ප්‍රැන්සිස් පාප් වහන්සේගේ "පවුල තුළ ප්‍රේමය" අප්‍රේල් 8 දොරට වඩියි

 Pope Francis' post-Synod doc "Love in the Family" to be released on April 8



(2016 මාර්තු 31)
නූතන පවුලේ තිළිණ හා අභියෝග සම්බන්ධයෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පශ්චාත් සෛනෝඩීය අපෝස්තලික හසුන අප්‍රේල් මස 7 වැනිදා ප්‍රකාශයට පත් කැරේ.

වතිකාන ජනමාධ්‍ය අංශය මේ බව අද  (2016 මාර්තු 31) නිවේදනය කළේය.

මෙම අපෝස්තලික හසුන නම් කර ඇත්තේ “Amoris Laetitia,” ("on love in the family")  හෙවත් "පවුල තුළ ප්‍රේමය"  යනුවෙනි. මෙය කතෝලික සභාව හා නිරීක්ෂකයන් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ලේඛනයකි. ඊට පාදක වන්නේ 2014 සහ 2015 වසර වල පැවැත්වුණු පවුල පිළිබඳ සිනොඩ් සමුළුවලදී ගන්නා ලද තීරණ හා ඒවායේ දී මතු වූ කරුණු සම්බන්ධයෙන් පාප් වහන්සේ ගේ අවසන් නිරීක්ෂනයි.

අප්‍රේල් 8 දා පැවැත්වෙන මාධ්‍ය හමුවක දී "පවුල තුළ ප්‍රේමය" නිල වශයෙන් දොරට වඩියි. ඉතාලි, ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මානු, ස්පාඥ්ඥ සහ පෘතුගීසි භාෂා වලින්  එය එකවර ප්‍රකාශයට පත් කෙරේ. එම මාධ්‍ය හමුවේ ප්‍රධාන ප්‍රකාශකයන් වන්නේ පවුල පිලිබඳ සිනොඩ් සමුළුවේ මහ ලේකම් ලොරෙන්සෝ බැල්ඩිසෙරී කාදිනල් හිමි සහ වියානාහි අගරදගුරු දොමිනිකාන නිකායික ක්‍රිස්ටොෆ් ස්කොන්බෝන් කාදිනල් හිමිපාණෝ ය. පවුල සම්බන්ධයෙන් වූ මෙම මාධ්‍ය හමුවට විවාහක යුවලක් ද එක් වෙති. එනම් රෝම විශ්ව විද්‍යාලයේ සදාචාර දර්ශනය පිලිබඳ මහාචාර්ය ප්‍රැන්සිස්කෝ මියානෝ සහ ඔහුගේ බිරිඳ නාපොලි නුවර දක්ෂිණ ඉතාලි දේව ධර්ම පීඨයේ දර්ශනය පිලිබඳ කථිකාචාර්ය ජිසෙපිනා ඩි සිමොනේ ඉන් මියානෝ ය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම සිනොඩ් සමුළුව කැඳවනු ලැබ තිබුනේ පවුලේ සෞන්දර්යය හා නූතන පවුල මුහුණ දෙන අභියෝගත් ඒවාට කතෝලික සභාවේ ප්‍රතිචාරයත් සාකච්චා කරනු පිණිසයි. මෙම අපෝස්තලික හසුන නිකුත් වීමත් සමග එම කතිකාව සමාප්තියට පත් වන බව වතිකාන ආරංචි මාර්ග කියයි.

2015 පැවැත්වුණු පවුල පිලිබඳ සංආනුඅ සිනොඩ් සමුළුව තරමක උණුසුම් මුහුණුවරක්  ගත්තේය. දික්කසාද වී යළි සිවිල් විවාහ කරගත් කතෝලිකයන්ට ප්‍රසාද නිධාන දානය කිරීම හා සමලිංගික නැමියාවන් ඇති කාන්තාවන් හා පිරිමින් සම්බන්ධයෙන් ධර්ම සේවා පිළිවෙත යන කරුණු බොහෝ සෙයින් උණුසුම් විය. එක අවස්ථාවක එම උණුසුම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ලිබරල් කිතුනු ප්‍රතිපත්ති වලට එරෙහි කැරැල්ලක් ලෙස වර්ධනය වන බවක් දක්නට ලැබිණ. කෙසේ නමුදු සමුළුවේ අවසන් ප්‍රකාශනයට සිනොඩ් පියවරුන්ගේ අනුමැතිය ලැබිණ.

එම සමුළුව පිලිබඳ තොරතුරු මේ 'ලින්ක්' ඔස්සේ කියවන්න

"ජනතාවගේ අරගල නොසලකා හරින ආධ්‍යාත්මිකත්වය වැලිකතරක් සේ නිසරුයි; වියළියි" - සිනොඩ් සමාප්ති දිව්‍ය පුජාවේ දේශනය

සිනොඩ් කතිකාවේ ප්‍රතිඵලය: විනිශ්චය නොකරන, සවන් දෙන කැටුව යන සභාවක්

පවුල පිලිබඳ රදගුරු කතිකාව මතභේද මැද එකඟත්වයකින් තොරව අවසන් වේවිද?

"අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයක් පමණි" සුදොතුම් පියතුමා සිනොඩ් පියවරුන්ට අවධාරණය කරයි

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය