"ලොව පුරා මරණ දඬුවම තහනම් කරමු. ඊට කැපවන අයට මගේ සහය!" - පාප් වහන්සේ ඇමෙරිකානු මන්ත්‍රී මන්ඩලයට පවසති.

"Let us advocate for the global abolition of death penalty : Pope challenges American Congress

පාප් වහන්සේ කොන්ග්‍රෙස් මණ්ඩලය ඇමතූ මොහොත

(2015 සැප්තැම්බර් 24)
 "මරණ දඬුවම යලි ගෙනෙව්" යන හඬ සමග ඒ පිලිබඳ සංවාදය ශ්‍රී ලංකාව තුළ යළි කරලියට පැමිණ ඇති සමයකි, මේ.

වෙනෙකක් තබා "මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති බව" ජනාධිපතිතුමා පවා ප්‍රකාශ කිරීම නිසා ඊට පක්ෂපාති ජනතාව තුළ අමුතු උද්දාමයක් ඇති වී තිබෙන කාලයකි. ඒ පිළිබඳව විවධ පාර්ශව වලින් පක්ෂ විපක්ෂ මත පලවෙමින් තිබේ.

උණු උණුවේම මේ ගැන අලුතින් ම සිය මතය පල කලේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ය. එහෙත් ඒ ලංකාවේ සංවාදයට එක්  වෙමින් නොවේ. ලංකාවේ තත්වය ගැන නොදත් උන්වහන්සේ මෙම මතය පල කලේ ඇමෙරිකාවේ දිය. ඇමෙරිකාවේ කොන්ග්‍රෙස් මණ්ඩලය (මන්ත්‍රී මණ්ඩලය) අමතා අද (සැප්තැම්බර 24 දා) පෙරවරුවේ පැවැත් වූ ඓතිහාසික ප්‍රබල කතාවේ දී සෙසු අදහස් සමග මරණ දඬුවම ගැන ද පාප් වහන්සේ රිජුව අදහස් පළ කළහ. උන්වහන්සේ අවධාරණය කර  සිටියේ ලොව පුරා මරණ දඬුවම තහනම් කල යුතු බවයි. 

කොන්ග්‍රෙස් මන්ත්‍රීවරුන් අසුන් වලින් නැගිට අත්පොලසන් දුන් මරණ දඬුවම ගැන එතුමන් කල සම්පුර්ණ ප්‍රකාශය මෙසේ ය.

" අපි අප සැලකුම් ලබන්නට කැමති ආකාරයට සෙසු අයට සලකමු. අපට ජීවිතය අවශ්‍ය නම් සෙසු යටත් ජීවිතය දෙමු. ....අපට අවස්ථා අවශ්‍ය නම් සෙසු අයටත් අවස්ථා දෙමු. ..... වර්ධනයේ සෑම අවධියක දී ම මානව ජීවිතය ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට අප සතුව ඇති වගකීම ද මෙම ස්වර්ණමය නීතිය අපට මතක් කර දෙයි.

ලොව පුරා මරණිය දණ්ඩනය තහනම් කරන ලෙස විවිධ තල වල දී හඬ නැගීමට මගේ සේවා කාලය ආරම්භයේ සිට මා උත්සාහ දැරුවේ එම විශ්වාසය නිසා ය. සෑම ජීවීතයක් ම පූජනීය බැවින් ද සෑම මානව පුද්ගලයකු තුළම අන් සන්තක කළ නොහැකි. ගරුත්වයක් ඇති බැවින් ද සමාජයට ප්‍රයෝජනයක් ලැබිය හැක්කේ අපරාධ වලට වරද කරුවන් ලෙස තීන්දු වූවන් පුනරුත්ථාපනය කිරීමෙන් පමණක් බැවින් ද එය හොඳම මාර්ගය යැයි මම විශ්වාස කරමි.

මරණීය දඬුවම තහනම් කරන්නැයි එක්සත් ජනපදයේ මගේ සහෝදර රදගුරු හිමිවරු මෑතකදී යලිත් වරක් ඉල්ලා සිටියහ. මේ මොහොතේ එතුමන්ලාගේ හඬට මගේ හඬ ද එකතු කොට ඔවුනට මගේ සහාය පල කරමි. එපමණක් නොව, ඕනෑම සාධාරණ සහ අත්‍යවශ්‍ය  දඬුවමකට බලාපොරොත්තුවේ මානයක් හා පුනරුත්තාපනයේ ඉලක්කයක් ඇතුලත් විය යුතු බවට  විශ්වාස කරන සියල්ලන්වම  මම දිරිමත් කරමි." 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය