පාප්වහන්සේ පිදෙල්ට දුන් තිළිණය? ඔහු ගේ ප්‍රථම ගුරුතුමාගේ අභියෝගාත්මක පණිවිඩයක්

Pope Francis"gift to Fidel Castro:  A challenging message from his old teacher




(2015 සැප්තැම්බර් 20)
තමාට හමුවන  නායකයිනට, ලෝකයට හා විවිධ පුද්ගලයනට අභියෝගාත්මක ප්‍රකාශ කරන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ හිටපු සටන්කාමී නායක පිදෙල් කස්ත්‍රෝට අපූර්ව තිළිණයක් පිළිගන්වා තිබේ. එනම් පිදෙල් ගේ මූලික පාසලේ ගුරුතුමාගේ අභියෝගාත්මක පණිවිඩයකි.

ඊයේ (සැප්තැම්බර් 20 වැනිදා ) දිව්‍ය පූජාවෙන්  පසුව පිදෙල් හමු වූ සුදොතුම් පියතුමා  තවත් පොත් කිහිපයක් සමග ජේසු නිකායික පියතුමකු  වූ ආමන්ඩෝ ලොරෙන්ටේ පියතුමාගේ දේශනා ඇතුලත් පොතක් සහ සංයුක්ත තැටි දෙකක් තිළිණ කළේය. පිදෙල් ගේ පාසල් ගුරුවරයා වූ ලොරෙන්ටේ පියතුමා ස්වර්ගස්ථ වීමට පෙර ඔහු ගේ සිත් හැරීම සහ පසුතැවිල්ල ඉල්ලා සිටි බව කියැවේ .

පිදෙල් කස්ත්‍රෝ මහතා හා පාප්වහන්සේ අතර හමුව. මෙතනින් කියවන්න

කුඩා පිදෙල්   ජේසු නිකායික බෙලෙන් මූලික පාසලේ ඉගෙනගන්නා සමයේ ලොරෙන්ටේ පියතුමා ඔහු ගේ ගුරුතුමා වුයේ ය. වයස අවුරුදු 16 වන තෙක් පිදෙල් එහි ඉගෙන ගත්තේ ය.

කියුබාවෙන් පිටුවහල් කරන ලදුව ඇමෙරිකාවට ගිය පියතුමා 2007 දී ෆ්ලොරීඩාවේ මියාමි නුවර පලවන එෆේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණ. එහි දී එතුමා පවසා තිබුනේ වහාම කියුබාවට ගොස් පිදෙල් කස්ත්‍රෝ මහතා ගේ පාපොච්චාරණය ඇසීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි. "මා මුලින්ම කරන්නේ ඔහුව ඔහු දැඩිව වැළඳගන්නවා. ඉන්පසු මහා හඬින් සිනාසෙමින්  අතීතයේ සිද්ධීන් හා වීර චාරිකා ගැන කතා කරනවා. මන්ද ඒ අතීතය ඒ තරම්ම සුන්දරයි" පියතුමා පවසා තිබිණි.

"ඉන් පසු මා ඔහුට කියනවා: පිදෙල්, වෙලාව පැමිණ  තිබෙනවා පාපොච්චාරණය (සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය ) කරගන්න කියා. මන්ද ඔහුගේ පව් පෞද්ගලික ඒවා පමණක් නොවේ......" එතුමා සඳහන් කර තිබිණ.

ස්පාඥ්ඥයේ උපත ලබා එහිදීම ජේසු නිකායට ඇතුළු වූ ලොරෙන්ටේ පියතුමා නිකායේ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා නිකාය විසින් කියුබාවට එවන ලද්දේ 1942 දී ය. එවකට එතුමා ගේ වයස අවුරුදු 24ක්‌ විය. එහිදී එතුමා බෙලෙන් මූලික පාසලේ ගුරුවරයකු ලෙස පත් කරනු ලැබීය. පිදෙල් කස්ත්‍රෝ සිසුවා පාසලට ඇතුළු වූයේ මෙසමයේ ය. පිදෙල්, ලොරෙන්ටේ පියතුමා ගේ හොඳම ශිෂ්‍යයා වුයේ ය.

ඔහු කෙතරම් දක්ෂ සිසුවෙක් වුයේද යත් 1945 පාසලේ වාර්ෂික වාර්තාවේ පියතුමා මෙම සටහන තැබුවේ ය: "පිදෙල් කස්ත්‍රෝට  වීරවරයකුගේ ලක්ෂණ තිබේ.ඔහු ගේ මව්බිමේ ඉතිහාසය ඔහු පිළිබඳව කතාකරනු ඇත."

කියුබානු කොමියුනිස්ට් විප්ලවය සමයේ, 1958 එක් දිනෙක, ලොරෙන්ටේ පියතුමා ගවයන් බලාගන්නා අශ්වාරෝහකයකු ලෙස වෙස් වලාගෙන තමාගෙන් අකුරු කල පිදෙල් බලන්නට ගියේ ය. පිදෙල් මුණගැසී ඔහුට කතා කරන්නට පියතුමාට අවස්තාව ලැබිණ.

"දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තමාගෙන් ගිලිහී ගොස් ඇති බව පිදෙල් එහිදී මට පැවසුවා" පියතුමා කියා තිබුනේ ය. "ඒත් මම ඔහුට කීවා, 'පිදෙල්, විශ්වාසය නැතිවීම එක් දෙයක්; එත් තමන් ගේ ගෞරවය නැති කර ගැනීම තවත් දෙයක් කියා" පියතුමා සඳහන් කළේය.

මේ සිද්ධියෙන් පසුව පිදෙල් කස්ත්‍රෝ විසින් ජේසු නිකායේ පියවරු කියුබාවෙන් නෙරපා දමන ලදහ.

නෙරපනු ලැබීමෙන් පසුව මියාමි නුවරට පැමිණි ලොරෙන්ටේ පියතුමා 2010 අප්‍රේල් මාසයේ ස්වර්ගස්ථ වන තෙක් ම එහි ජීවත් වුයේ ය.

ප්‍රැන්සිස් පාප්වහන්සේ පිදෙල් කස්ත්‍රෝ මහතාට පිලිගැන්වූයේ ඔහුගේ ජීවිත මාරුවක් ඉල්ලා සිටි මෙම ලොරෙන්ටේ පියතුමාගේ අභියෝගාත්මක පණිවිඩයක් බව වාර්තා වේ.

(CNA)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය