ප්‍රැන්සිස් පාප්වහන්සේ කියුබාවේ හිටපු නායක පිදෙල් කස්ත්‍රෝ බලන්නට යයි

Pope Francis meets Fidel Castro in Havana 



(2015 සැප්තැම්බර් 20)
හවානා නුවර පැවැත්වූ ඉරිදා උදාසන දිව්‍ය පුජාවෙන් පසුව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කියුබා ජනාධිපති මුණගැසීමට පෙර  හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මහතා හමුවන්නට ගියහ. මෙම හමුව පාප් වහන්සේ ගේ කාලසටහනේ සඳහන් අංගයක් නොවීය. එහෙත් ඔහු හමුවීමට පාප් වහන්සේට අවශ්‍ය වී තිබිණ.

සුදොතුම් පියතුමා  කස්ත්‍රෝ මහතා මුණගැසුනේ දැන් 89 වැනි වියේ පසුවන ඔහුගේ නිවසේ දීය. ඔහු ගේ බිරිඳ, දරුවන් හා මුණුබුරන් ද එක්ව සිටි මෙම හමුව පවුලේ හමුවක ස්වරුපය ගත් අතර විනාඩි 30ක් 40ක් පමණ පාප් වහන්සේ එහි ගත කල බව වතිකාන මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමා පවසයි.

2012 දී සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ සමග පිදෙල් කල සාකච්ඡාව එතැන් සිට අරඹන්නට ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙහිදී උත්සාහ කල බව ලොම්බාදී පියතුමා කීවේය. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව සමග පැන නැගී ඇති ශීල ධාර්මික ප්‍රශ්නවලට කතෝලික සභාව පිළිතුරු දෙන්නේ කෙසේද, ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින දෙවියන් ගැන විශ්වාස නොකරන හා දෙවිකෙනෙක් නැතැයි පවසන ජනතාවට දෙන පිළිතුර කුමක් ද වැනි ප්‍රශ්න පිදෙල් හිටපු පාප්වහන්සේ ගෙන් විමසා තිබිණි. ඊට ආදාළ පොත් කිහිපයක් තමන් වෙත එවන්නැයි ද ඔහු බෙනඩික් පාප් වහන්සේ ගෙන් ඉල්ලා තිබිණි.

ප්‍රැන්සිස් පාප්වහන්සේ පැමිණියේ එම සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට සුදානමිනි. කස්ත්‍රෝ මහතාට  කියවීම සඳහා අදාළ පොත් කිහිපයක් ද එතුමා රැගෙනැවිත් තිබුනේ ය. ජේසු නිකායික ආමන්ඩෝ ලොරෙන්ටේ පියතුමා ගේ දේශනා ඇතුලත් පොතක් හා සංයුක්ත තැටි දෙකක් ද ඒ අතර විය. පිදෙල් කස්ත්‍රෝ  මූලික පාසලේ ඉගෙනගත් සමයේ
ලොරෙන්ටේ පියතුමා ඔහු ගේ ගුරුතුමකු වූයේ ය. ඊට අමතරව තමන් විසින් ලියන ලද "සුබ අස්නේ ආනන්දය" නම් අපෝස්තලික සංදේශයත් "වේ ප්‍රශංසා " නම් පරිසර විශ්ව ලේඛනයත් පාප් වහන්සේ හිටපු නායකයාට තෑගී කළහ.

ඊට ප්‍රතිචාර ලෙස කස්ත්‍රෝ මහතා ද පාප් වහන්සේට පොත් තිළිණයක් පිරිනැමුවේ ය. එය ෆ්රෙයි බෙට්ටෝ විසින් ලියන ලද "“Fidel &Religion: A Conversation With Fidel Castro” නම් කෘතියයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය