සුදොතුම් පියතුමා වාර්ෂික චතාරික ධර්මවිවේකයේ

 Pope Francis and Curia members begin the annual retreat 

සුදොතුම් පියතුමා ඇතුළු කණ්ඩායම රොන්චි පියතුමා ගේ දේශනයකට සවන් දෙති

(2016 මාර්තු 8)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ රෝම ක්‍යුරියාවේ සාමාජිකයෝ මාර්තු 6 වන ඉරිදා සිය වාර්ෂික චතාරික ධර්ම විවේකය ආරම්භ කළහ. එය පැවැත්වෙන්නේ රෝමයෙන් පිටත ඇරිසියා නගරයේ පිහිටි "Casa Divin Maestro" කේන්ද්‍රයේ දී ය.

පාප් වහන්සේ ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමෙන් පසුව ධර්ම විවේකයට සහභාගී වීම සඳහා ක්‍යුරියා සාමාජිකයන් ද සමග බස් රථයකින් එම මධ්‍යස්ථානය බලා පිටත් වුහ.

පාප් වහන්සේ ගේ ධර්ම විවේකය වතිකානයෙන් පිටත පැවැත්වෙන තුන්වැනි වතාව මෙයයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එය වතිකානයෙන් පිටත පැවැත්වීමට තීරණය කිරීමේ අරමුණ වූයේ "ධර්මවිවෙකය අතරතුර වැඩ කිරීමේ දුර්පරීක්ෂාවට" හසු නොවීම බව වතිකාන වාර්තා කියයි.

මෙවර මෙම ඥානකාන්තිය මෙහෙයවන්නේ මරිය සේවක නිකායේ ගරු එර්මෙස් රොන්චි පියතුමායි. සිව් සුවිශේෂවල හමුවන රසවත් හා අරුත්බර  ප්‍රශ්න 10ක් පිළිබඳව  භාවනා කරමින් හා ආධ්‍යාත්මික අභ්‍යාස පවත්වමින් දේශක පියතුමා එය මෙහෙයවනු ඇති බව වතිකාන රේඩියෝව පවසයි.

එම ප්‍රශ්න මේවායි:
1. "ඔබ සොයන්නේ කුමක් ද?" ( ජුවාම් 1:38)
2. "ඔබ බියවන්නේ කුමකට ද? ඔබ තුළ තවමත් විශ්වාසය නොමැති ද?" (මාක් 4:40)
3. "ඔබ පොළොවේ ලුණුය. ලුණෙහි රස නැති වූ විට, යළිත් එය ලුණු රස ගන්වන්නේ කෙසේ ද?" (මතෙව් 5:13)
4." එහෙත්, මා කවුරුන්දැයි කියා ඔබ කියත් ද?" (ලූක් 9:20)
5. "පසුව, කාන්තාව දෙස නෙත් යොමා, උන්වහන්සේ සයිමන්ට මෙසේ පැවසු සේක:"ඔබට මෙම කාන්තාව පෙනෙනවා ද?" (ලූක් 7:44)
6. "ඔබ සතුව පාන් ගෙඩි කීයක් කීයක් තිබෙනවා ද?" (මාක් 6:38 සහ මතෙව් 15:34)
7. " ජේසුන් වහන්සේ හිස ඔසවා, ඇයට මෙසේ පැවසූ සේක: "ස්ත්‍රිය, ඔවුන් කොහෙද? කිසිවකු ඔඅබ මත වර පැටවූයේ නැද්ද?" (ජුවාම් 8:10)
8. "ස්ත්‍රිය ඔබ වැලපෙන්නේ මන්ද? ඔබ සොයන්නේ කාවද?" (ජුවාම් 20:15)
9. "ජුවාම් ගේ පුත් සයිමන්, ඔබ මට ප්‍රේම කරනවා ද?" (ජුවාම් 21:16)
10. "මරිය තුමිය දේව දූතයාට මෙසේ පැවසුවාය: 'මෙය සිදුවන්නේ කෙසේද?' "(ලූක් 1:34)

ධර්ම විවේකය හේතුවෙන්  සුදොතුම් පියතුමා ගේ කිසිදු හමුවීමක්  හෝ රැස්වීමක් මේ සතියේ වතිකානයේදී පැවැත්වෙන්නේ නැත. මෙම ආත්මික අභ්‍යාසය මාර්තු 10 වැනිදා දක්වා පැවැත්වේ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය