"කාන්තාව නපුරට එරෙහි මානව වර්ගයේ ආරක්ෂිත බැරියරයයි" - සුදොතුම් පියතුමා කියයි

"Women protect humanity against evil" - Says Pope Francis




(2015 සැප්තැම්බර් 17)
"යුගයෙන් යුගය මානව වර්ගයා කිලිටි කරන නපුරේ හා පාපයේ බලවේග වලින් මානව පරපුර ආරක්ෂා කිරීමේ සුවිශේෂි දේව වරප්‍රසාදයක් කාන්තාව සතුව තිබේ. එය වූ කලී ආදම් ඒව ගේ පාපයෙන් පසුව ඒදන් උයනේ දී ම දෙවියන් වහන්සේ කාන්තා පරපුරට දානය කල විශේෂ ආශීර්වාදයකි. එබැවින් එක් එක්  පරපුර එම යුගයේ  නපුරෙන් හා පාපයෙන් ආරක්ෂා කිරීමේ සුවිශේෂී භූමිකාවක් කාන්තාව මත පැවැරි තිබේ."

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම අනුශාසනය කලේ බදාදා සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය පවත්වමිනි. ඉකුත් වසර පුරා බදාදා පොදු හමුවේ තේමාව  ලෙස එතුමන් තෝරාගෙන තිබුනේ පවුල පිලිබඳ කිතුනු ඉගැන්වීමයි. මේ මාසයේ ඇමෙරිකාවේ පිලදෙල්පියාවේ දී පැවැත්වෙන ජගත් පවුල් හමුවත් ඔක්තෝබරයේ වතිකානයේ දී  මුළු දෙන පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාවත් සැලකිල්ලට ගෙන එතුමන් මෙම තේමාව තෝරාගෙන තිබුනේ ය.

 "මිනිසා සහ ගැහැණිය ගේ සම්බන්ධයෙන් බිහිවන පවුලේ ඇති අත්‍යවශ්‍යතාවත්, පවුල හා මානව සමාජය තුළ කාන්තාව ගේ ආශීර්වාදලත් භූමිකාවත් " පහදා දෙමින් පාප් වහන්සේ ඊයේ (සැප්තැම්බර් 16 දා) මෙම ධර්මෝපදේශ දේශනා මාලාව පරිසමාප්තියට පත් කළහ.

කාන්තාව: මානව වර්ගයේ ආරක්ෂිකාව


බයිබලයේ උත්පත්ති පොතේ එන ආදම් සහ ඒවගේ කතාව අපට පහදා දෙන්නේ, මැවිල්ල ආරක්ෂා කරන ලෙස  දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට පවරා දෙන ලද වගකීම ඔවුන් විසින් පැහැර හරින ලද බව යැයි සුදොතුම් පියතුමා විස්තර කලේ ය. එහි ප්‍රතිඵලය, ජම්ම පාපය සමස්ත මානව වර්ගයාට උරුම වීමයි. එහෙත් දෙවියන් වහන්සේ මානවයා සිය උදහසට ලක් කලේ හෝ අත් හැර දැමුවේ හෝ නැත. ඒ වෙනුවට උන්වහන්සේ වංචාකාර හා සිත් මෝහනය කරන 'සර්පයාගේ'  පරපුරත් කාන්තාවගේ පරපුරත් අතර සමනය කල නොහැකි පසමිතුරු බවක් ඇති කළහ. "තා සහ කාන්තාව එකිනෙකාට සතුරන් කරන්නෙමි. තගේ පරපුර හා කාන්තාව ගේ පරපුර සතුරන් වනු ඇත. කාන්තාවක් තගේ හිස පොඩි කරනු ඇතැ" යි දෙවියන් වහන්සේ යක්ෂයාට (සර්පයාට) කරන තරවටුවේ බයිබලීය සංඥා භාෂාව තුළ  ගැඹුරු අරුතක් තිබේ. එනම් මේ වචන මගින් දෙවියන් වහන්සේ සියලු නපුරට හා පාපයට එරෙහිව කාන්තාව වටා ප්‍රබල ආරක්ෂක වැටක් ඇති කිරීම යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පහදා දුන්හ. ඕනෑම අවස්ථාවක ඇයට එම ආරක්ෂක වැටෙහි (බැරියරයෙහි ) බලය භාවිත කල හැකිය. මෙහි අර්ථය නම් සිය ඵලය නපුරාගෙන් ආරක්ෂා කරගැනීමේ රහස්‍යවුත් සුවිශේෂී වුත් ආශීර්වාදයක් කාන්තාව දරා සිටින බව යැයි සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය.

එහෙත් බොහෝ විට කාන්තාව ගැන කියවෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකිනි. කාන්තාව සෙස්සන් පාපයට පොළඹවා ගන්නා  අයකු ලෙස ඇයට එරෙහි ප්‍රහාරාත්මක චිත්‍රයක් නිර්මාණය වී ඇතැයි එතුමා පෙන්වා දුන්නේ ය.   "එහෙත් ඒ වෙනුවට කාන්තාව පිලිබඳ දේව ධර්මයක් ගොඩ නැගීමේ අවස්ථාවක්, ඇයට මේ මහඟු වරම ලබා දුන් දෙවියන් වහන්සේ විසින් ම උදා කර දී තිබේ. ....ක්‍රිස්තුන් වහන්සේ ද මෙලොව ජනිත වූයේ කාන්තාවක ගේ කුසින් " යයි ද  එතුමා පහදා දුන්නේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය