"පාප් වහන්සේට තර්ජනය කල පිරිසක් අත්අඩංගුවට; ඒත් නිශ්චිත කුමන්ත්‍රණයක් නොවේ" - ඉතාලි පොලිසිය

Suspected Jihadists arrested for threats against Pope Francis -Italian police 



අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රැන්සිස් පාප්වහන්සේට තර්ජනය කල පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලිසිය අද පැවසීය. ජිහාඩ්වාදීන් වන මොවුන් "අතිශයින් අනතුරුදායක " පුද්ගලයන් බව පොලිසිය සඳහන් කෙළ්ය. එහෙත් එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ඔවුන් "නිශ්චිත කුමන්ත්‍රණයක හවුල්කරුවන් බවට " මෙතෙක් හෝඩුවාවක් නොමැති බවයි.

දෙසැම්බර පළමුවැනිදා ඉතාලියේ සහ කොසෝවෝවේ  දී  පොලිසිය කල වැටලීම් වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත්  බව උතුරු ඉතාලි  පොලිසියේ ප්‍රධානී  කාමිනේ එස්පොසිටෝ ප්‍රකාශ කළේය. බ්‍රෙසියා, වින්සෙන්සා සහ පෙරුගියා යන නගරවල දී මෙම වැටලීම් සිදු කෙරින.

එස්පොසිටෝ කියා සිටියේ මෙම සැකකරුවන් කණ්ඩායම ඉතා අනතුරුදායක කණ්ඩායමක් බවයි. ඔවුන් සමාජ ජාල ඔස්සේ ජිහාඩ් යුද්ධ ප්‍රචාරය කරමින් සිටි බව ඔහු සඳහන් කළේය. ඔවුන්ට සිරියාවේ ජිහාඩ්වාදීන් සමග සම්බන්ධතා තිබූ බවට ද සැක මතු වී තිබේ. ඇමෙරිකාවේ FBI විමර්ශන අංශය විසින් ලබා දුන් තොරතුරක් මත ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ අතරින් දෙදෙනකු ඉතාලියෙන් පිටුවහල් කර තිබේ. තුන්වැන්නා කෙරෙහි දැඩි සෝදිසියෙන් පසු වීමට නියෝග කෙරින. කොසොවෝවෙන් අත්අඩංගුවට ගත් සිව්වැනි සැකකරුවා එම කණ්ඩායමේ නායකයාය. ඔහුට සිය රටින් පිට ප්‍රහාර වලට සම්බන්ධ වී අත්දැකීම් ඇත්තෙකු බව පොලිසිය කියයි.

වතිකානයට ත්‍රස්තවාදී තර්ජනයක් ඇති බව ඇමෙරිකාව ඉකුත්දා ප්‍රකාශ කළේය.

වතිකානයේ රාජ්‍ය ලේකම් අති උතුම් පියෙට්‍රෝ පැරොලින් කාදිනල් හිමිපාණන් කියාසිටියේ එවන් තර්ජන ඇති නමුත් ඒ නිසා වතිකානය බියෙන් නොහැකිලෙන බවයි.

කියවන්න:"ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනය තිබෙනවා. එහෙත් ශුද්ධාසනය බියෙන් හැකිළෙන්නේ නැහැ" - වතිකාන රාජ්‍ය ලේකම් කියයි

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය