මැදපෙරදිග සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ගොඩනැගිලි පමණක් නොව මානව හර්දය සාක්ෂිය ද විනාශ වෙම්න් තිබේ : පාප්වහන්සේ ලෝකයට කරන තවත් එඩිතර අභියෝගයක්

No one can be dumb on the humanitarian crisis in the Middle East : Pope challenges again 



(2015 සැප්තැම්බර් 16)
මැද  පෙරදිග සිදුවන ප්‍රචණ්ඩ හා හිංසන ක්‍රියා හමුවේ ගොළු වී ඇති ලෝක හර්දය සාක්ෂියට ප්‍රැන්සිස් පාප් වහන්සේ අද යලිත් වරක් අභියෝග කළහ.

"ඉරාකයේ සහ සිරියාවේ නොකඩවා සිදුවෙමින් පවතින නපුරේ  ක්‍රියා මගින් විනාශ වන්නේ ගොඩනැගිලි සහ යටිතළ පහසුකම් පමණක් නොවේ. ඒ මගින් විශේෂයෙන් ම මානව හර්දය සාක්ෂිය ද විනාශ වෙම්න් තිබේ" යි එතුමා  ප්‍රකාශ කලේ ය. එම කලාපයේ දැනට සිදුවන දේ හමුවේ ලෝකයට මුනිවත රකිමින් සිටිය නොහැකි යැයි එතුමා අවධාරණය කලේ ය.

මැද පෙරදිග - විශේෂයෙන් ම ඉරාකය හා සිරියාව - ගිනි ගෙන ඇති වත්මන් අර්බුදවලට විසඳුම් සෙවීමට අන්තර් ජාතික ප්‍රජාව තවමත් අසමත් වී තිබේ. එහෙත් ජනමාධ්‍යවලට පින් සිදු වන්නට එම තත්වයන් හෙළිදරව් වෙමින් ඇති නිසා ඒවා නොසලකා හරිය නොහැකි යැයි සුදොතුම් පියතුමා පැවසීය. "තවමත් නොවිසඳී දිග්ගැස්සෙමින් ඇති අර්බුද නිසා ඉරාකයේ හා සිරියාවේ දැවැන්ත මානව ඛේදවාචකයක් සිදුවෙමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිය නිවෙස් වලින් පලා යමින් සිටිති.මා සිතන අන්දමට යුද්ධයෙන් පිඩාවට පත් බහුතරයක් දුප්පත් ජනතාවය "

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ ප්‍රකාශය කලේ ඊයේ (සැප්තැම්බර 18 දා ) වතිකානයේ දී  පවතී සම්මන්ත්‍රනයක දී ය. ශුද්ධාසන කෝර් ඌනුම් මන්ත්‍රණ සභාව විසින් මෙම සම්මන්ත්‍රණය කැඳවා තිබුනේ මැදපෙරදිග වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.

මෙම ඛේදවාචකයේ බරෙන් වැඩිම ප්‍රමාණයක් දරාගැනීමට කටයුතු කර ඇත්තේ ලෙබනනය, ජෝර්දානය සහ තුර්කිය බව පාප්වහන්සේ පෙන්වා දුන්හ. ඊට හේතුව සරණාගතයන් දශ ලක්ෂ ගණනක් පිළිගැනීමට ඔවුන් කැමැත්ත පලකිරීම නිසාය. 

"ලෝකයේ රටවල් රැසක ස්වදේශීය හා කලාපීය සමතුළිතතාවයට බියකරු අයුරින් බලපාමින් තවදුරටත් වර්ධනය වෙමින්  ඇති මෙම අර්බුදයට ප්‍රමාණවත් විසඳුම් සෙවීමට අන්තර් ජාතික ප්‍රජාව තවමත් අපොහොසත් වී තිබේ. මේ තත්වය තුළ ආයුධ වෙළෙන්දන් සිය මඩි තර කර ගනිමින් සිටිති" යි එතුමා පෙන්වා දුන්නේ ය. 

මෙම අර්බුදයේ දී ජනමාධ්‍යවල භූමිකාව පාප්වහන්සේ ගේ ප්‍රශංසාවට ලක් විය. "කෙසේ නමුදු,මෙම අර්බුදය තුළ සිදුවන දරුණු කෘරකම් හා මානව අයිතිවාසිකම් කඩ කිරීම සජීවීව විකාශය කිරීම මගින් ඒවා ලෝක ජන අවධානයට ගෙන ඒමට ජනමාධ්‍ය සමත්ව සිටියි. මේ නිසා මෙම තත්වය ගැන තමන් නොදන්නා බව පැවසීමට කිසිවෙකුටත් නොහැකියැ" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

යුදමය විසඳුමක් එපා

මෙම අර්බුදයට විසඳුමක් අවශ්‍යය. එහෙත් එය ප්‍රචණ්ඩ කාරී නොවන යුදමය නොවන විසඳුමක් විය යුතු යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ."මන්ද ප්‍රචණ්ඩකාරී හෝ යුද විසඳුම් මගින් නව තුවාල හටගන්නා නිසා" යැයි එතුමා සඳහන් කළේය. 

ඉරාකයේ හා සිරියාවේ යුද ගැටුම් තුළ මානුෂික සේවාවල නිරතව සිටින සංවිධාන ගණනාවක නියෝජිතයෝ ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සිටියහ. "යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින අතිශයින්ම දුර්වල සහ ආරක්ෂාවක් නොමැති ජනතාවගේ - විශේෂයෙන් ම දරුවන් , වයස්ගතවුවන් හා පවුල්වල - ආධ්‍යාත්මික හා ලෞකික අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කරන්නැයි " පාප් වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

"මානව වර්ගයාගේ තුවාල සුවපත් කිරීම සඳහා ලොවට පැමිණි ජේසු සමිඳුන් ගේ නාමයෙන් පුර්ණ මානව සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම මගින් අයහපතට යහපතින් ප්‍රතිචාර දැක්වීමට කතෝලික සභාව කැඳවීම් ලබා සිටියි. ....එබැවින් ලෝකයේ අවධානය අඩු වුවද, කරුණාකර යුද්ධයෙන් පීඩාවට පත් වුවන් අත්හැර නොදමන්නැ" යි පාප් වහන්සේ ඉල්ලා සිටියහ. 

(CNA)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය