දෙව්මැඳුර (සභාව) 'ජේසු ගේ නිවසයි' - එය සියල්ලන්ට විවෘත විය යුතුයි.

Pope: Be merciful, do not close the doors of the heart

"දෙව්මැඳුර (සභාව)  'ජේසු සමිඳුන් ගේ නිවසයි.එය සියල්ලන්  පිළිගන්නා දයාවේ සහ කරුණාවේ නිවසයි. එබැවින් එය ඊට ඇතුළු වීමට උත්සාහ දරන්නන්ට  කිතුනුවන් විසින් දොරගුළු දමා වසා තැබිය යුතු ස්ථානයක් නොවේ." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ සිය සාන්තා මාර්තා නිවහනේ දෙව්මැදුරේ උදෑසන දිව්‍ය පුජාවේ අනුශාසනය කරමිනි.
සඳුදා දිව්‍ය  පුජාවේ සුවිශේෂය (ජොහාන් 5:1-16) පාදක කරගනිමින් පාප්වහන්සේ මෙම අනුශාසනය කලහ. එදින සුබ අස්නට ඇතුලත් වුයේ ජේසු සමිඳුන් අංශභාග රෝගියා සුවපත්  කිරීමේ සිද්ධියයි.

පාප් වහන්සේ ගේ දේශනයේ සාරාංශය වුයේ ජේසු සමිඳුන් තමන්වහන්සේ සොයන ඕනෑම කෙනෙකු සාදරයෙන් පිළිගන්නා කෙනකු බවයි. විශේෂයෙන් තමන්ට බොහෝ දුරින් සිටින්නන් හෝ තමා ළඟ සිට ඈත්ව ගියවුන් පිළිගැනීමට උන්වහන්සේ බලා සිටිති. එහෙත් කිතුනුවන් සභාවේ දොරට තට්ටු කරන ජනතාවට ඇතුළු වීමට නොදී දොරගුළු වසාගන්නේය යන්න උන්වහන්සේ ගේ පණිවිඩයයි.

"ඇතැම් කිතුනුවන් සෙසු අයට මෙසේ පවසනවා: 'ඔබ මෙන්න මතන වැරද්දක් කළා . ඒ නිසා ඔබට ඇතුළු වෙන්නට බැහැ' කියලා. මේ අන්දමට ශුද්ධාත්මයානන් විසින් ජනතාවගේ හදවත්වල කරණ වෙනස, කිතුනුවන්,  තමන් නීති ආචාර්යවරුන් යයි සිතා ගෙන විනාශ කරනවා, " ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියහ.
"මෙය ජේසු සමිඳුන් ගේ නිවසයි. උන්වහන්සේ ඊට ඕනෑම අයකු පිළිගනියි. නිවසට පිලිගන්නවා පමණක් නොවේ. උන්වහන්සේ තුවාල වුවන් රෝගීන් සොයා පිටතට යනවා.හරියට අංශ භාග රෝගියා සොයා ගියා වගේ.  එසේ ගොස් තුවාල වුවන් හමුවූ විට ඔවුනට දෝශාරෝපනය කරන්නේ නැහැ. ඔවුන් සිය කර මත තබාගෙන ඔසවා ගෙන එනවා. දේව දයාව යනු එයයි" යයි පාප් වහන්සේ පෙන්වා දුන්හ.

දයාව (Mercy) වූ කලී ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ධුර සමයේ අනන්‍යතාවයි. උන්වහන්සේ මේ තේමාව මගින් උත්සාහා කරන්නේ ජේසු සමිඳුන් කළා සේ දැඩි 'සභා නීතියට ' වඩා මෘදු වූ "දයාව' මගින් මානව හදවත් වෙනස් කල හැකිය යන්න පහදා දීමටය. ඒ අනුව සභාව 'සුසිත් ඇති' දෙවිඳුන් සොයන සෑම කෙනකුටම ආදරයෙන් විවර වන ගෙදරක් ය යන්න පහදා දීමටය.

"ශුද්ධාත්මයානන් වහන්සේ හද සසල කිරීම නිසා දේව නිවසට යලි ඇතුළුවන්නට උත්සාහ කරන, යහපත් වන්නට උත්සාහ කරන අයකුට දොරගුළු ලන්නට ඔබ කවරෙක් දැයි " පාප් වහන්සේ ප්‍රශ්න කළහ.

The Church "is the home of Jesus," a house of mercy that welcomes all, and therefore not a place where Christians should close the doors to those seeking to enter. This was the message at the heart of Pope Francis’ homily Tuesday morning at Mass at the Santa Marta guesthouse in the Vatican

It is a message that Pope Francis has repeated many times in the past: that of Jesus who opens the doors to anyone who seeks Him and especially to those far from Him.  But, the Pope laments, some Christians shut out those who knock at the door of the Church.  While Christ offers complete mercy, those who profess to believe in Him sometimes fail Him by closing the door on others.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය