"න්‍යායන්ට නොව ජනතාවට සේවය කරන්න" හවානා නුවර දේශනය

Pope says in his first homily in Havana: Serve People; not ideology



(2015 සැප්තැම්බර් 20)
"සේවය න්‍යායාත්මක දෙයක් නොවේ. මන්ද අප සේවය කරන්නේ න්‍යායන්ට හෝ මතවාදයන්ට හෝ නොවේ. අප සේවය කරන්නේ ජනතාවටයි"

කියුබාවේ අපෝස්තලික සංචාරයේ ප්‍රථම දිව්‍ය පුජාව පවත්වමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියහ. සැප්තැම්බර 20 දින ඉරිදා දිව්‍ය පුජාව පවත්වමින් එතුමා කියුබාවේ චාරිකාවට මුල පිරුවේය

එතුමන් ප්‍රථම දිව්‍ය පූජාව ඔප්පු කලේ හවානා නුවර ප්‍රකට ස්ථානයක් වූ විමුක්ති චතුරශ්‍රයේ ය. එරට කොමියුනිස්ට් විප්ලවයේ  සංකේතයක් බඳු වූ මෙම ස්ථානය එම පක්ෂයේ දැවැන්ත රැලි  පැවැත් වූ ස්ථානයක් වූ අතර හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මෙහි සිට නිතර ජනතාව ඇමතීමට පුරුදුව සිටියේ ය.

චතුරශ්‍රයේ ඉදිකර තිබූ කියුබා කොමියුනිස්ට් විප්ලවයේ නායක (ආජන්ටිනාවේ උපත ලැබූ) අර්නස්ට් චේ ගවේරා ගේ රූපය දිව්‍ය පූජාව වෙලාවේ පවා ප්‍රකටව පෙනෙන්නට තිබුනේ ය. ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පුජාසනයට මුහුණ ලා දයාවේ ජේසු සමිඳුන් ගේ සිතුවම ද පෙනෙන්නට තිබිණි. පාප් වහන්සේ "දයා කරුණාවේ ධර්මදුතයා" (Misionaro dela Misericordia) යැයි සඳහන් බැනරයක් ද දිව්‍ය පූජා පීඨිකාව ඉදිරියේ ප්‍රදර්ශනය විය.



"කිතුනුවකු වීම යනුවෙන් අදහස් කෙරෙනේ අපගේ සහෝදර සහෝදරියන් ගේ ගෞරවය ප්‍රවර්ධනය කිරීමයි; ඒ සඳහා සටන් කිරීමයි; ඒ සඳහා ජීවත් වීමයි. තමන් ගේ පෞද්ගලික සිතුම් පැතුම්, ආශාවන්, ප්‍රාර්ථනා, සහ බලය ලුහුබැඳ යාම පසෙක තබා සමාජයේ වඩාත් දුර්වල සහෝදරයන් දෙස බැලීමට කිතුනුවනට  නිරන්තර කැඳවීමක් ඇත්තේ ඒ නිසා" යැයි පාප් වහන්සේ සිය අනුශාසනාව පවත්වමින් පෙන්වා දුන්හ.

එතුමන් ගේ අනුශාසනයේ තේමාව වූයේ ඉරිදාට නියමිත සුබ අස්න වූ මාර්කු තුමන් ගේ සුවිශේෂයේ සේවක නායකත්වය පිළිබඳව ජේසු ක්‍රිස්තු සමිඳුන් දුන්  උපදේශයයි. මෙම සුවිශේෂ කොටසට අනුව, තමන් අතරේ වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුරුන් දැයි ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් අතරේ වාදයක් හටගනියි. ඊට උන්වහන්සේ දුන් පිළීතුර "ඔබ අතරේ ශ්‍රේෂ්ඨයා වීමට කැමති තැනැත්තේ සෙසු අයගේ සේවකයා වේවා" යන්නයි.

"වඩා වැදගත් කවුද? මේ ප්‍රශ්නය අදත් අපගේ සමාජ වල තර්කයට හා විවාදයට ලක්වන ප්‍රශ්නයක් වී ඇතැ"යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "වඩා වැදගත් කවුරුන්ද යන මෙම ප්‍රශ්නය එක් එක් පුද්ගලයා ගේ  පමණක් නොව ජාතීන් ගේ ඉතිහාස වලත් අතිශය තීරණාත්මක ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මන්ද අප මීට දෙන පිළිතුර මත මානව වර්ගයාගේ ඉතිහාසය තීරණය වන නිසාය.එහෙත් මානව අප තුළ පැන නගින මෙවැනි ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති ජේසු සමිඳුන් ඒවාට නව මානයක් ලබා දෙයි. එනම් ආදරයේ හා ප්‍රේමයේ මානයයි" යයි සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය.

"ආදරය හා ප්‍රේමය ප්‍රකාශ වන්නේ  සෙසු අය රක බලා ගැනීම හා ඔවුන් වෙනුවෙන් සේවාව උදෙසා  මුළුමනින් ම තමන් කැපකිරීම මගිනි. එවැනි ප්‍රේමයක් ශ්‍රේෂ්ඨත්වය ගැන හෝ ඉහල වාසි ලැබෙන හොඳම රැකියා ගැන හෝ නොවෙහෙසෙයි. තමන් ගේ ම ජනතාවට පමණක්ය යන දුර්පරීක්ෂාවට ද  එවැනි ආදරයක් හසු නොවෙයි. මන් ද එසේ වූ විට ආත්මාර්ථය මතු වී එක කොටසක් කොන් කරනු ලබන නිසා " යයි එතුමා පෙන්වා දුන්නේ ය. "එවැනි සේවාවක කේන්ද්‍රය වන්නේ සෙසු ජනතාව යි.  විශේෂයෙන් සමාජයේ වඩාත් දුර්වල කොටස් ය. ඇතැම් විට මෙවැනි සේවාවක දේ තමන්ට  දුක් විඳීමට ද සිදු වනු ඇත" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කළහ.

පාප් වහන්සේ ගේ දිව්‍ය පුජාවට සහභාගී වීමට හවානා නුවරට යාමට නොහැකි වූ ජනතාවට රුපවාහිනි ඔස්සේ සජීවීව එය නැරඹීමට හැකි වනු සඳහා කියුබාව පුරා මීසම් වල ඉරිදා දිව්‍ය පුජාව වේලාසනින් පවත්වනු ලැබිණ. පුජාවෙන්  පසු දෙව්මැදුරු  වලම නැවතුනු ජනතාව ඒවායේ සවිකරන ලද විසල් තිර ඔස්සේ පාවහනසේ ගේ දිව්‍ය පුජාවට එක්වුහ. (පහත සේයාරුව)





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය