එදිරිවාදිකම් පිටුදකින්න ! යුද්ධය පිටු දකින්න! - සුදොතුම් පියතුමා කියුබාවේ දී තරුණයින්ගෙන් ඉල්ලයි

Pope tells the youth: Fight against hostility; it destroys the world

කියුබා තරුණ හමුව

(2015 සැප්තැම්බර් 21)
කියුබාවේ හවානා නුවර නිර්දෝෂ පිළිසිඳීමේ කන්‍යා මරිය වහන්සේ ගේ ආසන දෙව් මැදුරේ පැවැති සන්ධ්‍යා මෙහෙන් පසුව සුදොතුම් පියතුමා ඉරිදා සැන්දෑවේ කියුබාවේ තරුණයන් මුනගැසුනේය. මෙම තරුණ හමුව පැවැත්වුනේ හවානා ආසන දෙව්මැදුරු චතුරශ්‍රයේ  පාද්‍රේ  ෆෙලික්ස් වරේලා සංස්කෘතික මධ්‍යස්ථානයේ යි. සන්ධ්‍යා මෙහෙයේ දී සේ ම ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය කතා පිටපතින් ඉවත්ව තරුණ තරුණියන්ට කතා කළහ.

"ඔබ කතා කරනකොට මම සටහන් කරගත්තා ....." ඔවුන් සමග කතා බහ අරඹමින් එතුමා කියා සිටියේ ය.

එදිරිවාදිකම් වලට විරුද්ධව සටන් කරන්නැයි සුදොතුම් පියතුමා මෙහිදී තරුණයන් ගෙන් ඉල්ලා සිටියේ ය. එතුමා කියා සිටියේ එදිරිවාදිකම් ලෝකය විනාශ කරන බවයි.

"සමාජ එදිරිවාදිකම් විනාශකාරියි. එදිරිවාදිකම් නිසා පවුලක් විනාශ වෙනවා. ලෝකය එදිරිවාදිකම් නිසා විනාශ වෙනවා. එදිරිවාදිකම්වල දරුණුම ප්‍රතිඵලය යුද්ධයයි.අද යුද්ධය නිසා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. මන්ද වාඩි  වී කතා කිරීමට මිනිසුන් සුදානම් නොමැති නිසා" යැයි පාප් වහන්සේ කියා සිටියහ.

"අපි ජනතාව මරා දැමීම නවත්වමු" සුදොතුම් පියතුමා තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ ය. "අප එක්සත් වීමට ඇති හැකියාව  මරා දමන නිසා අපගේ ආධ්‍යාත්මය මිය යමින් තිබෙනවා" යි එතුමා පෙන්වා දුන්නේ ය.

නුතන ලෝකයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති "වීසි කිරීමේ සංස්කෘතිය" ද පාප්වහන්සේ ගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ නිසා තරුණයන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට රැකියා අහිමි වී ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය. ඇතැම් යුරෝපා රටවල තරුණ විරැකියාව 42% ත් 47% ත් අතර ප්‍රමාණයකි. මීට හේතුව ආර්ථිකය හුදෙක් මුදල හා ලාබය මත පමණක් පදනම් ව ක්‍රියාත්මක වීම යැයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් කිසිදු අභියෝගයකින් හෝ ප්‍රශ්නයකින් පසු නොබසින්නැයි පාප් වහන්සේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියහ. "සිහින දැකීම නවත්වන්න එපා! යහපත් ලෝකයක් වෙනුවෙන් වැඩ කිරීමට අපට මග  පාදන්නේත්  ශක්තිය දෙන්නෙත් සිහින දැකීම නිසයි" එතුමා සඳහන් කලේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය