"ජීවිතයේ වේදනාකාරී, පීඩාකාරී, ගනඳුරු මොහොතවලත් ජේසු සමිඳාණෝ අප සමග ගමන් කරති"- සුදොතුම් පියතුමා කියයි.

"Jesus walks with us even in the darkest and most painful moments": Wednesday general audience 


(2017 මැයි 27)
ජීවිතය තුළ අප කෙතරම් දුක් කරදර, පරීක්ෂා වලට මුහුණ දුන්නත්  එම්මාවුස් පාරේ ගමන් කල අනුගාමිකයන් සේ,අප සතුව බලාපොරොත්තුවක් තිබේ. මන්ද, ජේසු සමිඳාණන් සෑම මොහොතකම අප සමග ගමන් කරන නිසා යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

"අප සෑම කෙනෙකුට ම අපගේ ජීවිතවල දුෂ්කර කාලයන් තිබෙනවා. අඳුරු සමයන් තිබෙනවා. අප දුකෙන්, කණගාටුවෙන්, අවිනිශ්චිත සිතිවිලිවලින් ඇවිද ගිය අවස්ථාවල්, සිතිජයක් නොපෙනෙන අවස්ථාවල් තිබෙනවා. අප ඉදිරියට යා නොහැකිව තාප්පයක් ඉදිරියේ හිරවුණා සේ දැනෙන අවස්ථා තිබෙනවා" එතුමා විස්තර කළේය. "එහෙත්, මෙවැනි අවස්ථාවල පවා අපට බලාපොරොත්තුව දෙන්නට, අප හදවත් උණුසුම් කරන්නට, ජේසු සමිඳුන් අප අසල, අප සමග සිටිනවා. එසේ අප සමග සිටිමින් උන්වහන්සේ අපට පවසනවා, 'ඉදිරියට යන්න. මා ඔබ සමගයි. ඉදිරියට යන්න' කියා. අපට අහිතකර සිදුවීම් වලදී පවා උන්වහන්සේගේ ආදරය අපට නොකඩවා ලැබෙනවා."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මැයි 24 බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති සතිපතා පොදු හමුවේදී ය. (ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුණගැසීමෙන් පසුව එතුමා වහාම, නොපමාව පැමිණියේ පොදු හමුවට ය.)

මේ සතියේ ද එතුමා සිය භාවනාව සඳහා තෝරාගෙන තිබුනු තේමාව "බලාපොරොත්තුවයි". ජේසු සමිඳුන් ගේ කුරුසියේ මරණයෙන් පසුව උන්වහන්සේ උත්ථාන වූ බව නොදැන එමාවුස් බලා ගමන් කරමින් සිටි ක්‍රිස්තු අනුගාමිකයන් දෙදෙනා පිලිබඳ සිද්ධිය තුළ ගැබ්ව ඇති බලාපොරොත්තුව පිලිබඳ පණිවිඩය  මෙදින එතුමා ගේ භාවනාවට තේමාව වී තිබිණි.

"අති වේදනාකාරී, පීඩාකාරී මොහොතවල, අපට බොහෝ අයහපත් මොහොතවල, පරාජිත යැයි අපට පෙනෙන මොහොතවල  පවා ස්වාමීන් වහන්සේ අප සමග සිටිනවා. මෙයයි අපගේ බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුවෙන් අපි ගමන් කරමු. මන්ද උන්වහන්සේ අප සමග සෑමවිටම ගමන් කරමින් සිටිනවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

(මේ සිද්ධිය ඔබ නොදන්නේ නම්, ජේසු සමිඳුන් කුරුසිය මත මිය ගොස් තුන් දිනක් ගත වෙද්දී උන්වහන්සේ ගේ  අනුගාමිකයෝ දෙදෙනෙක් ජෙරුසලමේ සිට එමාවුස් දක්වා ගමන් කරමින් සිටිති. ජේසු සමිඳුන් ගේ කුරිරු මරණයෙන් බොහෝ වික්ෂිප්තව, කම්පනයට පත්ව, අධෛර්යයට පත්ව සිටින ඔවුන් කතා කරමින් යන්නේ ඒ ගැනයි. ටික වෙලාවකින් අමුත්තෙක් ඔවුනට එකතු වෙයි. ඔවුන් කතා කරමින් යන්නේ කුමක්දැයි මේ අමුත්තා අසයි. "ඔබ හරි කෙනෙක් නේ" යැයි වේදනාවෙන් ඔහුට කියන ඔවුන්  ජේසු සමිඳුනට අත්  වූ ඉරණම ඔහුට විස්තර කරයි. ඔවුන්ට සවන් දෙන අමුත්තා "ජේසු සමිඳුන් ඊට මුහුණ දෙන්නට නියමිතව තිබුණා ..."යි  කියමින් උන්වහන්සේ ගැන ලියවී තිබුණු ශුද්ධ ලියවිලි පාඨ ගෙනහැර පා එය විස්තර කරයි. මේ අතර ඔවුහු එම්මාවුස් වලට පැමිණෙති. රෑ බෝවී ඇති නිසා තමන් සමග නතර වන්නැයි මේ ජේසු අනුගාමිකයෝ දෙදෙනා අමුත්තාගෙන් ඉල්ලයි. රාත්‍රී ආහාරය අවස්ථාවේ අමුත්තා "පූප කඩන" විට ඔවුන් ගේ නෙත් ඇරී මේ අමුත්තා වෙන කවුරුත් නොව උත්ථාන වූ ජේසු සමිඳුන් ම බව ඔවුහු හඳුනා ගනිති.)

"ජේසු සමිඳුන් කුරුසියේ ඇණගසා මරා දැමීමට පෙර මේ ශ්‍රාවකයන් තුළ තිබු සියලු බලාපොරොත්තු බිඳ වැටී තිබුණා. ඊට හේතුව ඔවුන් තුළ තිබුනේ 'මානව බලාපොරොත්තුව පමණක් නිසා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. "ජේසු සමිඳුන් ඔවුන්ට දර්ශනය වන්නේ මේ මොහොතේ දී යි. මේ ජවනිකාව - එනම් මාවත, පාර - සුබ අස්න තුළ ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. අපගේ ජීවිතයේ අප අපගේ ම කුරුස හෝ මහා බර තබාගෙන වේදනාවෙන්, අසහනයෙන් ගමන් කරන අවස්ථා හා සලකන කල මෙම අවස්ථාව අපට පෙනෙන්නේ අහම්බයක් ලෙසයි. එහෙත් ඔවුන් ජේසු සමිඳුන් හඳුනා නොගත්තත් උන්වහන්සේ ඔවුනට එක් වෙනවා. එසේ ඔවුන් ගේ ගමනට සම්බන්ධ වී උන්වහන්සේ 'බලාපොරොත්තුවේ චිකිත්සාවක්' ආරම්භ කරනවා. කුමක්ද මේ චිකිත්සාව? මේ චිකිත්සාවේ ප්‍රථම පියවර මේ අනුගාමිකයන් ගෙන් විමසීම හා ඔවුනට සවන් දීමයි," සුදොතුම් පියතුමා සිද්ධිය විස්තර කළේය.

"අපගේ දෙවියන් වහන්සේ අපගේ ජීවිතය ආගන්තුකයෙක් නොවෙයි. උන්වහන්සේ අපගේ ජීවිතයට බලහත්කාරයෙන් අතුලුවන දෙවිකෙනෙක් ද නොවෙයි. ඔවුන්ගේ කලකිරීමට හේතුව උන්වහන්සේ දැන සිටියත්, තමන් වහන්සේ ගේ වේදනාවේ පරිමාව දැනගැනීමට ඔවුනට ඉඩහැරීම සඳහා උන්වහන්සේ කාලය ලබා දෙනවා. ඔවුන්ට සවන් දීමේදී මානව ජීවිතයේ නිරන්තර වචන මාලාව අපට ඇහෙනවා: 'අප බලාපොරොත්තු වුනා, එහෙත්.....අප බලාපොරොත්තු වුනා, එහෙත්....."


"එක් එක් පුද්ගලයාගේ ජීවිතය තුළ කෙතරම් නම් වේදනාවක්, කෙතරම් නම් පරාජයන් කෙතරම් නම් අසාර්ථකත්වයන් තිබෙනවාද? අප හැම කෙනෙක් ම ටිකක් හෝ මේ ශ්‍රාවකයන් දෙදෙනා වගෙයි" සුදොතුම් පියතුමා කීවේය.





"එහෙත් තම හිස නමා ගෙන ගමන් කරන අධෛර්යයට පත් වූ සෑම කෙනෙකු සමගම ජේසු සමිඳුන් ගමන් කරනවා. එසේ ගමන් කරන අතර, කිසියම් සියුම් ක්‍රමයකින් ඔවුන් තුළ බලාපොත්තුව ඇති කරන්නට උන්වහන්සේ සමත් වෙනවා." එතුමා පෙන්වා දුන්නේය.

"ජේසු සමිඳුන් ඔවුනට කතා කරන විට උන්වහන්සේ මුලින්ම කරන්නේ ශුද්ධ ලියවිල්ල පහදා දීමයි" එතුමා තව දුරටත් පැහැදිලි කළේය. "පහසු වීර ක්‍රියා හෝ ගිගුම් දෙන විජයග්‍රහණ පිලිබඳ කතන්දර බයිබලය තුළ හමුවන්නේ නැහැ. සැබෑ බලාපොරොත්තුව කිසිවිටෙකත් ලාබ දෙයක් නොවේ. එය නිරන්තරයෙන් ම පරාජයන් ඔස්සේ ගමන් කරන්නකි."

"ජේසු සමිඳුන් මෙහිලා අපට ආදර්ශයක් වන්නේ සිය ජනතාව ප්‍රචණ්ඩ යුද්ධයක් ඔස්සේ ජයග්‍රහණය කරා ගෙනයන නායකයකු ලෙස නොවේ. තමා නින්දා විඳින්නා ගේ පරාජිතයා ගේ තත්වයට පත්වෙමිනුයි" එතුමා කියා සිටියේ ය.











Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය