" මට 'බුලට් පෘෆ්' වාහනයක් එපා!" සුදොතුම් පියතුමා කියයි

Holy Father refuses bullet-proof vehicle for Egypt apostolic trip 


(2017 අප්‍රේල් 27)
ඊජිප්තුවේ සිදුකරන අපෝස්තලික සංචාරයේ දී තමාට වෙඩි නොවදින වාහනයක් අනවශ්‍ය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ  කර තිබේ. ඊජිප්තුවේ එතුමන් සංචාරය කරන නගර ඇතුළත ගමන් කිරීම සඳහා එතුමන් භාවිත කරන්නේ සාමාන්‍ය සංවෘත වාහනයක් බව රොයිටර් ප්‍රවෘත්ති සේවාව ඇතුළු ලොව ප්‍රමුඛ ප්‍රවෘත්ති සේවා රැසක් වාර්තා කරයි.

"පාප් වහන්සේ ඊජිප්තුවේදී ඔබ මොබ ගමන් කිරීමට භාවිත කරන්නේ සාමාන්‍ය සංවෘත මෝටර් රථයක්. එය වෙඩි නොවදින හෝ සන්නද්ධ රථයක් හෝ නොවෙයි. එය සූදානම් කලේ එතුමා ගේ කැමැත්ත අනුවයි" යි වතිකාන ප්‍රකාශක ග්‍රෙග් බර්ක් තහවුරු කළේය.

මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එසේ කරන ප්‍රථම අවස්ථාව නොවේ. එතුමා බොහෝ විට ප්‍රිය කරන්නේ වඩා විවෘත රථ වල ගමන් කිරීමටය. එසේ නැතහොත් සන්නද්ධ නොවන සංවෘත රථ එතුමන් ගේ තේරීමයි. මේ මගින් වීදි වල සිටින ජනතාව සමග වඩා සමීපව සන්නිවේදනය කිරීමට හැකියාව ලැබේ යයි  එතුමා විශ්වාස කරයි. මෙම ධූරයට පත් වූ දා සිටම එතුමා ආරක්ෂක වළලු ඉවත ලමින් ජනතාව අතරට ගොස් ඔවුන් සමග සුහදව අදහස් හුවමාරු කරගැනීමට පටන් ගත්තේ ය. මේ නිසා එතුමන් අපේක්ෂා කරන මෙම නිදහස සහතික වන ආකාරයේ නව ආරක්ෂක උපක්‍රමවලට පිවිසීමට පාප් වහන්සේ ගේ ආරක්ෂක අංශයට සිදුවිය.

සුදොතුම් පියතුමා මෙවැනි ආරක්‍ෂිත රථයක් ප්‍රතික්ෂේප කරන්නේ ඊජිප්තුවේ කිතුනු ජනතාව ඉලක්ක කරගනිමින් පසුගිය සති  කිහිපය තුළ එල්ල වූ ප්‍රහාර ද නොතකාය. මේ අතරින් ගොබ් ඉරිදා දිව්‍ය පූජාව සඳහා දෙව්මැදුරු දෙකකට එල්ල වූ ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 42කි. 100කට අධික පිරිසක් තුවාල ලැබුහ.

ලොවම අවධානයෙන් බලා සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ඊජිප්තු අපොස්තලික ගමන හෙට (අප්‍රේල් 28) ඇරඹේ. එතුමා මේ සඳහා දැනටමත් රෝමයේ සිට කයිරෝව බලා පිටත්ව ගොස් ඇත.

බොහෝ විචාරකයන් පවසන්නේ මෙය එතුමා මෙතෙක් කල සංචාර අතරින් අතිශය තීරණාත්මක එකක් බවයි. මෙම ගමනේ දී සුදොතුම් පියතුමා පරෙස්සම් විය යුතු 'බිම් බෝම්බ' කිහිපයක් ම තිබෙන බව එක් කිතුනු කටයුතු විචාරකයෙකු  ඉකුත් දා ප්‍රකාශ කර තිබිණ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය