"වත්කමින් දුප්පත් - ප්‍රේමයෙන් පොහොසත් සභාවක අරුණෝදය උදාකරන්නන් වෙමු" - පාතිමා සියවස් පූජාවේ ධර්ම දේශනය

Holy Father calls on Catholics to re-discover the Church "Poor in means and Rich in Love" in Fatima



(2017 මැයි  13)
"වත්කමින් දිළිඳු වූ - ප්‍රේමයෙන් පොහොසත් වූ " සභාවක් වීමේ  සභා නවෝදයක් ඇති කිරීම පිණිස කටයුතු කිරීමට එක් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි. "කතෝලිකයන් ධර්මදූතික වූ ද, නිදහස් සහ උණුසුමින් පිළිගන්නා  වූ ද සභාවක් සඳහා වැඩකරන අරුණෝදයේ මුරකරුවන්  විය යුතු" බව ද එතුමා පෙන්වා දෙයි.

සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පාතිමාවේ දී මරිය මෑණියන් දර්ශනය් වීමේ සියක් වසරේ සංවත්සරය හා එතුමිය දුටු ගොපලු දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පෘතුගාලයේ පාතිමා පුද බිමේ අද (මැයි 13) පැවැති මංගල්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමිනි.

පැට්මොස් හි සිටි ජුවාම් අපෝස්තුලු තුමා දේවමාතාවන් දුටු ආකාරයත්, ජුවාම් අපෝස්තුලු තුමන්ට ජේසු සමිඳුන් කුරුසියේ දී දේවමාතාවන් භාර දුන් ආකාරයත් එසේ ම පාතිමාවේ දී ගොපලු දරුවන් මරිය මෑණියන් දුටු ආකාරයත් සම්බන්ධ කරමින් මරිය මෑණියන් ගේ මාතෘක සෙනෙහස ප්‍රැන්සිස් සුදොතුමා මෙහිදී විස්තර කළේය.
" 'සූර්යයා ගෙන් සළු පැළඳි ස්ත්‍රියක් අහසෙහි දර්ශනය වුවාය'. පැට්මොස් හි දර්ශනය දුටු තැනැත්තා හෙළිදරව්ව පොතේ කියන්නේ එසේයි .(12:1) එම ස්ත්‍රිය දරුවකුට උපත දුන් බවත් ඔහු පවසයි. සුබ අස්නේ අපට අසන්නට ලැබෙන්නේ කුරුසියේ සිටි ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයාට කී දෙයයි: එනම්, 'මෙන්න ඔබේ අම්මා'. ප්‍රිය සහෝදර සහෝදරියනි, අපට අම්මා කෙනෙක් සිටියි. 'ඉතා ලස්සන ස්ත්‍රියක්.' මීට හරියටම වසර 100කට ඉහත පාතිමා දර්ශනය දුටු ගොපලු දරුවන් තිදෙනා ආපසු ගෙදර යමින් ඕ  තුමිය ගැන තමන් අතර කතා කරමින් ගියේ ඒ  ආකාරයටයි. ...ප්‍රිය සහෝදර සහෝදරියනි, අපට අම්මා කෙනෙක් සිටියි. දරු කැලක් සේ එතුමිය තුල වෙලී සිටිමින්  ඔවුනට ස්වර්ගීය මෑණියන් දැක ගන්නට ලැබුණා" යි එතුමා කීවේය.ජේසු සමිඳුන් කෙරෙහි  වූ අපගේ බලාපොරොත්තුවෙන් ජීවත්වෙමු. මේ බලාපොරොත්තුව අපගේ ජීවිත වලට මග පෙන්වත්වා! අපගේ අවසන් හුස්ම දක්වා අප පෝෂණය කරන්නේ මේ බලාපොරොත්තුවයි."

නවක සාන්තුවර ශා. ජසින්තා මාර්තෝ දුටු දර්ශනයක් සිහිපත් කල සුදොතුම් පියතුමා කීවේ, අප එකිනෙකා වෙනුවෙන් යාච්ඥා කල යුතු බවයි. දෙව්මව් සළුවේ රැකවරණය තුළ අපට ආරක්ෂාව හා පිහිට ඇති බව එතුමා පෙන්වා දුන්නේය:
"දේව මෑණියන් විසින් දර්ශනයක් දානය කරන ලද සිය ඥාති සොයුරිය ජසින්තා කී කතාවක් ලුසියා කන්‍යා සොයුරිය සිය දිනපොතේ මෙසේ සටහන් කර තිබෙනවා: 'අර වීදි, අර මාවත්, අර බිම්කඩවල් ඔබට පෙනෙන්නේ නැද්ද? ඒවා පුරා කන්නට ආහාරයක් නැතිව හඬමින් සිටින ජනතාව ඔබට පෙනෙන්නේ නැද්ද? එත් ඔවුන්ට කන්නට කිසිවක් නොමැති බව ඔබට පෙනෙන්නේ නැද්ද? ඒ වගේ ම දෙව්මැදුරක මරිය තුමිය ගේ නිර්මල හෘදය ඉදිරියේ යාච්ඥා කරමින් සිටින සුදොතුම් පියතුමාත් එතුමා සමග යාච්ඥා කරන ජනතාවත්  ඔබට පෙනෙන්නේ නැද්ද?'  ස්තුතියි, ප්‍රිය සහෝදර සහෝදරියනි, මා සමග මෙහි පැමිණ සිටීම ගැන. කන්‍ය මරිය මෑණියන්ට ගෞරවය දැක්වීමටත් එතුමිය ගේ සියලු දූ පුතුන් එතුමිය වෙත කැප කිරීමටත් මෙහි පැමිණීම මට අවශ්‍යවම තිබුනා. එතුමිය  ගේ  සළුව යට ඔබ අතරමං වී නැහැ; එතුමිය ගේ ආලිංගනයෙන් ඔබට අවශ්‍ය බලාපොරොත්තුවත් සාමයත් ලැබෙනු ඇත. මේ ආශීර්වාදය ප්‍රසාද ස්නාපනය තුළ මගේ සියලු සහෝදර සහෝදරියනටත්, අපගේ මුළු මානව පවුලටත්, විශේෂයෙන්, රෝගී, ආබාධිත, සිරගත වූ, රැකියා විරහිත, දුප්පත් සහ තනි වූ සියලු සහෝදර සහෝදරියනටත් ලැබේවායි මම යාච්ඥා කරමි."

"ඇත්ත වශයෙන් ම දෙවියන් වහන්සේ අප මවා වදාළේ, අප එකිනෙකා ගේ ජීවිත තත්වය තුළ,  සෙසු අයට බලාපොරොත්තුවේ උල්පතක් වනු පිණිසය. අපගේ ජීවිත තත්වය තුළ අපගේ වගකීම් ඉටු කිරීම දෙවියන් වහන්සේ අප එකිනෙකාගෙන් ඉල්ලා සිටින අතර, අපගේ හදවත් සීතල කොට අපගේ දුරපෙනීම දුර්වල කරන්නා වූ උදාසීනත්වයට එරෙහිව උන්වහන්සේ අප ශක්තිමත් කරන සේක. අපට මැරුණු බලාපොරොත්තුවක් විය නොහැකිය. ජීවිතය පවතින්නේ සෙසු ජීවිත වල පරිත්‍යාග නිසා ය. ...."

"මරිය මෑණියන් ගේ ආරක්ෂාවෙන්, අපි අපගේ ලෝකයට ගැලවුම්කාරයාණන් වන ජේසු සමිඳුන් ගේ සැබෑ මුහුණුවර ගැන භාවනා කරමින් පාස්කු සමයෙහි දීප්තියෙන් බබලන අරුණෝදයේ මුරකරුවන් බවට පත්වෙමු. එසේ වූවිට ධර්මදුතික වූ ද, උණුසුමින් පිළිගන්නා සහ නිදහස් වූ ද, විස්වාසනීය වූ ද වත්කමින් දිළිඳු සහ ප්‍රේමයෙන් පොහොසත් වූ ද සභාවක යෞවන හා සුන්දර සභාවක වත මණ්ඩල යළි සොයාගන්නට අපට හැකි වනු ඇත."


















Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය