ජනාධිපති ට්‍රම්ප් සමග හමුවේ දී "ඇරුණු දොරවල්" සොයනවා - තමා හා ට්‍රම්ප් අතර හමුව ගැන සුදොතුම් පියතුමා කියයි

"There will be 'open doors'", Pope expresses hope for the meeting with President Trump 


(2017 මැයි 13)
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන හමුවේදී තමන්ට "විවෘත දොරටු" සොයාගත හැකිවනු  ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. කිසියම් පුද්ගලයකු තමන් හමුවී ඔහුගේ/ඇයගේ  අදහස් ප්‍රකාශ කරන තුරු ඔහුගේ හෝ ඇයගේ අදහස් ගැන තමන් විනිශ්චය නොකරන බවද එතුමා පෙන්වා දෙයි.

සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පාතිමාවේ සිට වතිකානය බලා ආපසු එන ගමනේ දී ගුවන් යානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය. මෙම හමුවේ දී එම ගුවන් යානයේ ම එතුමන් සමග ගමන් කරමින් සිටි මාධ්‍යවේදීහු එතුමාගෙන් විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළහ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මස 24 වැනිදා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවෙයි. මෙම ගමන ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු කෙරෙන ප්‍රථම රාජ්‍ය චාරිකාව වීම ද විශේෂ සිදුවීමකි.

ඒ පුවත මෙතන ක්ලික් කර කියවන්න:ට්‍රම්ප් වතිකානයට - ජනාධිපති ලෙස පළමු නිල විදේශ රාජ්‍ය චාරිකාව

මේ පිලිබඳ කතා කළ එක් මාධ්‍යකරුවකු ප්‍රශ්න කලේ සාංක්‍රමනිකයන් සහ කාලගුණික විපර්යාස පිලිබඳ ජනාධිපති ට්‍රම්ප් ගේ  ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පාප් වහන්සේගේ මතය කුමක්ද? යන්නයි.

"මම කිසියම් පුද්ගලයකුට සවන් නොදී එම පුද්ගලයා ගේ මතය විනිශ්චය කරන්නේ නැහැ. මා විශ්වාස කරනවා මා එසේ නොකළ යුතුයි කියා," යැයි ඊට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කිවේය. "අප අතර සාකච්ඡාවේ දී කරුණු ඉස්මතු වේවි. ඔහු ඔහු සිතන දේ ප්‍රකාශ කරාවි. මම මා සිතන දේ කියා සිටිනවා. එහෙත් මට කිසිදාක අවශ්‍ය නැහැ, කිසිවෙකුට සවන් නොදී ඔවුන් විනිශ්චය කිරීමට," යයි එතුමා අවධාරණය කළේය.

සරණාගතයන්, සාංක්‍රමනිකයන්, මිහිතලය උණුසුම් වීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන්  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට වඩා මුළුමනින්ම පරස්පර මත ය. මේ නිසා තමාට වඩා වෙනස් මත දරන රාජ්‍ය නායකයකු සමග හමුවකින් සුදොතුම් පියතුමා  බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තවත් මාධ්‍යවේදියෙක් එතුමාගෙන් ප්‍රශ්න කළේය.

"සෑම විටකම නොවැසුනු දොරවල් සොයාගන්නට පුළුවනි" සුදොතුම් පියතුමා කීවේය. "අඩුම තරමේ මඳක් හෝ අරුණු දොරක් සොයා ගන්න උත්සාහ ගන්න. එයින් ඇතුළු වී පොදු දේවලින් පටන් ගන්න. ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට යන්න. අනෙකාට ගරු කරන්න. ඔබ සිතන දේ කියන්න. එහෙත් ගෞරවයෙන් කියන්න. එසේ කියමින් එකට ඉදිරියට  පා නගන්න.." එතුමා සඳහන් කළේය.

ඔබ දෙදෙනා අතර හමුවෙන් පසුව ට්‍රම්ප් ගේ තීරණ වල මෘදු බවක් දක්නට ලැබෙනු ඇතැයි ඔබ සිතනවා දැයි තවත් මාධ්‍ය වේදියෙක් සුදොතුම් පියතුමා ගෙන් ඇසුවේය.

"මෙය මම කරන්නට අකැමැති දේශපාලන ගණන් හැදීමක්" එතුමා කෙටි පිළිතුරක් දුන්නේ ය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විවධ කරුණු සම්බන්ධයෙන් ප්‍රති විරුද්ධ මත දරන නිසා ලෝක තතු විචාරකයෝ මෙම හමුව දෙස දැඩි අවධානයෙන් බලා සිටිති.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය