ලෝක ගුරු සම්මානය පලස්තීනයේ ගුරු මවකට: සුදොතුම් පියතුමා නිවේදනය කරයි (Vedio)

2016 International Teacher Prize goes to a Palestinian: Pope announces

සුදොතුම් පියතුමා විසින් තමන් ගුරු ත්‍යාගය සඳහා නම් කිරීමෙන් පසු හනන් ප්‍රතිචාර දැක්වූ අයරු


(2016 මාර්තු 15)
2016 ජගත් ගුරු ත්‍යාගය දිනා සිටින්නී පලස්තීනයේ ගුරු මාතාවකි.

එම ත්‍යාගය ඇයට පිරිනැමෙන බව ප්‍රකාශයට පත් කලේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ය.

"ජගත් ගුරු ත්‍යාගය" පිරිනමනු ලබන්නේ ලොව අඩු වරප්‍රසාද සහිත දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් කැපවී සිටින පුණ්‍යායතනයක් වන වාර්කි පදනම විසිනි. ස්වකීය වෘත්තීය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ සුවිශේෂී ගුරුවරයා හෝ ගුරුවරිය වෙනුවෙන් වසරක් පාසා මෙම ත්‍යාගය පිරිනැමේ. ත්‍යාග මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂයකි.

මෙවර ජගත් ගුරු ත්‍යාගය පිරිනමන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පැවැත්වුණු "ලෝක අධ්‍යාපන හා කුසලතා සමුළුවේ" දී ය.

2016 එම ත්‍යාගය පලස්තීනයේ ප්‍රාථමික පාසල් ගුරුවරියක වන හනන් අල් හ්රූබ් වෙත පරිනමන බව ප්‍රකාශ කරන ලද්දේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසිනි. කලින් පටිගත කරන ලද වීඩියෝ පණිවිඩයක් මගින් සුදොතුම් පියතුමා ඇය මෙවර සුවිශේෂී ගුරුවරිය බව නිවේදනය කළේය. ලොව විවිධ රටවලින් ලැබුණු නාම යෝජනා සහ අයැදුම් පත් 8000 ක් අතරින් හනන් එම ත්‍යාගය සඳහා තෝරාගෙන තිබේ.

"යුද්ධ හෝ වෙනත් හේතු නිසා හොඳ අධ්‍යාපනයක් නොලැබෙන ජනතාව සේ ම කිසිදු අධ්‍යාපනයක් නොලබන ජනතාව ද විනාශය කරා ඇදී යමින් සිටින ජනතාවකි. මා ඉතා ගෞරවනීය වෘත්තියක් වන ගුරු වෘත්තීය අගය කරන්නේත් ඊට ගරු කරන්නේත් ඒ නිසා "යැයි පාප් වහන්සේ එම වීඩියෝ පණිවිඩයේ පවසති. 

පලස්තීනයේ තමා උගන්වන පාසලේ සාමන්‍යයෙන් ප්‍රචණ්ඩ හැසිරීමක් පෙන්නුම් කළ සිසුන්ගේ හැසිරීම වෙනස් කිරීමට අනුගමනය කල ක්‍රමවේද "We Play and We Learn" නමැති පොතේ හනාන් හ්රූබ් විස්තර කරයි. ඇය පවසන්නේ ක්‍රීඩාව (සෙල්ලම) හා ඉගෙනුම අත්වැල් බැඳගත් විට ළමුන් ගේ හැසිරීම වෙනස් වන අතර ඔවුන් ඉගෙනුම වෙත පහසුවෙන් යොමු කල හැකි බවයි.

"ළමයකුට සෙල්ලම් කිරීමට අයිතිවාසිකමක් තිබේ" යැයි සුදොතුම් පියතුමා සිය පණිවිඩයේ පවසයි. "අධ්‍යාපනයේ වැදගත් කොටසක් වන්නේ ක්‍රීඩා කිරීමට ළමයින්ට ඉගැන්වීමයි. මන්ද අප සමාජයීය වීමට ඉගෙන ගන්නේ ක්‍රීඩාව මගිනි. එසේම ජීවිතයේ ප්‍රීතිය අප ඉගෙන ගන්නේ ක්‍රීඩාව මගිනි."

"එබැවින් ළමයකු ගේ අධ්‍යාපනයට ක්‍රීඩාව ඉටුකරන භූමිකාව අවධාරන කිරීම නිසා මෙම කීර්තිමත් ත්‍යාගය දිනාගත් හනන් අල් හරූබ්ට මම සුබ ප්‍රාර්ථනා කරමි" යි ප්‍රන්සිස් පාප් වහන්සේ සඳහන් කරති.

හනන් හැදී වැඩුණේ බෙත්ලෙහෙමේ සරණාගත කඳවුරකය. එහි දී ඈ නිරන්තරයෙන් ප්‍රචණ්ඩත්වය අත්දුටුවාය. ගුරුවරියක වූ ඇය මෙම අත්හදාබැලීම් හා කැපවීමේ වෙත වඩාත් දිරිගන්වන ලද්දේ ඇස් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමක් හේතුවෙන් ඇයගේ දරුවන් දෙදෙනා කම්පනයට ලක් වීමෙන් පසුවය. මේ වන විට ඇය ජෙරුසලෙමට සැතැප්ම 14ක් උතුරෙන් පිහිටි අල-බීරෙ නගරයේ පිහිටි පාසලකය. 

සටහන:

"ළමයකුට සෙල්ලම් කිරීමට අයිතිවාසිකමක් තිබේ. අධ්‍යාපනයේ වැදගත් කොටසක් වන්නේ ක්‍රීඩා කිරීමට ළමයින්ට ඉගැන්වීමයි"යැයි සුදොතුම් පියතුමා සිය පණිවිඩයේ පවසයි.

නූතන ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය තුළ ළමයින් ගේ ක්‍රීඩා කිරීමේ අයිතිවාසිකම දෙමාපියන් ගා ටියුෂන් ගුරුන් විසින් සාහසික ලෙස උදුරා ගනු ලැබ තිබේ. මේ වන විට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පමණක් නොව පලමුවන ශ්‍රේණියේ සිට ළමයින් ටියුෂන් පන්ති යැවීම රටේ උවදුරක් බවට පත්ව තිබේ. අලුයම හතරේ සිට උදේ හතහමාර දක්වාත් යලිත් පාසල් අවසන් වන වෙලාවේ සිට රාත්‍රී දහය හෝ එකොළහ දක්වාත් පැවැත්වෙන මෙම පන්තිවලින් උදුරාගනු ලැබ ඇත්තේ තමන් පුංචි කාලේ සෙල්ලම් කල කාලය බව දෙමාපියන්, ගුරුවරුන් සේ ම අපේ රට ආණ්ඩු කරන්නන් ද විශේෂයෙන් අධාපනඥයන් ද තේරුම් ගත යුතු කාලය පැමිණ තිබේ.

හනන් අල් හ්රූබ් ගේ නිදර්ශනය පෙන්වා දෙන්නේ ඉගෙනුම හා සෙල්ලම මුසු කිරීමෙන් කලින් ප්‍රචණ්ඩ වූ ළමයකු තුළ පවා ස්වභාවිකව ඇති වන යහපත් චර්යාමය  වෙනසයි.

"සෙල්ලම් කිරීමේ අයිතිවාසිකම" උදුරාගනු ලබන දරුවන් තුළ  ඇතිවිය හැකි චර්යාමය වෙනස ගැන කවුරුන් විසින් හෝ මෙතෙක් පරීක්ෂණ පවත්වා නැත.

අපේ අධ්‍යාපන ක්‍රමය මෙම සාහසික ටියුෂන් උවදුරෙන් ගලවා නොගතහොත්, තව වසර 20කින් 25 කින් පමණ, පරීක්ෂණයකින් තොරවම  ශ්‍රී ලංකාවෙන්  ඊට සාක්ෂි ලැබෙනු ඇත.  එවිට අප ප්‍රමාද වැඩි විය හැකිය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය