සුදොතුම් පියතුමා ගේ මෙවර පාද දෝවන පිළිවෙත සරණාගත මධ්‍යස්ථානයක

 Pope Francis to wash refugees' feet come Holy Thursday

 


(2016 මාර්තු 14)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙවර මහා බ්‍රහස්පතින්දා පාද දෝවන පිළිවෙත සඳහා සාංක්‍රමනිකයන් සහභාගී කරගැනීමට නියමිතයි. සරණාගතයන් පිළිගැනීම සඳහා යුරෝපය මීට වඩා වැඩි ප්‍රයත්නයක් දැරිය යුතු බව ඒත්තු ගැන්වීම එතුමන් ගේ මෙම සංකේතාත්මක ක්‍රියාවේ අරමුණ බව වතිකාන ආරංචි මාර්ග කියයි.

මේ හේතුවෙන් ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය උත්සවාකාරයෙන් සැමරීමේ දිව්‍ය පුජාව සුදොතුම් පියතුමන් රෝමයේ සාංක්‍රමනික මධ්‍යස්ථානයක පවත්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් ගේ පාද දෝවනය කිරීම අනුගමනය කරමින් සිදුකෙරෙන පාද දෝවන පිළිවෙත මහ බ්‍රහස්පතිදා පැවැත්වෙන දිව්‍ය පුජාවේ වැදගත්  කොටසකි. මෙහිදී පාප් වහන්සේ සරණාගතයන් 12 දෙනෙකු ගේ පාද දෝවනය කිරීමට නියමිතය.

කිතුනු සේවාවේ හා කිතුනු ප්‍රේමයේ රැඩිකල් ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා ඉකුත් වසර තුනේ දීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාද දෝවන පිළිවෙත උපයෝගී කර ගත්තේය. විශේෂයෙන්ම සමාජයෙන් බැහැර කරන ලද්දන් හා පිටුදකිනු ලැබුවන් කෙරෙහි සේවාව එතුමන් අවධාරණය කරන කරුණකි. එවැනි ජනයා කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පසුගිය වසරවල පාද දෝවන පිළිවෙත සඳහා එතුමා බන්ධනාගාර ගතවූවන් සහභාගී කරගත්හ. අතර ඉස්ලාම් බැතිමතුන් දෙදෙනෙක් ද කාන්තාවන් දෙදෙනෙක් ද වුහ.

සිරියාවේ පවතින යුද්ධය හා අප්‍රිකානු රටවල පවත්නා ප්‍රචණ්ඩ තත්වයන් හේතුවෙන් යුරෝපයට පළා එන සරණාගතයන් සංඛ්‍යාව දැවැන්ත ලෙස වැඩි වී තිබේ. යුරෝපයේ සරණාගතභාවය ඉල්ලන සිරියානුවන් ගේ සංඛ්‍යාව 2015 දී 362,800 දක්වා ද ඉරාක ජාතිකයන් ගේ සංඛ්‍යාව 121,500 දක්වා ද ඉහල ගිය බව යුරෝපීය කොමිසම කියයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය