ඛේදවාචක හමුවේ වුව ද නොසැලෙන සත්‍යය: ජේසු සමිඳුන් ගේ උත්ථානය

Resurrection is not a fantasy; It is the Mystery of the rejected stone which  became the source of Eternal Life.


(2017 අප්‍රේල් 18)
නූතන ලෝකය තුළ දක්නට ලැබෙන විවිධ වූ විස්තර කළ නොහැකි ඛේදාන්තයන් හා දුක වේදනාව හමුවේ පවා අපට එක් කරුණක් නිශ්චිතව ප්‍රකාශ කල හැකියි: එනම් 'ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වූ සේක' යන්නයි. මේ ප්‍රීතිමත් ඇදැහිල්ල තුළ අචලව රඳා පවතින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කිතුනුවන්ගෙන් ගෙන් ඉල්ලා සිටියේ ය.

සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කලේ අප්‍රේල් 16 වනදා, පාස්කු ඉරිදා ක්‍රිස්තු උත්ථාන මංගල්‍ය දින දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. මෙම දිව්‍ය පූජාව පැවැත්වුණේ වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දිය. පූජාව පැවැති පුදසුන හා ඒ අවට ඕලන්දයෙන් ගෙනා වර්ණවත් ටියුලිප් මල්වලින් සරසා තිබිණ.

මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩමින් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය කලේ ලියාගත් පිටපතක් නොමැතිව ය.

"ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම හුදු මනඃකල්පිතයක් නොවේ. එය සිහිනයක් හෝ මායාවක් හෝ නොවේ." යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "උත්ථානය මලින් සරසා උත්සවයකට සීමා කිරීමට කරුනකුත් නොවේ. උත්ථානය වූ කලී 'අපගේ පැවැත්මේ මුල්ගල බවට පත්වූ ප්‍රතික්ෂේප කරන ලද ගලෙහි' අබිරහසයි. අප ජීවත් වන්නේ ද යමක් ප්‍රයෝජනයට ගෙන ඉවතලන, ඉවතලෑමේ නොහොත් විසිකිරීමේ සංස්කෘතියක් ඇති කාලයකයි. මේ සංස්කෘතියේ ලක්ෂණය යමක් අවශ්‍ය නොවූ විට විසිකිරීමයි. එසේ ම එදා ජේසු සමිඳාණෝ ද 'ඉවත ලූ  ගල' බවට පත්වුහ. ප්‍රතික්ෂේප කරන ලදහ. එහෙත් ඉන් පසුව උන්වහන්සේ ම සදාතනික ජීවිතයේ උල්පත බවට -කොන් ගල බවට - පත්වූහ," යි එතුමා පහදා දුන්නේ ය.

"නූතන ලෝකය තුළ බොහෝ අවාසනාවන්ත දේ සිදුවෙමින් තිබේ. රෝග, විනාශයන්, හදිසි විපත්, යුද්ධ-ප්‍රචණ්ඩ ක්‍රියා, මිනිසුන් හා ගැහැණුන් නීති විරෝධී කටයුතුවලට  ප්‍රවාහනය කිරීම, පලිගැනීම් සහ වෛරය නිදසුන් කිහිපයකි. මේවා දකින අසන විට අපට මෙසේ අසන්නට සිතේ: 'ඉතින්, ස්වාමීන් වහන්සේ කොහිද?' එහෙත් ඒ සියල්ල ඉදිරියේ සභාව අද නොකඩවා මෙසේ කියයි: 'නවතින්න. ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වූ සේක.' දෙවියන් වහන්සේ ඉදිරියේ අප එකිනෙකාට මෙසේ කිව හැකියි: 'මේ සියල්ල සිදුවන්නේ කෙසේ දැයි මට අවබෝධ කරගත නොහැකියි. එහෙත් එකක් නිශ්චිතවම මට කිව හැකිය: එනම්, ක්‍රිස්තුන් වහන්සේ මරණය පරදා උත්ථාන වූ සේක.' මේ ප්‍රීතිය රැගෙන ගෙදර යන්න. ජීවත්වන්න. එය නිතර කියන්න'ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වූ සේක.' "

දිව්‍ය පුජාවෙන් පසු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සාම්ප්‍රදායික ලෙස "නගරයට සහ ලෝකයට"( “Urbi et Orbi”) ආශීර්වාදය දානය කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය