සුදොතුම් පියතුමා ගේ ඊජිප්තු ගමන ඉතා දැඩි ආරක්ෂක විධි විධාන මැද

Holy Father's Egypt trip under heavy security


(201 7 අප්‍රේල් 28)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊජිප්තුවේ සිය අපෝස්තලික ගමන නිමවා අද (අප්‍රේල් 28) කයිරෝ වේලාවෙන් සවස පහට පමණ පෙරළා වතිකානය බලා පිටත් විය.

එතුමා ගේ ඊජිප්තු සංචාරය ආරම්භ වුයේ අප්‍රේල් 27 වැනිදායි.

කයිරෝ ගුවන් තොටුපලේ දී පිළිගනු ලැබීමෙන් පසුව සුදොතුම් පියතුමා මුලින් ම ගියේ ලොව සුන්නි මුස්ලිම් ජනතාව ගේ ගෞරවයට ලක්ව ඇති අල්-අසාර් විශ්ව විද්‍යාලයටයි. එහිදී එහි ප්‍රධාන ඉමාම් තුමා වන එල්-තයෙබ් ඉමාම් තුමා විසින් පිළිගනු ලැබූ එතුමා ඒමේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙමින් තිබූ ජාත්‍යන්තර සාම සම්මන්ත්‍රණය ඇමතුවේ ය.

 ඒ පිලිබඳ තොරතුරු මෙතැනින් කියවන්න.ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ ආගමික වෙස්මුහුණු ගැලවීම ආගමික නායකයන් ගේ වගකීමක්" - සුදොතුම් පියතුමා ඊජිප්තුවේ දී

ජනාධිපති එල්-සිසී මහතා මුණ ගැසුණු එතුමා එරට සිවිල් සේවකයන් අමතා කතා කළේය. එදින එතුමා ගේ අවසන් කාර්යය වූයේ ඊජිප්තු කොප්ටික් සභාවේ නායක දෙවන තවාද්‍රෝස් පේත්‍රියාක් තුමා හමුවීමයි. මෙහිදී එම කතෝලික රදගුරු හිමිවරුන් අමතා කතා කිරීමට අමතරව එතුමා තවත් වැදගත් අවස්ථා දෙකකට සහභාගී විය.

ඉන් එකක් වූයේ ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ තවාද්‍රෝස් පාප් වහන්සේ අතර ගිවිසුමක් අත්සන් තැබීමයි. සභා දෙකේ  විශ්වාසිකයන් එක් සභාවකින් අනෙක් සභාවට ඇතුළුවන්නට තීරණය කල විට යලිත් වරක් ප්‍රසාද ස්නාපනය නොකොට ඔවුන් සභාවට ඇතුලත් කර ගැනීමට මේ මගින් නායක දෙපොල ගිවිස ගත්හ. විචාරකයන් පවසන්නේ මෙය මෙම සභා දෙකේ එකමුතුව සනිටුහන් කරන තවත් වැදගත් සන්ධිස්ථානයක් බවයි.

කියවන්න:ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාප් වහන්සේ හමුවෙයි

සෙනසුරාදා සුදොතුම් පියතුමා ගේ ප්‍රධාන කාර්යය වුයේ කයිරෝවේ ගුවන් ආරක්ෂක ක්‍රීඩාංගනයේ පැවැති දිව්‍ය පූජාවයි.

කියවන්න:"කිතුනුවන් ගේ එකම ධර්මෝන්මාදය: පිරිවැය නොතකා ප්‍රේම කිරීම පමණයි"- කයිරෝ නුවර රැව් දුන් ප්‍රේමයේ පනත

සුදොතුම් පියතුමා ගේ මෙම සමස්ත චාරිකාව සිදු වූයේ අතිශය දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේ යි.

එතුමා ගිය ගමන් මාර්ග වල අහසේ නිතර හෙලිකොප්ටරයක් පියාසර කරමින් තිබිණ. විශේෂයෙන් ම දිව්‍ය පූජාව පැවැත්වෙන් අවස්ථාවේ මෙම විධි විධාන ඉහලම මට්ටමින් ක්‍රියාත්මක විය.

නිල ඇඳුමින් සේ ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීහු විශාල සංඛ්‍යාවක් ජනතාව අතරට යොදවා තිබිණ. සන්නද්ධ ආරක්ෂක භට පිරිස් උස් ගොඩනැගිලිවල වහල හා තාප්ප මත නැගී විමසිල්ලෙන් සිටිනු දක්නා ලදී. දැඩි ලෙස සන්නද්ධ වූ හමුදා සෙබළුන් සහ කළු ඇඳුමෙන් සැරසුණු විශේෂ බලකා භටයෝ වසා දැමුණු මාර්ග හා වීදි දිගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලැබ සිටියහ. කෙසේ නමුදු තම ආරක්ෂාවට වඩා ජනතාව අතරට යාමට රුචියක් දක්වන සුදොතුම් පියතුමා දිව්‍ය පූජාවෙන් පසුව ගොල්ෆ්-කරත්තයක නැගී ක්‍රීඩාංගනය වටා යමින් ජනතාවට සිය සෙනෙහස පෙන්වීය.  වෙනත් රටවල මෙන් නොව ඊජිප්තුවේ දී ජනතාව එතුමාට බොහෝ සෙයින් සමීප වීම සීමා කර තිබිණි.

මෙම ගමනේ දී සුදොතුම් පියතුමාට පූර්ණ ආරක්ෂාව සපයන බවට එරට ජනාධිපතිවරයා සහ මුස්ලිම් නායකයන් සහතික වී තිබිණ.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය