජය වන ප්‍රමාණය වැඩි වෙමින්  තිබෙනවා. එය යලිත් අභියාචනයකට ලක් කල නොහැකි තීන්දුවකින් දණ්ඩනයට ලක් ව තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඊට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයක් මුදාහරිනු වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ නැවුම් ආකාරයක ජයග්‍රහණයක් හඳුන්වා දුන්නා. සාන්ත අගෝස්තීනු තුමා එය වචන තුනකින් සාරාංශ කරනවා: "Victor quia victima ": එනම් ජයග්‍රාහකයා ගොදුර බවට පත්වීමයි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය