"දෙවියන් වහන්සේ ගේ යුක්තිය උන්වහන්සේ ගේ දයාව ම ය" - දයාවේ වසර ප්‍රකාශ පත්‍රය

“God’s Justice is His Mercy” 


(2015 අප්‍රේල් 26)

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ, කතෝලික සභාවේ  ශීල ධර්මය සහ නීතිය සම්බන්ධයෙන්  දෙවියන් වහන්සේ ගේ අසීමිත දයා කරුණාවේ කෝණයෙන් බලන බව පෙනෙන්නට තිබේ  නීති වලින් ඔබ්බට යන දෙවිඳුන් ගේ කුළුණු ගුණය උන්වහන්සේ ගේ යුක්තියේ මාර්ගය බව පාප්වහන්සේ  දයාවේ වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් නිකුත් කල Misericordiae Vultus ("The Face of Mercy") හෙවත් "දයාවේ වත මඬල " නමැති ප්‍රකාශ පත්‍රයේ පෙන්වා දෙති .  ගැඹුරු ආධ්‍යාත්මිකත්ව  උගැන්වීම් වලින්  විසිතුරු වූ එම ප්‍රකාශ පත්‍රය  පිළිබඳව ඔබට ගෙන එන ලිපි පෙලේ තෙවැන්නෙන්,   "යුක්තිය සහ දයාව" පිළිබඳව දයාවේ වසරට පාප්වහන්සේ ඉදිරිපත් කරන  පණිවිඩය සාකච්චා කිරීමට වෑයම්  කරමු.


දයාව සහ යුක්තිය අතර ඇති සම්බන්ධතාව ගැන සාකච්චා කිරීම  සඳහා ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම ලේඛනයේ පිටු දෙකක් පමණ වෙන් කර තිබේ.

මෙම සත්‍යතාවන්ගේ සම්බන්ධතාව උන්වහන්සේ මෙසේ විස්තර කරති: "දයාව සහ යුක්තිය එකිනෙකට පටහැනි යථාර්ථයන් දෙකක් නොව, එක්  යථාර්ථයක  මාන දෙකකි. එම ඒකීය යථාර්ථය ප්‍රේමයේ පුර්ණත්වය තුළ මුදුන්පත් වන තෙක්  ක්‍රමයෙන් වර්ධනය වෙයි."

දෙවියන්වහන්සේ විනිශ්චයකාරයෙකුය යන  චිත්‍රය ශුද්ධ ලියවිල්ල නිතර යොදා ගෙන තිබේ. බොහෝ පරිච්ඡේද වල යුක්තිය යනුවෙන් අදහස් කෙරෙන්නේ නීතිය මුළුමනින් පිළිපැදීම සහ සෑම  යහපත් ඊශ්‍රායෙල්වරයකුගේම හැසිරීම,  දේව පනත්වලට අනුකූල වීමයි.එහෙත් මෙම දැක්ම තුළ  සිරවී, යුක්තියේ මුල්කාලීන අරුත විකෘති කරමින්, එය සාවද්‍ය ලෙස භාවිත කිරීමේ තත්වයක් දක්නට  ඇති බව පාප් වහන්සේ පෙන්වා දෙති.

"මෙම 'නීතිමය' දෘෂ්ටි කෝණයෙන් ගැලවීම සඳහා ශුද්ධ ලියවිල්ල තුල යුක්තිය යන්නෙහි අදහස කැටි වී ඇති අකාරය අප සිහිපත් කල යුතු ය. ශුද්ධ ලියවිල්ල යුක්තිය යන්නෙන් අදහස් කරන්නේ යම් තැනැත්තකු තමන් මුළුමනින්  ම දේව කැමැත්තට විශ්වාසයෙන් පවරා දීමයි." මතෙව්  සුවිශේෂයේ ජේසු සමිඳුන් " මා කැමතිවන්නේ දයාවට මිස පුජාවලට නොවේ" යයි පරිසිවරයාට කී වදන් සිහිපත් කරන පාප් වහන්සේ  පවසන්නේ,  "පව්කාරයන් සොයා ගොස් ඔවුනට පව් සමාව සහ ගැලැවීම ලබාදීමේ මගඟු තිලිණය ජේසු සමිඳුන් මෙහිදී අනාවරණය කරන " බවයි. "එවැනි විමුක්තිදායක දයාවක් නව ජීවනයේ උල්පතක් ලෙස ඉගැන්වූ ජේසු සමිඳුන්ව, පරිසිවරුන් සහ නීතිය පිලිබඳ ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මන්දැයි කෙනෙකුට පැහැදිලිව දැකගත හැකිය.  එනම් ඔවුන් නීතිය පිළිපැදීමට වෑයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පියාණන් වහන්සේ ගේ දයාව හෑල්ලුවට ලක්කරමින් ජනතාවගේ කර මත ඉසිලිය නොහැකි බර පැටවීමයි. හුදෙක් නීතිය මත පමණක් පිහිටා කටයුතු කිරෙමට යාමෙන් මෙලෙස දෙවිඳුන් ගේ අසීමිත කුළුණු ගුණය නොසලකා හැරීමත් හෝ සැහැල්ලු කීරීමක් සිදුවන්නේ ය යන්න පාප්වහන්ස් ගේ මතයයි. පෞලු තුමා ඒ සම්බන්ධයෙන් විප්ලවීය ස්ථාවරයක සිටියේ ය. " පාවුළු අපෝස්තුලු තුමාට අනුව "ගැලවීම ලබා ගත හැක්කේ  නීතිය පිළිපැදීමෙන් නොව ක්‍රිස්තුස් ජේසුන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන්'  බව ප්‍රැන්සිස් පාප්වහන්සේ අවධාරණය කරති.

""පාපයේ වහල්කමින් සහ පාපයේ ආදීනව වලින් පීඩනයට පත් වූවන්ට දෙවියන්වහන්සේ ගේ යුක්තිය ගැලැවීමේ බලවේගයක් බවට පත් වී තිබේ.  එනම් දෙවියන් වහන්සේ ගේ යුක්තිය උන්වහන්සේ ගේ දයාව ම ය "යි පාප් වහන්සේ දයාව වසර සඳහා නිකුත් කල ප්‍රකාශනයේ සඳහන් කරති. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය