ප්‍රැන්සිස් පාප් වහන්සේ "නව මාවතක": දැන් "ඉන්ස්ටග්‍රෑම්' සමාජ මාධ්‍යයේ එතුමන් හමුවන්න

Pope Francis on Instagram now: "Pray for me" - The first message 


(2016 මාර්තු 19)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් තවත් "පලමුවැන්නක් " ඉතිහාසයට එකතු විය. එනම් Instagram සමාජ මාධ්‍ය ජාලයට එක් වූ පළමු සුදොතුම් පියතුමා ලෙස එතුමා ඉතිහාසයට එක්  වීමයි. 

එතුමන් ගේ Instagram ගිණුම 2016 මාර්තු 19 වනදා අන්තර්ජාලයට එක්විය.  එහි පළමු සටහන  සුදොතුම් පියතුමා දනගසාගන යාච්ඥා කරන ඡායාරූපයකි. ඊට ඇතුලත් පණිවිඩයෙන් එතුමා තමා වෙනුවෙන් යාච්ඥා කිරීමට ලෝක  ජනතාවට ඇරැයුම් කරයි. " මා වෙනුවෙන් යාච්ඥා කරන්න" ("Pray for me") යයි භාෂා නවයකින් මෙම ආරාධනය කර තිබේ.

එතුමා ගේ Instagram ගිණුමෙහි හැඬලය @ Fransiscus යන්නයි. ඉතාලි වේලාවෙන් සෙනසුරාදා දහවල් අන්තර්ජාලයට එක්වූ මෙම ගිණුමට පැය බාගයක් ඇතුලත අනුගාමිකයෝ දසදහසකට අධික ප්‍රමාණයක් එක්වුහ.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෘදු බවේ සහ කරුණාවේ ක්‍රියාකාරකම්  වඩා හොඳින් දැන ගනිමින් එතුමන් සමග ගමන් කිරීමට බලාපොරොත්තුවන අයට  සහාය වීම සඳහා  එතුමන් ගේ පාප් ධුරය සේයාරූ මගින් ගෙන ඒම Instagram ගිණුමේ අපේක්ෂාව බව වතිකානයේ ජන සන්නිවේදන ලේකම් කාර්යාලයේ ප්‍රධානී මොන්සිඥෝ ඩැරියෝ ඊ. විගානි මාහිමි පවසයි. මේ අයුරින් ප්‍රැන්සිස් පාප් වහන්සේ එදිනෙදා ජීවිතය ගත කරන සමීප බව දැනගැනීමට හැකි වනු ඇති බව එතුමා සඳහන් කළේය.

ප්‍රධාන වශයෙන්ම ල' ඔසවතොරේ රොමානෝ පුවත්පතේ පළවන ඡායාරූප සහ වීඩියෝ මේ සඳහා යොදා ගන්නා බව වතිකාන ආරංචි මාර්ග කියයි.

"පාප්වහන්සේ සිතුවමින් ලොව පුරා ගැනේ යාමට Instagram ක්‍රියාකරනු ඇතැයි වතිකානයේ ජන සන්නිවේදන ලේකම් කාර්යාලයේ ප්‍රධානී මොන්සිඥෝ ඩැරියෝ ඊ. විගානි මාහිමි පවසයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය