"දුෂණය මලකුනක් සේ දුගඳයි; අවලස්සනයි. දුෂිත කිතුනුවා කිතුණුවෙක් නොවේ!" සුදොතුම් පියාණන් ගෙන් දැඩි අවවාදයක්

“Corruption stinks! Depriving people of a job leads to crime” Warns the Holy Father

 (2015 මාර්තු 24)
"දුෂණය ගඳයි."-ස්කැම්පියා වැසියන්ට පාප්වහන්සේ පැහැදිලි කල අයුරු 
විරැකියාව, සාංක්‍රමණික ප්‍රශ්න, දුප්පත්කම  සහ මේ සියල්ලට පාර කපන දුෂණය වැනි ගැටළු රැසකින් පීඩා විඳින නාපොලියේ ස්කැම්පියා ප්‍රදේශයේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ දුෂණය දැඩි ලෙස හෙළා දකිති. එහිදී තමන් වටකරගත් ප්‍රදේශවාසීන් අමතමින් පාප් වහන්සේ කියා සිටියේ දුෂණය බොහෝ පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි. ඉකුත් සති අන්තයේ නාපොලි පදවියේ සිදුකල සංචාරයේදී උන්වහන්සේ ස්කැම්පියා ප්‍රදේශයට ද පැමිණියහ. 




"ලෝකයේ කෙතරම් නම් දුෂණයක් තිබෙනවා ද? එය ඉතා අවලස්සන වචනයක්. මන්ද දුෂිත වූ  ඕනෑම දෙයක් අපවිත්‍ර සහ අවලස්සන (කැත; හපුටු  ) නිසයි.අපට දුෂ්‍ය වූ සතකු හමු වුනොත් එය පිළිකුල් සහගතයි. අවලස්සනයි. එය දුගඳයි. එසේම දුෂණයත්  ගඳ ගසන සුළුයි. දුෂිත සමාජය ද ගඳ ගසන සුළුයි. තම ආත්මය දුෂණයෙන් කිලිටි කරගන්නා කිතුනුවා කිතුණුවෙක් නොවේ. ඒ තැනැත්තා අවලස්සනයි. ගඳ ගසන සුළුයි, " යැයි සෙනග මැද පුංචි වේදිකාවක සිට ගත් උන්වහන්සේ අවධාරණය කළහ. 



උන්වහන්සේ සිය දේශනය අවසන් කලේ "එබැවින් අපේ ආත්ම, අපේ නගරය, අපේ සමාජය ගඳ ගැසීම නතර කිරීම සඳහා , අපේ ආත්ම, අපේ නගරය, අපේ සමාජය පවිත්‍ර කිරීමෙහි නොකඩවා නිරත වෙමු," යයි සියල්ලනට ආරාධනාවක් හා අභියෝගයක් කරමිනි.

මෙම දේශනයේදී උන්වහන්සේ ස්කැම්පියාව මුහුණ දෙන ප්‍රශ්න ගැන එඩිතරව හා ව්වෘතව කතා කළහ. තරුණ විරැකියාව හා අඩු වැටුප් ගෙවීම උන්වහන්සේ ගේ විවේචනයට ලක්වූ එක කරුණකි. "දවසට පැය    එකොළහ බැගින්  වැඩ ගෙන විශ්‍රාම වැටුපක් හෝ නැතිව යුරෝ හයසියයක වැටුපක් ගෙවන්න? මෙය වහල් කම මිස ක්‍රිස්තියානි කම නොවේ. මේවා පිළිබඳව අප නිහඬව නොසිටිය යුතුයි" යයි සුදොතුම් පියාණෝ අවධාරණය කලහ. "තරුණයන් කසල මෙන් ඉවත් කොට ඔවුන්ට රැකියා අහිමි කරමින් , එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය ආදායමක් උපයාගැනීමේ හැකියාව ඔවුන්ගෙන් ඉවත්කරන " ආර්ථික ක්‍රමය උන්වහන්සේ හෙලා දුටහ. "විරැකියාව ජනතාවගේ ආත්ම අභිමානය උදුරා ගන්නා " බව සුදොතුම් පියාණෝ  පෙන්වා දුන්හ.

සුපුරුදු ලෙස ස්කැම්පියා දරුවෝ  පාප් වහන්සේ වටකර ගත්හ.

නාපොලිය සංකීර්ණ සහ ඛේදනීය සිද්ධිවලින් පිරි අතීතයක් සහිත නගරයක් බව උන්වහන්සේ සිහිපත් කළහ. එහෙත් ඒවා පරයා ඉහල නගින නගර වැසියන්ගේ බලාපොරොත්තුවට  පාප්වහන්සේ ප්‍රශංසා කළහ. ජනතාව තුල ඇති නොසිඳෙන ප්‍රීතියට හේතුව එම බලාපොරොත්තුවයි. "එබැවින් බලාපොරොත්තුව  සොරාගැනීමට කවරකුටවත් ඉඩ නොදෙන්නැයි" ප්‍රැන්සිස් පාප් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.




සාංක්‍රමනිකයන් දෙවන පන්තියේ මානවයන්  නොවන බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියානෝ පැවසුහ. ඒ සියල්ලෝම පුරවැසියන් ද දේව දරුවන් ද බව උන්වහන්සේ පෙන්වා දුන්හ. 

පසු සටහන: අප වෙත හැරෙමු. අප, අපේ ආත්මය දුෂණයේ දුගඳින් තොර ද? අපේ සමාජය, අප සේවා කරන ආයතනය, දෙපාර්තමේන්තුව, සංස්ථාව, අමාත්‍යාංශයේ තත්වය කුමක් ද? අපේ කතෝලික දේශපාලකයන්, සිවිල් සේවකයන්, කලා කරුවන්, නීති, වෛද්‍ය ආදී විවිධ ජන සේවා වල නිරත වුවන් ගැන කිව හැක්කේ කුමක් ද?

 "මේවා පිළිබඳව අප නිහඬව නොසිටිය යුතුයි" යයි සුදොතුම් පියාණන් අවධාරණය කරනවා. අපි කුමක් කරමු ද? 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය