"මේ විශ්වය හැර තවත් විශ්ව තිබේ ද?" කතෝලික විද්‍යාඥයෝ විමසති

Catholic scientists gather in Chicago to discuss "Origins"

හබල් දුරේක්ෂයෙන් දුටු 10,000ක් තාරකා මඬුලු  

(2017 අප්‍රේල්  21)
කතෝලික විද්‍යාඥයන් ගේ සංගමයේ (Society of Catholic Scientists) ප්‍රථම සම්මන්ත්‍රණය අද, අප්‍රේල් 21 වැනිදා  ඇමෙරිකාවේ චිකාගෝ නුවර ක්නිකබොකර් හෝටලයේ දී ආරම්භ විය. බොහෝ මානසික හා භෞතික යථාවන් ගේ සම්භවය හෙවත් උපත, එනම් විඥානයේ සම්භවය (origin of consciousness), මානව භාෂාවේ උපත, විශ්වයේ උපත, සහ ජීවයේ සම්භවය යන මාතෘකා සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

කතෝලික විද්‍යාඥයන් ගේ සංගමය පිහිටුවාගන්නා ලද්දේ 2016 වසරේ දිය. මෙය කාලයක් පුරා පැවැති අඩුපාඩුවක් සපුරා ගැනීමකි. බොහෝ විද්‍යාඥයන් තර්ක කරන්නේ විද්‍යාඥයකු වී ක්‍රිස්තු ධර්මය වැනි මැවුම්කාරයකු ගැන කියවෙන දේවාවාදී  විශ්වාසයක එල්බගෙන සිටිය නොහැකි බවටය. විද්‍යාත්මක චින්තනය තුළ ආගමින විශ්වාසය නිශේධනය වන බවට ද බොහෝ දෙනා තර්ක කරති. එහෙත් විශ්වයේ ඈත කොන් වල පවතින ග්‍රහලෝකවල ජීවය සෙවීමට වෙහෙසෙන විද්‍යාඥයන් සිටින  මේ සමයේ පවා කිතුනු විශ්වාසයට සාක්ෂි දරන ඉහල පෙලේ විද්‍යාඥයන් රැසක් සිටින බවට මෙම සංගමය හා මෙම සම්මන්ත්‍රණය සාක්ෂියකි. සංගමයේ අරමුණ "විද්‍යාඥයාගේ කැඳවීම සහ ඇදහිල්ලේ ජීවිතය අතර සුසංගත බවට සාක්ෂි දැරීම" යි.කතෝලික විද්‍යාඥයන් අතර සහෝදරත්වය වර්ධනය කිරීම, විද්‍යාව හා ඇදහිල්ල පිළිබඳව පැනනගින ගැටළු සාකච්චා කිරීම හා ඒ පිලිබඳ මුලාශ්‍රයක් වීම හා ඒ අතර ම කතෝලික ඉගැන්වීම අනුසාර කිරීම සංගමයේ කටයුතු අතර වේ.

"ජීවය සහිත වෙනත් ග්‍රහලෝක විශ්වයේ ඈත ප්‍රදේශවල තිබේ ද? ඇතැම් විට මෑතකදී සොයාගනු ලැබූ 'බහිස්-ග්‍රහලෝක (exoplanets) වල වත්? ඇත්තෙන් ම, මේ විශ්වය හැර තවත් විශ්ව තිබිය හැකිද?" මේ මෙම විද්‍යාඥයන් ගේ නැණැස යොමු වන මාතෘකා අතර කිහිපයකි.

සම්මන්ත්‍රණයේ තේමා දෙසුම දෙනු ලබන්නේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන භෞතික විද්‍යාඥ මරිස්සා මාර්ච් විසිනි. "ඓහික ලෝකය තුළ කතෝලික විද්‍යාඥගේ කැඳවීම: අපගේ කැඳවීම කුමක් ද? අපගේ අනන්‍යතාව කුමක් ද?" යන්නයි.

ජෛව රසායන මහාචාර්ය වරයකු වන ප්‍රන්සිස්කාන නිකායික ජෝකිම් ඔස්ටර්මන් පියතුමා, වතිකාන ග්‍රහලෝක නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජේසු නිකායික ගයි කොන්සොල්මඥෝ සහෝදරතුමා, හාර්වර්ඩ් සරසවියේ තරකා විද්‍යාඥ කරින් ඔබර්ග් දේශන පවත්වන කතෝලික විද්‍යාඥයන් අතර වෙති.

විශ්වයේ සම්භවය හා පරිනාමය පිලිබඳ දේශනය පවත්වනු ලබන්නේ කතෝලික නොවන භෞතික විද්‍යාඥයකු වන කේම්බ්‍රිජ් සරසවියේ ජෝන් බැරෝ විසිනි. තමා සහ නෝම් චොම්ස්කි විසින් සොයාගන්නා ලද මානව භාෂාවේ සම්භවය පිලිබඳ සංකල්ප ගැන රොබර්ට් සී. බර්වික් විසින් කරුණු දැක්වීමට නියමිතයි.

සම්මන්ත්‍රණය 23 වනදා දක්වා පැවැත්වේ.

මෙම විද්‍යාඥ සංගමයේ රදගුරු උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ පිලදෙල්පියාවේ චාර්ල්ස් චපුට් අගරදගුරු හිමිපාණෝ යි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය