හදවත් නිදහස් කොට සුවපත් කර ජීවිත පරිවර්තනය කරන ජේසු සමිඳුන් ගේ බැල්ම

Jesus' gaze - The Power which frees, heals and transforms human hearts  




(2015 සැප්තැම්බර් 22)
"ජේසු ගේ ප්‍රේමය  ඔබ  වෙනස්කරනවා. ජේසු ගේ බැල්ම ඔබ වෙනස් කරනවා. සෙසු අයට ප්‍රේම කරන්නට, සේවය කරන්නට ඔබ පොලඹවනවා."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ ගිණිකොනදිග හොලිගුවින් නගර යේ දී දුන් පණිවිඩය එයයි.

පාප් වහන්සේ සැප්තැම්බර 21 වනදා කියුබාවේ සිය දෙවන දිනය ගත කලේ මෙම නගරයේයි. හවනාවෙන් දුර බැහැර පිහිටි මෙම නගරයට පාප් වහන්සේ කෙනකු පැමිණීම එම ප්‍රදේශවාසී ජනතාවට විශ්මයට හේතුවක් වී  තිබූ අතර ඒ නිසාම එය මහත් ප්‍රීතිදායක කරුණක් ද  වී තිබුනේ ය. මේ නිසා ඔවුහු මහත්  හරසරින් පිළිගත්හ.

පාප් වහන්සේට ද මේ දවස - සැප්තැම්බර 21 - ඇති විශේෂ දිනයක් වුයේය. පාප් වහන්සේ පවසන අන්දමට, එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුයේ මේ දිනයයි. සුවිශේෂක සාන්ත මතෙව් තුමන් ගේ මංගල්‍යය සැමරෙන මේ දිනය ආජන්ටිනාවේ නිවාඩු දිනයකි. 1953 මේ දවසේ  දී එවකට 17 හැවිරිදි හොර්හේ බර්ගොග්ලියෝ (දැන් ප්‍රැන්සිස් පාප් වහන්සේ) තුළ අමුතු හැඟීමක් හටගත්තේ ය.දෙව්මැදුරට ගිය ඔහුට පව් සමාවේ ප්‍රසාද නිධානය ලබා ගැනීමට (පාපොච්චාරණය කර ගැනීමට) සිතක් පහල විය.

"පාපොච්චාරණ ආසනයේ සිටි පියතුමා හරියට මා වෙනුවෙන්ම එතැන හිටියා වගෙයි මට දැනුනේ" සුදොතුම් පියතුමා රෝමයේ පුවත්පතක කතුවරයා වන ස්පැඩේරෝ  ජේ. නි. පියතුමාට පවසා තිබිණ. එතුමා ජේසු නිකාය වෙතටත් පූජාත්වරය වෙතටත් ගෙනගිය හැරවුම් ලක්ෂ්‍යය මෙය විය.

මෙදින හොලිගුවින්හි දී පාප් වහන්සේ ජනතාවට කිවේ ද මිනිස් සිත් පහන් කොට වෙනස් කරන ජේසු සමිඳුන් ගේ "මහා කාරුණික බැල්ම" ගැනය.

ස්වකිය ජීවිතය වෙනස් කල ජේසු සමිඳුන් සමග මුහුණට මුහුණ හමුව ගැන මතෙව් තුමා සිය සුවිශේෂයේ විස්තර කර ඇතැයි පාප් වහන්සේ  පැවසූහ.

"මතෙව් තුමන් කල දේ  කරන්නට එතුමන් පෙලඹවූ එම ප්‍රේමාන්විත බැල්ම කෙතරම් බලවත් ද?  මතෙව් තුමන්ට සිය මේසයෙන් නැගී සිටින්නට  පෙළඹවීමට තරම්  ජේසු සමිඳුන් ගේ දෙනෙතේ තිබුණු බලය කුමක් ද?" යි පාප් වහන්සේ විමසූහ .

රෝම ආණ්ඩුව හා සීසර් වෙනුවෙන් ජුදෙව්වන් ගෙන් බදු එකතුකරන්නකු වූ මතෙව්, ජුදා සමාජයේ පිළිකුලට ලක්ව සිටි කෙනකු බව එතුමා සිහිපත් කළේය. පව්කාරයකු, ද්‍රෝහියකු ලෙස සලකන ලද ඔහු සමග කෑම බීම ඇතුළු සියලු පයුරු පාසානම් ජුදෙව්වන් විසින් අත්හැර දමා තිබිණ.

"එහෙත් ජේසු සමිඳුන් ඔහු ඉදිරිපිට නවතිනව. උන්වහන්සේ ඉක්මනින් ඔහු ඉදිරියෙන් ඉවත් වන්නේ නැහැ. ඔහුගෙන් ඈත්  වන්නේ නැහැ.  උන්වහන්සේ නිසසලව, ශාන්තව ඔහු දෙස බලනව. උන්වහන්සේ මහා කාරුණික දෑසින් ඔහු දෙස බලනව. මෙතෙක් කිසිවෙක් ඔහු දෙස නොබැලූ බැල්මෙන් උන්වහන්සේ බලනව..." යි එම 'හැරවුම්' ජවනිකාව විස්තර කරමින් සුදොතුම් පියතුමා පැවසීය. "හරියට සකෙවුස්, බාර්තිමේයුස්, මරිය මග්දලේනා සහ පේදුරු යන යට කතා කල මොහොත වල සේ ජේසු ගේ බැල්ම මතෙව් ගේ හදවතේ අගුලු හැර විවෘත කරනවා...එම බැල්ම ඔහු නිදහස් කරනවා.. සුවපත් කරනවා. ජේසු ගේ බැල්ම ඔහුට නව බලාපොරොත්තුවක් නව ජීවිතයක් ලබා දෙනවා.... මතෙව්  තුමන් සේවයේ ප්‍රීතිය සොයා ගත්තේ ජේසු සමිඳුන් සමග සිදු වූ එම හමුවේ දියි" පාප් වහන්සේ විස්තර කළහ.

ජේසු සමිඳුන් ගේ බැල්ම අප විවිධ දේ දකින ආකාරය වෙනස් කරන අතර උන්වහන්සේ ගේ හදවත අපගේ හදවත් පරිවර්තනය කරන බව සුදොතුම් පියතුමා කීවේ ය.

"ජේසු සමිඳුන් ගේ බැල්ම අප තුළ සේවාව, ස්ව ත්‍යාජය හා ධර්මදානය සඳහා පෙළඹවීමක් ඇතිකරයි.  උන්වහන්සේ ගේ සෙනෙහස අපගේ දුර නොපෙනීම සුවපත් කොට පෙනෙන මානයෙන් ඔබ්බට දකින්නට අප යොමුකරයි. පිටතින් හෝ බාහිරෙන් පෙනෙන්නට ඇති දෙයින් හෝ දේශපාලනික වශයෙන් නිවැරදි දෙයින් සෑහීමට පත් නොවී ඇතුලාන්තය දකින්නට අප යොමු කරවයි" යයි ජේසු සමිඳුන් හමුවීමෙන් අප තුල විය හැකි පරිවර්තනය විස්තර කරමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ.
අප සියල්ලන් පව්කාරයන් බව සිහිපත් කල එතුමා ජේසු සමිඳුන් ගේ මහා කාරුණික බැල්ම අප ජීවිතයට දැනුනු සුන්දර අවස්තාවන් මතක් කර උන්වහන්සේ ට ස්තුති කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

"ජේසු සමිඳුන් මෙලොවට පැමිණියේ මේ කාරනාව සඳහා මයි. එනම් තමන් පව්කාරයන් බව හැඟෙන සියල්ලන්ට ගැලවීම ලබාදීම සඳහා ය



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය