එය දැන් ස්ථිරයි! කල්කටාවේ තෙරේසා මව්තුමිය සාන්තුවරයට!

Praise the Lord! Mother Theresa is going to be canonized 



(2015  දෙසැම්බර 18)
වසර ගණනාවක් නොඉවසිල්ලෙන් බලා සිට, මාස ගණනක් පුරා මුවින් මුව කටකතාවක් සේ ගලා ගිය ඒ ප්‍රාර්ථනය දැන් ඉටු වී තිබේ. කල්කටාවේ තෙරේසා මව් තුමිය ගේ මැදිහත්කමින් සිදු වූ දෙවැනි ප්‍රාතිහාර්යය නිල වශයෙන් පිළිගනිමින් එතුමිය සාන්තුවරයට එසවීමට සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ තීරණය කර තිබේ. පාප් වහන්සේ මෙම තීරණය ගත්තේ උන්වහන්සේ ගේ උපන් දිනය ද  යෙදී තිබූ දෙසැම්බර 17 වනදා  වතිකානයේ සාන්තුවර ක්‍රියාමාර්ග භාර පර්ෂදයේ ප්‍රධානී අති උතුම් ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

තෙරේසා මව් තුමිය ඉක්මණින් සාන්තුවරයට එසැවෙනු ඇතැයි මෑතක සිට උණුසුම් කතා බහක් සිදුවෙමින් තිබිණ. මෙම කතා බහ වඩාත් උණුසුම් වූයේ එතුමියගේ මැදිහත්කමින් සිදුවූ බවට ප්‍රකාශ වූ දෙවැනි ප්‍රාතිහාර්යයක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වීමත් සමග ය.

බ්‍රසීල ජාතිකයකු කලක් තිස්සේ පීඩා විඳිමින් සිටි ප්‍රතිකාර මගින් සුව කල නොහැකි බව ප්‍රකාශ වී තිබූ මොලයේ විස්ඵොටයක් විස්තර කල නොහැකි ලෙස සුවපත් වීම මෙම ප්‍රාතිහාර්යයි. මෙම බලාපොරොත්තු විරහිත මොහොතේ තමා තෙරේසා මව් තුමියගේ මැදිහත්කම පතා ගිය බව එම පුද්ගලයා ප්‍රකාශ කරයි. මෙම 'සුවපත්වීම' බ්‍රසීල සභාව විසින් වතිකානයට දන්වන ලදුව, වතිකානයේ සාන්තුවරයන් පිලිබඳ සභා පර්ෂදය විසින් එය වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඇතුළු ගැඹුරු පරීක්ෂණයකට යොමු කෙරින. මෙම දීර්ඝ අධ්‍යයනයේ ප්‍රතිඵල ඉකුත් දා පැවැති එම පර්ෂදයේ නිල රැස්වීමකදී පාප් වහන්සේ වෙත පිළිගන්වනු ලැබිණ. තෙරේසා මව් තුමිය සාන්තුවරයට එසවීමට සුදොතුම් පියතුමා තීරණය කලේ පර්ෂදයේ ප්‍රධානි කාදිනල් අමාතෝ හිමිපාණන් සමග ඊයේ පැවැති පෞද්ගලික හමුවේදී ය.

තෙරේසා මව්තුමිය සාන්තුවරයට පත් කිරීමේ දිනය මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත. කෙසේ නමුත් 2016 සැප්තැම්බර 4 දින එය සිදුවෙමට ඉඩ ඇති බව වතිකාන ආරංචි මාර්ග පවසයි. දේව දයාවේ  සංකේතයක් වූ එතුමිය දයාවේ ශුද්ධ වසරේ වැදගත් දිනයක සාන්තුවරයට එසැවීම කෙරෙහි පාප් වහන්සේ ගේ අවධානය යොමු වී තිබිණි. සැප්තැම්බර 4 වැනි දිනට යෙදී ඇත්තේ දයාවේ සේවක හා ස්වේච්ඡා සේවක සේවිකාවන්ගේ දිනයයි. තෙරේසා මව් තුමිය ස්වර්ගස්ථ වූයේ 1998 සැප්තැම්බර් 5 වනදා වන අතර දැනට භාග්‍යවන්ත තත්වයේ සිටින එතුමියගේ මංගල්‍යය ද එදිනට යෙදී තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන සැප්තැම්බර 4 වනදා එතුමියගේ සාන්තුවර භාවය යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය